Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු…
වරාය සේවකයන්, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රධානම උපකරණය වන ‘ස්ට්‍රැඩල් කැරියර්ස් Straddle Carriers මිලදීගැනීමට ටෙන්ඩර් 5 ක් කැඳවා 4 ක් අවලංගු කර ඇති බවත් පස්වැනි ටෙන්ඩරය ද අවලංගු නොකර වඩාත් කාර්යක්‍ෂම මෙහෙයුම් ක්‍රිියාවලියක් සඳහා ප්‍රමිතියෙන් යුත් ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ මිලදීගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ. පස්වැනි ලංසු කැඳවීම තුළ ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ සම්බන්ධව ලෝක මට්ටමේ සැපයුම්කරු සිටින්නේ යැයි දැනගන්නට ඇති බවත් පසුගිය වසර 5 තුළ උපකරණ 15 ක් හෝ ආසන්න සීමිත ප්‍රමාණයක අත්දැකීම් සහිත කණ්ඩායමකට…
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඊයේ නියම කළාය. නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්‍ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්‍රතික්‍ෂෙප කළ මහේස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය. විත්තිකාර පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදීමට මීට පෙර අවස්ථාවක අධිකරණය සුදානම් වු අවස්ථාවේදී මෙම නඩුව පවරා…
ඉන්දු – ලංකා ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙන් මසකට ලක්ෂ 15ක් ඉතිරි කරදුන් ජීප් රථ
ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙන් ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේන බවට වාර්.ාවේ. යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණි. මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමග එම කුලී පදනමේ වාහන ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර,…
වාහන ආනයනයෙන් රජය බලාපොරොත්තු වූයේ රුපියල් කෝටි 44100ක් නමුත් රුපියල් කෝටි 90,400ක ආදායමක් දැනටමත් ලබාගෙන ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වාහන ආනයනයේදී ආනයනකරුවන්ට මෙම අධිභාරය පනවා ඇත්තේ රට තුළ විදේශ විනිමය රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවද ඔහු කීවේය. අබේගුණවර්ධන මහතා: වාහනවලට දින අනුවක් ඇතුළත සියයට තුනක බද්දක් එකතුවෙනවා. මාස පහක් ඇතුළත සියයට 45 දක්වා යනවා. මේකෙ අවසාන බර යන්නේ පාරිභෝගිකයාට. හම්බන්තොට වරායේ වාහන දහසක් හිරවී තිබෙනවා. අවුරුද්කට වැඩි කාලයක් තිස්සේ. ඉතාමත්ම සුඛෝපභෝගී වාහන. අපේ රටේ මුදල් ඩොලර් වලට ගිහිල්ලා. මේ වාහන…
එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අස්වැසුම කියන්නේ සැබැවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවේ.එය එසේ වන්නට නම් අංග සම්පූර්ණව නිෂ්පාදනය, ආයෝජනය, පාරිභෝජනය,ඉතිරි කිරීම සහ අපනයන කේන්ද්‍රගත වූ ඒකාබද්ධ වැඩසටහනක් තිබිය යුතුයි.සැබවින්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාල අංශ සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.එක ශ්‍රේණිය සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි අප කිව්වාද?ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඔබතුමන්ලා දරුවන්ට ඉගෙන ගන්න අසභ්‍ය වෙබ් අඩවියක් නම් කරනවා.ඒක කලෙත් විපක්ෂයද?ඒක කළේ ඔබතුමන්ලාගේ නිලධාරීන්.අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කිසිසේත් විරුද්ධ වුණේ නැහැ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සහයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත” අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ ඇති මහජන විශ්වාෂය පළුදු කිරීමටත් එමඟින් නීතීයේ අධිපත්‍යයට බලපෑම් කිරීමට උත්සහ කරන නිශ්චිත මෙන්ම ඉලක්කගත විනාශකාරී උත්සහයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේද? යන්න පිළිබඳවද තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇති බවද අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට විඩිදුරටත් දැනුම් දී ඇත. අධිකරණ සේවා සංගමයේ සභාපති පසාන් අමරසේන සහ සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට මේ…
ඉන්ධන වංචාවක් සම්බන්දයෙන් චෝදනා ලැබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයන් 6 දෙනකුගේ වැඩ තහනම් කර, අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගෙ වැඩ අවසන් කළ බව ඌව පලාත් අධ්‍යාපන හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ ඇල්ල ප්‍රාදේශීය සභාවට අනියුක්තව සේවය කළ රියැදුරුන් සිව්දෙනකු සහ ක්ෂේත්‍ර නිළධාරින් දෙදෙනකුගෙ වන අතර අනියම් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත් සේවකයන් පස්දෙනකුගේ සේවය අවසන් කළ බවද හෙතෙම කීය . දිට්වා සුලි කුණාටුව නිසාවෙන් ඇල්ල ප්‍රාදේශීය සභාවේ සේවා කටයුතු සදහා රියැදුරු බලපත්‍ර හිමි මෙම පිරිස අත්‍යාවශ්‍ය සේවා කටයුතු සදහා බදවා ගෙන ඇති බවත් ඔවුන් විසින් අදාල රථවාහන සදහා ඉන්ධන…
ජනවාරි 23 වැනි දා සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇති විමේ හැකියාව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම,වයඹ,උතුරු – මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පැතිර යන ගින්න හේතුවෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් එරට දකුණු පළාතේ කලාප දෙකක ව්‍යසනකාරී තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයින් 20,000ක් පමණ ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ. එරට වණ සංරක්ෂණ ඒජන්සියට අනුව ඊයේ (19) උදෑසන වන විටත් එරට ගිනි නිවන සේවකයින් මෙම දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව ඇති අතර එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ විශාලතම ලැව්ගිනි ඇතිව ඇත්තේ රජය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති උබල් සහ බියෝ ප්‍රදේශවල බවය. මෙම කලාප එරට…
