Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේ ය. උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළ අතර ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපනික හා සමාජීය වශයෙන් ඇතුළත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළාය.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ. පසුගිය 05 වනදා පොහොය දිනයේ දී සුරාබදු නිලධාරීන් විසින් ජා – ඇළ ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පරීක්ෂණයක දී සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් (සුරාබදු ර.බී. 04) විවෘත කර මත්පැන් විකුණා ඇත. ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත. මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙවැනි තොරතුරු පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන මෙන් සුරාබදු කොමසාරිස්…
මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය. එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය අප්කට් හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත තේ කර්මන්තශාලාව අසල දී ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවේ ගැටී නතර වී ඇත. ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්ථාවේ රථය තුළ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් රියදුරාගේ බිරිඳ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.
මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය වැඩි ජන්දයකින් පාලක පක්ෂය වූ ජාතික ජනබලවේගය පරාජයට පත්විය. කොලොන්න ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය විමසීම සදහා සභාව රැස් විය. කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික ධූර 19. මාලිමාවට සභික ධූර නවයකි. සජබෙට පහකි. පොහොට්ටුව ට තුනකි.එජාපයට එකකි.මව්බිම ජනතා පක්ෂය ට (දිලිත් ජයවීරගේ පක්ෂයට එකකි. සභික ධූර නවයක් හිමි මාලිමාව බලය බිහිටුවීය. 06දා පැවති අයවැය අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම් හතරම අයවැය විවාදයේ දී කරුණු දැක්වූහ. අවසානයේ ඒකාබද්ධ විපක්ෂය විවෘත ජන්දය ඉල්ලීය. එක් එක් සභිකයන් වෙන්වෙන්ම ජන්දය ප්‍රකාශ කළේය. ඒ අනුව අයවැයට පක්ෂව ජන්ද නවයක් පාලක මාලිමාවේ සභිකයන් දුන්නේ…
විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද (7) පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ක්‍රියාත්මකවේ. පාර්ලිමේන්තු පරිශ්‍රය මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් කාමර මෙන්ම ඒ අවටද යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (6) දැඩි ලෙස පරීක්ෂා කරනුලැබීය. පාර්ලිමේන්තු ගැලරිය හෙට විශේෂ අමුත්තන්ට පමණක් සීමා කර ඇත. රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැක බලා ගැනීමට දෙස් විදෙස් ආරාධිතයෝ රැසක් පාර්ලිමේන්තුවට හෙට පැමිණෙති.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එසේම මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන්ද සහන පැකේජයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි. තවද බදු ගෙවීම් අඛණ්ඩවම පැහැර හැර සිටින අය බදු දැලට කොටු කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා රේගුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලබන වසරේ ආදායම් ඉලක්ක ඉහළ දමා ගැනීමට අවශ්‍ය යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කෙරෙන බව දැනගන්නට ඇත. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව, විදේශ විනිමය මෙරටට ගලා එම වර්ධනය කර ගැනීම සඳහා සෘජු…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඊයේ (6) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැව මහතා එසේ පැවසීය. නව අධයාපන ප්‍රතිසංස්කරණ යටතේ 5 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් කාලය දීර්ඝ කරන බවත් එම පාසල පැවැත්වෙන කාලය සියලුම ශ්‍රේණිවලට මිනිත්තු…
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ “හඬ පට” රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා රහස් පොලිසියට (06) නියෝග කළේය. උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ මගින් ජාතින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය පළුදු වී අසමගිය ඇතිවන ආකාරයේ වරදක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු විසින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් ද සහිතව හඬ පට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. මාධ්‍ය මගින් විකාශය වූ ප්‍රකාශ වලට අදාල සංස්කරණය නොකළ…
