Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය විජේරාමට වඩා මැදමුලන හොඳ යැයිද ජනතාවගේ ආදරය තිබෙන තුරු මොන වරප්‍රසාද කප්පාදු කළත් කමක් නැතැයිද ඔහු කීවේය හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අද කළ විමසුමකදීය.
අවුරුදු අටක් වයසැති දරුවකු මව සමග එළුවන් බැලීමට අද සවස ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ඉසඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න පදිංචිව සිටි එම්.පී.ලශ්මික හේශාන් යන පිරිමි දරුවකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. දරුවා මව සමග එළුවන් බැලීමට ගොස් ඇති අතර,දරුවා නොමැති විට ඔහු නිවසට ගොස් ඇති බවට සැකසිතූ මව නිවසට ගොස් ඇත. එවිට නිවසේ දරුවා නොසිට ඇති අතර මව ඉසැඩ්.ඩි.ඇල ප්‍රදේශයට ගොස් දරුවා ප්‍රදේශවාසීන් සමග සොයා ඈත. පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් දරුවාගේ සිරුර ඉසෙඩ්. ඩී.ඇලේ තිබී සොයා ගැන ඇති බව වැලිකන්ද…
කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාව තුළ තිබූ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. සීසී ටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අවි ගබඩාව තුළට ගොස් පොලිස් හිස් වැසුමෙහි යමක් සඟවාගෙන එන අයුරු අනාවරණය වීමෙන් පසු පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. එම පොලිස් සැරයන්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම ගිනි අවිය සහ උණ්ඩ මාවතකම ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී ඇතිි බවට තොරතුරු අනාවරණය වී ඇත. අනතුරුව භට නිවාසයේ එම සැරයන්වරයාගේ කාමරයේ යකඩ කබඩ් එකක් තුළ සඟවා තිබූ ජීව අත් බෝම්බයක් සහ අත් විලංගු යුවළක්ද පොලිසිය සොයාගෙන ඇත.
දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය ඔහු මෙසේ පැවසුවේ මහතා බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතා හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු මහතා අයි.එන් කොඩි තුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද පාර්ලිමේන්තු මන්ත්‍රී බී රාද ක්‍රිස්ණන් මහතා 2006 වර්ෂයේදී…
බස්නාහිර, සබරගමව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී නොතිබුණි. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පවතී. යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත සම්මත කර මේ වන විට වසර 25ක පමණ කාලයක් ගතවී ඇති බැවින් මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්ථනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. ඒ අනුව ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව එම ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබු…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දශක ගණනාවක් තිස්සේ අලුත්වැඩියා හා යාවත්කාලීන කිරීම් සිදු නොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම්, රියදුරු – කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති මේ වන විට ඉතා අබලන් තත්ත්වයකට පත්ව ඇත. එම තත්ත්වය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ භාවිත කරනු ලබන මගී ජනතාවට මෙන්ම රියදුරු හා කොන්දොස්තර මහත්වරුන්ට සහ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. එබැවින්, පිටකොටුව මධ්‍යම බස්රථ නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම හා වර්තමානයට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම දැඩි…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) කැඳවනු ලැබීය. ඉන් අනතුරුව එම නඩුවට අදාළව විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීම සිදුකර ඇත. අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබේ. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන…
ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ බෑගයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 8 ක් සහිත පතුරන් ගැබක් සොයා ගත් බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. ගුවන්තොටුපොල සේවකයන් ගුවන්තොටුපළට ඇතුළුවන දොරටු වෙහි ස්කෑන් යන්ත්‍රයට මෙම පතුරන් ගැබ හසු වී ඇති බව පොලිසිය කියයි. කෙසේ වෙතත් පොලිසිය කළ සොයා බැලීමකදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම වෛද්‍යවරයාට එම ගිනි අවියක් සහ උණ්ඩ 15 කට ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට බලපත්‍ර ලබා දී ඇති බව අනාවරණය වී ඇත. ගුවන්තොටුපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
