Author: LANKA24X7

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.

Read More

දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බවය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය. ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (10) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වේ. එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරනු ලබයි. නඩු විභාගය අද ආරම්භ වූ අවස්ථාවේදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සිය වැඩිදුර දේශන ඉදිරිපත්…

Read More

තම රටෙහි යටිතල පහසුකම් වෙත එල්ල කෙරෙන එක්සත් ජනපද – ඊශ්‍රායල් ප්‍රහාර නතර නොකර දිගටම පවත්වාගෙන ගියහොත් ලෝක වෙළඳ පොලෙහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ත් ඉක්මවිය හැකි බවයි ඉරානය අනතුරු අඟවා ඇත්තේ. එම අගය දීර්ඝ කාලයක් පැවතිය හැකි බවත් ඉරාන නිලධාරීන් දැඩි අනතුරු ඇඟවීමක් කළහ. CCTV ප්‍රවෘත්ති වලට අනුව, ඉරානයේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක මාර්තු 8 වන දින වීඩියෝ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට මේ පිළිබඳව සෘජුවම අනතුරු ඇඟවීය. “බොරතෙල් මිල බැරලයකට ඩොලර් 200 ට වඩා ඉහළ යාම ඔබට ඉවසිය හැකි නම්, මෙම ක්‍රීඩාව දිගටම කරගෙන යන්න” යි ඊයේ මාර්තු 9 වන දින ඉරාන කථානායක මොහොමඩ්-බාගර් ගලීබාෆ්…

Read More

පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ලෙබනනයේ සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් පෙන්වා දෙන්නේ රජයේ නවාතැන් 560ක් මේ වන විට අවතැන්වූවන් සඳහා විවෘත කර ඇති බවය. ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය.

Read More

කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ. විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (09) සවසට 3ට ආරම්භ වූ අතර, එය පැය 24ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසයි. සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය. කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි…

Read More

පසුගිය ජනවාරි 16වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව අදාළ සැකකරු උඩවලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන අත්තේ වයස අවුරුදු 25ක් වන කොළඹගෙආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ එක් සැකකරුවෙකු මාර්තු 03වනදා ද අත්අඩංගුවට ගෙන තිබුණි. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මැදපෙරදිග කලාපයේ ඇවිලී යන යුද ගිනි දැල් හමුවේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර හතරකට පසු එනම් 2022 වසරෙන් පසු ඉහළම අගය සටහන් කරමින් බොරතෙල් බැරලයකයක් ඩොලර් 119.50 දක්වා අද (09) දිනයේදී ඉහළ ගියේය. එබැවින්, තෙල් මිල පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ‘IEA’ සතු බැරල් බිලියන 1.2ක සමස්ත තෙල් සංචිතවලින් බැරල් මිලියන 400ක් පමණ එනම් 25% – 35%ක ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදාහැරීම පිළිබඳව G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද හදිසි සාකච්ඡාවක නිරත වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය කරනු ලැබේ. එම සාකච්ඡා මගින් ලබා ගන්නා විසදුම් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල…

Read More

ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ඉරානය යන ස්ථාන තුනට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ. මේ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. එමෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 1,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පිරිස අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනී ඇතුළු උසස් නිලධාරින් පිරිසක් ද මිය ගියහ.

Read More

අද (09) සවස 3 සිට පැය 24ක කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයේ මළ ගම සිදුවු අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවය. සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයට නොපැමිණෙන බවද ඔවුන් අවධාරණය කරයි. බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇතැයි ද පැවසු ප්‍රභාත් ප්‍රියන්ත මහතා, බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කරන බවත් පැය 24…

Read More