Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 7 ප්‍ර දේශයේ පදිංචි 21 හැවිරිදි විදේශ රටක සරසවි සිසුවියකි. එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට ලක්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ සිව්දෙනෙක් නාවික හමුදාව විසින් ඊයේ (6) නිරුපද්‍රතිව බේරාගනු ලැබූහ. මෙම ඉන්දීය ධීවරයින් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම පිරිස දික්ඕවිට වරායට රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකාය විසින් සිදු කරනු ලැබීය. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව නාවික හමුදාව ක්‍ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින් එම ඉන්දීය ධීවරයන් පිරිස බේරාගත්තේය. එම ඉන්දීය ධීවර යාත්‍රාව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජූනි මස 9 වැනිදා සිට සන්නිවේදන සබඳතා…
මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම ඊ සේවා ඊයේ සිට තාවකාලිකව නතර කරනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊ සේවා මෙසේ නතර කෙරුණු බවයි. මේ අනුව ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබා ගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාලව උපුටන ලබා ගැනීම ඇතුළු සියලු ඊ සේවා තාවකාලිකව නතර කර ඇති බවද සභාපතිවරයා පැවසුවේය. කෙසේ වෙතත් කොමිෂන් සභාවේ අනිකුත් සේවා සාමාන්‍ය පරිදි කෙරෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අද (7) විභාගවීමට නියමිත නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ආ රැදවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙත් මිදි පලාගොස් තිබේ. 2025.මැයි 29 වන දින ඇල්පිටිය පැලැන්දගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් 550,000 ක් වටිනා රන්භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඉකුත් මැයිමස 30 වනදා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇත. මොහු සෙවනගල ,එකමුතුගම,07 කණුව ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි . ගාල්ල බන්ධනාගාරගතව සිටි මෙම සැකකරු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙසේ පළාගොස් තිබේ.
එරගම ප්‍රදේශයේ නිවසකදී වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරගම, වට්ටුචේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ 40 සහ 42 වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි. අම්පාර මහේස්ත්‍රාත් උසාවියේ පවතින නඩුවකට අදාළව වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා එරගම, වට්ටුචේන ප්‍රදේශයේ නිවසකට ගිය අව්ස්ථාවේදී එහි සිටි වරෙන්තු කරුගේ පියා ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට නිවසට ඇතුළු වීමට ඉඩ නොදී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව ඔවුන් සැකකරුට පලායෑමට ඉඩදී ඉඩමේ ගේට්ටුව ද වසා දමා…
කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකාරී අත්අඩංගුවටට ගෙන ඇත. 49 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොහුවල පොලිසිය වෙත භාරදී ඇතැයි කියයි.
තියුණු කඩු හතරක් , මන්නා දෙකක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලීසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොහද්දර මුල්ල ප්‍රදේශයේ පදිංචි පස් දෙනෙකු බව පොලිසිය කීය. දින කිහිපයකට පෙර පුද්ගලයෙකුගේ කනට මන්නයකින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පැමිණිලිකරුට පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙකු , අවි ආයුධ සන්තකයේ තබාගත් අයෙකු සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සාපරාධි බලහත්කාරයපෑම සම්බන්ධයෙන් තවත් අයෙකු අත්අඩංගුවට පත්වූවන් අතර වන බව පොලිසිය කියයි.
මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත. ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පාතාල නායකයඅන් හා පාතාල සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව සදහන් කරමින් පාතාල නායකයා අලස් මහතාට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබාදී මෙසේ මරණ තර්ජන කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය ටිරාන් අලස් මහතාට පාතාල නායකයෙකු මීට පෙරද මරණීය තර්ජන කර තිබිණ. මේ සිද්ධියෙන් පසු ටිරාන් අලස් මහතාගේ අාරක්ෂාව…
බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මාරු කිරීම් කෙරෙනු ඇත ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව වාර්තා වේ. මේ අතර බන්ධනාගාර අධිකාරිවරු 16 දෙනෙක් පසුගිය 2 වැනිදා ස්ථාන මාරු කරනු ලැබූහ. මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් පිරිසක් මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු වන ආවරණය වීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමට තීරණය කළ බවයි.
මඩකලපුව වාකරේ කරුඅප්පන්කේනි වැවේ ගිලි දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. .මෙසේ මියගොස් ඇත්තේ ගැහැනු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවෙකි. මිය ගිය එක් ගැහැනු දරුවෙකුට වයස 11 වන අතර අනෙක් ගැහැනු දරුවාට වයස 10 ක් ද පිරිමි දරුවාට වයස 10 ක් වන බව විමර්ශණ නිළධාරින් පවසයි. වාකරේ පොලිස් ස්ථානයේ සිට කිලෝමිටර් 35 ක් දුරින් මෙම වැව පිහිටා තිබේ. මාලු ඇල්ලිමට ගිය පවුල් කිහිපයක පිරිස් මාලු අල්ලමින් සිටියදි ඔවුන්ගේ දරුවන් වැවේ සෙල්ලම් කරමින් සිටියදි දියේ ගිලි ඇති බව පොලිස් විමර්ශණ වලදි අනාවරණය වි තිබේ. පසුව ගම්වැසියන් එක්ව වැවෙි කිමිදි දරුවන් තිදෙනා සොයාගෙන ඇති අතර ඒ වෙන විටත් තිදෙනාම මියගොස් සිටි බව…
