Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබේ. ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. ඔහු කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත්තේ, ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම එනම් ඉරාන පාලනයේ ස්වෛරීභාවය සහ අයිතීන් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කළ යුතු බව. සිදුවූ විනාශයන් වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවීමට පියවර ගැනීම. අනාගතයේදී මෙවැනි ආක්‍රමණ හෝ ප්‍රහාරයන් යළි සිදු නොවන බවට ස්ථිර ජාත්‍යන්තර ඇපකර සහ සහතිකයන් ලබාදීම.
මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව විසින් ගෙන එන ලද යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී තිබේ. මේ අතර ගල්ෆ් රටවලට ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ඡන්ද 13ක් ලැබී තිබේ. අදාළ යෝජනාව රටවල් 135 සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබූ අතර චීනය සහ රුසියාව අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව වාර්තා වේ. ඉරානය විසින් ජෝර්දානය ඇතුළු ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර සහ තර්ජන නතර කරන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලීමක් කර තිබේ. කෙසේවෙතත් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් එම යෝජනාවේ කිසිදු…
මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබේ. මෙය එම සංවිධානයේ ඉතිහාසයේ සිදු කෙරෙන විශාලතම මැදිහත්වීම ලෙස වාර්තා වේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් ‘Fatih Birol’ මහතා ප්‍රකාශ කර ඇත්තේ, වර්තමානයේ පවතින තෙල් වෙළෙඳපොළ අභියෝග පෙර නොවූ විරූ මට්ටමක පවතින බැවින් සාමාජික රටවල් 32ම මෙලෙස ඒකාබද්ධව තීරණයක් ගැනීම සතුටට කරුණක් බවය. බලශක්ති විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට ප්‍රවාහනය කෙරෙන තෙල් බැරල් මිලියන 20ක ප්‍රමාණය පියවා ගැනීමට මෙම මුදා හැරීම වුවද ප්‍රමාණවත් නොවන බවය. ලෝකයේ තෙල්…
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යන තෙල් මිල පාලනය කිරීම සඳහා සිය උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ඉතිහාසයේ වාර්තා වන විශාලතම තෙල් සංචිත ප්‍රමාණය වෙළඳපොළට මුදා හැරීමට සූදානම් වන බව සඳහන් වේ. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන වැදගත් මාවතක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් අපනයනය මෙම ගැටුම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇත. මෙය තෙල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ. වාර්තාවලට අනුව, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තෙල් බැරල් මිලියන…
වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති විසින් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසයි. ලංවිම අනුප්‍රාප්තික සමාගම් කළමනාකාරීත්වය අද (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් එහිදී ඔහු පැවසීය. අදාළ කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන…
දැනට රටේ විදුලි පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටළු මඟහරවා ගැනීම සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ගැනීම පිළිබඳ ස්ථාවරය පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන් වන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකරණය හමුවේ සේවකයන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කිසිදු අයුරකින් අඩු නොවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු කර ඇති බවය. එවැනි වටපිටාවක සේවක අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ලංවිම සේවකයන් අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමට මේ වන විට සූදානම් වන බවද එම සංගමය පෙන්වා දෙයි. තවද සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම සඳහා දිගින්…
අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක සටහන් වූ බව සඳහන්ය. ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2022 වසරේ ජුලි මාසයෙන් පසු පළමුවරට සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ අතර එය ඩොලර් 119 ක උපරිම මිලක් සටහන් වී තිබුණි. ඒ මැදපෙරදිග යුද උණුසුම ඉහළයාමේ ප්‍රතිඵලයක් ලෙසයි. එවන් පසුබිමක ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිදුකළේය. එම ප්‍රකාශයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ…
මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි සඳහන් කළේ, එම නෞකාව ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කළ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සහ වරාය සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අවස්ථාවකදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අසළ මුහුදු සීමාවලදී ප්‍රහාරයකට ලක් වූ බවය. ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය. එම සිද්ධියෙන් පසු නාවිකයන් බේරාගැනීම සඳහා පැවති මෙහෙයුම්වලට එක්සත් ජනපදය “බාධා කළ” බවටද චෝදනා කර තිබේ.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින 12ක් ගතව තිබේ. මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර ඒ හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇත. Update | 6.10 AM මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට අමෙරිකාව බාධා කළ බවට ඉරානය චෝදනා කර තිබේ. ඔහු X ගිණුමෙහි පළ කළ සටහනක දැක්වෙන්නේ එම ප්‍රහාරය “යුද අපරාධයකට සමාන කෘෘර ක්‍රියාවක්” ලෙස ය. ———————- Update | 5.10 AM සෞදි අරාබියේ නැගෙනහිරින් පිහිටි හමුදා කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර දෙසට ගමන් කළ බැලස්ටික් මිසයිල හයක් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය…
ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ. එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා විසින් ඉල්ලා තිබේ. එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.
