Author: LANKA24X7

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විමර්ශන සිදුකිරීම සඳහා පත් කිරීමට නියමිත කමිටුවේ සාමාජිකයෙකු සඳහා නම් ලබාදෙන ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරියට සහ විපක්ෂනායක වෙත දැනුම්දී තිබේ. අදාළ දැනුම්දීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වෙයි. ස්ථාවර නියෝග අනුව අදාළ කමිටුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂනායකගේ එකඟතාව මත සාමාජිකයෙකු පත්කළ යුතු වෙයි. මෙම කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු පත්කළ යුතු අතර තවත් සාමාජිකයෙකු අගවිනිසුරුවරයා විසින් නම් කළ යුතුව ඇත. එමෙන්ම කමිටුවේ ස්ථීර සාමාජිකයෙකු ලෙස පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා කටයුතු කරනු ඇත.

Read More

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාමාන්‍යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Read More

නව විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතව තිබේ. මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබා දීම මෙතෙක් පැවැති සම්ප්‍රදාය බව සඳහන්ය. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවය.

Read More

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබාදෙන ආධාර මුදල ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම් දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනැමේ. තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/-ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින්…

Read More

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයෙකි. සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරිය විවෘත කිරීමට යාමේදී උපසේවක ලෙස කටයුතු කළ නිලධාරියා එය වැළැක්වීමට යාමේදී ඔහු සමග පොර බැඳීමක්ද සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 19 සහ 24 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය. සැකකරුවන් කුලී ගමනක් සඳහා මෝටර් රථයක් අවශ්‍ය බව දුරකථන ඇමතුමක් දී එය වාද්දුව ප්‍රදේශයට ගෙන්වා පානදුර ඉන්ද්‍රජෝති මාවතේ පාළු ප්‍රදේශයකදී රියදුරුවූ විශ්‍රාමික යුද හමුදා සෙබළාට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රියදුරු සතුව තිබූ රන් මුද්දක්ද කොල්ලකා රියදුරු පන්නා දමා මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කීය.

Read More

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. අද (22) මෙම අනතුර සිදු වි ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදිය. ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ඇත.

Read More

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අප්‍රේල් 17 වෙනිදා පෙරවරු 9.30ට අල්ලස් කොමිසමේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු නිවාඩු සමයේ තමා කොළඹ නැති හෙයින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබිණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ලබන 25 වැනිදා රනිල්…

Read More

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපදෙස් ලබාදී ඇත. ඉතිරි 3000 ක නිලධාරීන් දෙසැම්බර් මාසයේදී බදවා ගැනීමටත් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි. පොලිස් ස්ථානාධීපතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සදහා ඔන්ලයින් ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සදහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරිමටත් අවධානය යොමුවී ඇති බවය.

Read More

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව අඩම්පන් පොලිසිය පවසයි. පොලිසිය සන්තකයේ තිබූ රාජකාරී ගිනි අවියෙන් ටිපරයේ රෝදවලට වෙඩි ප්‍රහාර 4 ක් පමණ තබා ඇති බව පොලිසිය කියයි. සැකකරුවන් කොටිකටුවිආරු රක්ෂිතයේ ඉඩමක නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදුකර ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අඩම්පන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More