Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. මෙම තරුණ හුවමාරු වැඩසටහන “Youth Link Sri Lanka” ලෙස නම් කර ඇත. මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ගොඩනැගීම මෙම තරුණ හුවමාරු වැඩසටහනේ මූලික අරමුණ බවයි. “මේක අවු 30 යුද්ධයක් තිබුනු රටක්. ඉන් සමහරු දේශපාලන වාසි ලබා ගත්තා. ජාතික සමගිය හදන්න උත්සාහයක් කළේ නෑ . දකුණේ තරුණ තරුණියන්ට උතුරේ සහෝදර සහෝදරියන්ගේ ජීවන රටාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩකඩ සැලසීම මේ…
පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ” රටම එකට ” ජාතික මෙහෙවර යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරෙයි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර…
හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇත්තේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව යාය 10 ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය නැමැත්තාගේය. සැකකාර විදුහල්පතිවරයා මීට පෙර තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. එහිදී මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ සැකකරු දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසය. ඒ අනුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ලබන 12 වැනිදා යළි තමුුත්තේගම…
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය. නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය. දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ. වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය. මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,මහනුවර ශ්‍රී…
නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත සේවය කරන ලද සුරාබදු කෝප්‍රල්වරයන් වන එන්.ටි.තිලකරත්න, එල්.එච්.පි.සි.කෞෂල්‍ය, ජී.පුබුදු, ලක්මාල්, සහ සුරාබදු පරීක්ෂකවරයෙකු වන ඊ.ඒ.ඩි.තිලෝචන මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුවන් තිදෙනෙකු (06) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනකු විසින් ඔවුන්ව හඳුනාගෙන ඇති අතර ඊයේ (07) දිනයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු…
කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුපස එලවා ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ , පූකුඩු කන්නාගේ පාර්ශවයේ පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය
2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව පහතින්. 1. පූර්විකාව ගරු කථානායකතුමනි, අපගේ දෙවන…
ජපානයේ නිපොන් පදනමේ සභාපති වන යොහෙයි සසකාවා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. යොහෙයි සසකාවා මහතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍යවරිය ඔහුගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සිය කෘතඥතාව පළ කළාය. ආබාධ සහිත පුද්ගලයින්ට, විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහාය දැක්වීම සඳහා නිපොන් පදනම විසින් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා පැහැදිලි කළේ ය. උතුරු පළාතේ නිපොන් පදනම විසින් ගෙන යනු ලබන “පාසල් 100 ව්‍යාපෘතිය” මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැසසුමට ලක් කළ අතර ආබාධ සහිත සිසුන් සඳහා අධ්‍යාපනික හා සමාජීය වශයෙන් ඇතුළත් කිරීම වැඩිදියුණු කිරීම සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කළාය.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඔහු නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ. පසුගිය 05 වනදා පොහොය දිනයේ දී සුරාබදු නිලධාරීන් විසින් ජා – ඇළ ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පරීක්ෂණයක දී සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් (සුරාබදු ර.බී. 04) විවෘත කර මත්පැන් විකුණා ඇත. ඒ අනුව අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අදාළ නීතිමය පියවර ගැනීමට නියමිතව ඇත. මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැඩි විමසිල්ලෙන් පසුවන අතර මෙවැනි තොරතුරු පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන මෙන් සුරාබදු කොමසාරිස්…
