Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට වැඩි තරමාක තද වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.

Read More

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දූෂණය කර මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් 07 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය. අභියාචනා පෙත්සම් විභාගය අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්විණි. මෙම සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රධාන විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර්…

Read More

ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ ප්‍රශ්න කිරීමේදී තවත් උන්ඩ 12 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම උන්ඩ සොයාගෙන ඇත්තේ මන්නාරම වෙල්ලම් කුලම් ගොවිපොළක සඟවා තිබියදීය. ඉෂාරා සෙව්වනදිට පලායාමට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13 කු අත්අඩංගුවට ගෙන ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ අතර හිටපු සැකකාර එල් ටි ටි ඊ සාමාජිකයකුද වන බව පොලිසිය පොලිසිය කීය. එම සැකකරුට ගිනි අවි ලබා දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අඩංගුවට ගෙන ඇත. එල් ටි ටි ඊ සංවිධානය පරිහරණය කළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් මීට පෙර සොයාගත් අතර ඊට යොදන උණ්ඩ 12ක් අද සොයාගත්තේය.

Read More

ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළි දැක්වීම මෙහිදී සිදු විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වේ.

Read More

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (06) දින නියම කළේය. මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙහිදී පැමිණිල්ල විසින් මෙම නඩුකරයට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වයට භාරදුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 12 වනදා කැඳවන ලෙස නියෝග කළේය. රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස…

Read More

දශක කිහිපයක සිට තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට ඡන්ද අයිතිය සහ පූර්ණ පුරවැසිභාවය ලබාදෙන ලෙස පාට්ටාලී මක්කල් කච්චි නිර්මාතෘ එස්. රාමදාස් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩුවේ ජීවත්වෙන ශ්‍රී ලාංකික සරණාගයින් බොහෝ පිරිසක් ඉන්දියාවේ ඉපදී එහි හැදී වැඩී ඇති බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පසු ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික දමිළ ජනතාවක් නිවාස සහ ජීවනෝපායන් අහිමි වී තමිල්නාඩුවට සංක්‍රමණය වූ බව රාම්දෝස් පැවසීය. ඊයේ (05) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “2009 යුද්ධය අවසන්වීමෙන් පසුව පවා දහස් ගණනක් මෙහි රැකවරණය පතා දිගටම රැඳී සිට ඇත. අද වනවිට ලක්ෂයකට ආසන්න දමිළ ජනතාව තමිල්නාඩුවේ…

Read More

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980ක් ඊයේ (5) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මෙසේය.

Read More

පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. මෙම ගින්න ඊයේ (05) රාත්‍රී 8.30ට පමණ ඇතිව තිබෙන අතර පසු දින අලුයම් කාලය වන තුරුත් ගින්න පැවැති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. මෙම කර්මාන්තශාලාව තුළ ගිනිපෙට්ටි, හඳුන් කූරු හා ඉටිපන්දම් විශාල වශයෙන් ගබඩා කර තිබීම හේතුවෙන් ගින්න නිවා දැමීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලිසිය කියයි. පල්ලේකැලේ පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව සහ මහනුවර නාගරික ගිනි නිවන ඒකකය මැදිහත්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි. මෙම ගින්න විදුලි කන්දුවක් හේතුවෙන් ඇතිවූවක්ද එසේත් නොමැති නම් වෙනයම් හේතුවක්…

Read More

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මිය ගියේය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවෙ පොලීසිය සඳහන් කළේය. එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණි. තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12,16,19 සහ 27 යන වයස්වල පසුවූ මාකොළ හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. අදාළ පුද්ගලයින් සමග දියනාමින් සිට දිවි බේරාගත් දරුවෙකු සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෙසේ අදහස්…

Read More

එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එප්පාවල ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී රුපියල් කෝටි දෙකකට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග එප්පාවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා එප්පාවල ප්‍රදේශයම පදිංචි 54 හා 22 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල “රටම එකට – ජාතික මෙහෙයුම” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැටලීම සිදු කර තිබුණි. මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් පුරා…

Read More