Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉරාන තෙල් වෙනුවට තේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉරානයට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක හිඟ මුදලින් ඩොලර් මිලියන 119.04 ක මුදලක් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ගෙවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස හය අවසන් වනවිට ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 191 ක හිඟ මුදලක් ලබාගත් තෙල් සඳහා ගෙවීමට තිබී ඇති බවත් මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට එම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 130.96 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2022 වසරේදී ඩොලර් වෙනුවට තේ ලබාදීමේ පොරොන්දුව මත ගිවිසුම්ගතව…
පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය. මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ පුත්තලම කොට්ඨාස පොලිස් මහා මාර්ග යතුරු පැදි ඒකකයේ පොලිසි සැරයන් වරයෙකි. අධික වේගයෙන් කල්පිටිය දෙසින් පැමිණි මෝටර් රථයකට නවතින ලෙස සංඥා කළ ද අන නොතකා එම මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
පොලිස් නිලධාරින්ට ලබා දී ඇති නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් වෙනත් පාර්ශ්ව වලට විකුණූ බවකියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි 38 සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. හොරණ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකා පොලිසියට අයත් නිල ඇඳුම් කොටස් සහ නිල ඇඳුම් සන්තකයේ තබාගෙන සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් එම පොලිස් නිල ඇඳුම් වෙනත් පාර්ශව වලට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව…
සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹිස්ස, සීගිරිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හිටපු කොස්තාපල්වරයෙකු සහ 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම හිටපු කොස්තාපල් වරයාට ඉකුත් පෙබරවාරි මස 17 වැනි දිනට සිත සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීම සඳහා මෙම යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකලේ ද යන්නපිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය. අත්අඩංගුවට පත්වූවන් අතර සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය භාවිතාකර සිට ඇති අතර, ඔවුන් සන්තකයේ කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත. පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. Most
ආණ්ඩුවට එරෙහිව පොදු විපක්ෂය සංවිධාන කරන ” මහා ජන හඬ” ජන රැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී කර වීමට තීරණය කර තිබේ. මෙම ජන රැළිය නුගේගොඩ දී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ හඬ එකතු කිරීමේ පළමු පියවර ලෙස මෙම ජන රැළිය සංවිධාන කරන අතර මෙම රැළියෙන් අනතුරුව අඛණ්ඩව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වෙමින් ශක්තිමත් වැඩපිළිවෙලක් ලෙස ඉදිරියට යාමට නියමිත බව පොදු විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රකාශ කරති.
පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එම මෙහෙයුමේදී පුද්ගලයින් 32,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
“රටම එකට“ ජාතික මෙහෙයුමට අනුව පොලිසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදීම වැටලීම් 987කදී සිදු කර තිබේ. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම හරහා සමස්තයල් ලෙස සැකකරුවන් 971 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කළේ, එහිදී සැකකරුවන් විසි දෙදෙනෙකුට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බවය. ඒමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු ද පුනරුත්ථාපනයට යොමුකර තිබේ.
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක මහතා සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය හඳුන්වා දෙමින් ඉදිරියේදී අපේක්ෂිත ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක නිරත විය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම රජය බලයට පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නැවත ස්ථාපිත කළ බවයි. පසුගියදා අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමඟ නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කෙරිණි.
