Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බව වාර්තා වේ.
2021 හා 2024 කාලය තුළදී හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට රජයෙන් ගෙවන ලද වැටුප් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිතව බන්ධනාගාර ගත කර සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස ඇප මතය මුදා හැරියාය. රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවද, ඇපකරුවන් ළඟම…
නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන්ගවීගකේග පරණලියන මහතා නියෝග කළේය. මේසේ රිමාන්ඩ්බාරයට පත්කෙරුණේ උප පොලිස් පරීක්ෂක මහානාම සිරිවර්ධනලාගේ දයානන්ද සිරිවර්ධනල පො.සැ.22537 කොම්බුගේ රත්න කුමාර ප්‍රියශාන්ත, පො.සැ.70199 සේපාල ලියනගේ සුසන්තල පො.කො.81823 රත්නායක යන නිලධාරීන් ය. කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී වන නීති විරෝධි මත්පැන් වන කසිප්පු ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතග එහෙත් එම නඩු භාණ්ඩ…
කල්පිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබු මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයෙදී පිරිසක් ඊයේ (16 ) රාත්‍රියේ පහර දී වාහනයට බරපතල අලාභ හානි කර සභාපතිවරයාටද පහර දීමක් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ජාතික ජන බල වේගය පක්ෂයෙන් මෙවර කල්පිටිය ප්‍රදේශීය සභාවට තේරී පත්වු අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් ගනිමින් තිබු මෝටර් රථයට බව කියයි. සභාපතිවරයා තවත් කිප දෙනෙකු සමග ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ ආපසු නොරෝච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදි එම නිවස ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි. ඔහු මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක්ද…
විදේශ රැකියා සදහා ඊශ්‍රායලයට යැවීම නවත්වා තිබෙන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය . නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. මැද පෙරදිග කලාපයේ ගැටුම් කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකේම ලංකාවේ අය ඉන්නවා.ඊශ්‍රායලයේ පිරිස වැඩියි. ගැටුම් උග්‍ර වීම සමග ගුවන් සීමා වහලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයක් ලෙස මැදිහත්වීමක් කරගෙන යනවා. අපේ තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් වැඩකරනවා.අපේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීමයි දෙන්නෙක් ඊශ්‍රායල් වලදී තුවාල ලබා තිබුනා.ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.ටෙල්අවි සදහා යන්න ගියපු ගුවන් මගීන් පිරිසක් අපහසුතාවට පත් වෙලා තිබුණා . ඔවුන්ට ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා ලංකාවට…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු කමිටුව ඊයේ (16) සිට විමර්ශන අවසන් වන තෙක්ම දිනපතා රැස්වීමට තීරණය කර ඇත ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදත් එම කමිටුව හමුවේ පෙනී සිටියේය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු වෙති. පරීක්ෂණ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදි රැස්වී දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ම සාක්ෂි සටහන් කරගත්තේය. කමිටුවේ අවසන් වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට භාර දීමට නියමිතය.
කොළඹ ඇතිවන වෙනස මාස හයක් යනවිට බලන්න යැයි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි බල්තසාර් මෙනවියට හිමිවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. කොළඹ නගර සභාවේ ආදායම පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම කොළඹ ජනතාවට හිමි නොවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නගර සභාවේ සියලු ආදායම ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදිරියේදී යොදවන බවද ප්‍රකාශ කළේය. මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.
කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය. කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද ඔහු සඳහන් කළේය. කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය. “ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවට මිලිමීටර් 50 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
රියදුරු අත්හැර දමා පලා ගිය සුඛෝභෝගි මෝටර් රථය තුළ තිබි රුපියල් කෝටි හතරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තිබී තොගයක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව වෙරළ බඩ පොලිසිය කියයි. එම මෝටර් රථය තුළ තිබී ප්ලාස්ටික් පෙට්ටි හතරක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ගෑම් 112 ක් පොලිස් භාරයට ගෙන ඇත. වෙරළබඩ පොලිස් වසමේ රාත්‍රී යතුරු පැදි සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථය නැවතීමට සංඥා කර ඇති අතර මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් මෝටර් රථය පිටුපස හඹා ගොස් පිටකොටුව රෙක්ල මේෂන් පාර මුහුදු මාවතේදී නවතා රියදුරුගේ බලපත්‍ර පරීක්ෂා කිරීමේදී රියදුරු…
