Author: LANKA24X7

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි ඌව, දකුණු, සරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තවකාලිකා තද සුළං ද ඇති වේ.

Read More

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය. කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති. සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.

Read More

රත්තොට වෙිරගම ඉකිරියගොල්ල විහාර මාවත වතුයායේ දි මිය යන්නට ඇතැයි සැලකෙන වන අලියකුගේ සිරුරක් හමුවූ බව රත්තොට පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් පමණ වන අලියකු බවත් එම වන අලියා ප්‍රදේශයේ බව භෝග හා දේපලවලට හානි හානි කරමින් දින ගණනාවක් සැරිසරා ඇති බවට පොලිසියට කරුණු අනාවරණය වී ඇත. වන අලියකු මරණයට පත්ව ඇති බවට රත්තොට පොලිසියට ලද තොරතුරුකට අනුව වනජීවී කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව වනජිවි නිලධාරින් හා ගිරිතලේ පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් පැමිණ අලියාගේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණීයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මෙලෙස සංශෝධනය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ තනතුර සඳහා සපුරාලිය යුතු සුදුසුකම් 4ක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. වසර 03කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වේ. ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ…

Read More

අම්බලන්ගොඩ පරණ පාරේ වෙළඳ සංකීර්ණයක අද(9)ඇතිවූ හදිසි ගින්නකින් කඩකාමර හතරක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. අම්බලන්ගොඩ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණයක විදුලි උපාංග අලෙවිහලක ඇතුලු කඩ කාමර හතරක් මෙම ගින්නෙන් දැවී ගියේය. අම්බලන්ගොඩ නගර සභාව සහ ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කළේය.

Read More

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාවට අයත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු සිය භාරයට ගෙන තිබුණි. අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති බව සඳහන් වේ. ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය…

Read More

කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ වැඩසටහනක් අරඹා තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙයි. නාගරික ප්‍රදේශවල ජලාපවහන සහ ඇළ මාර්ග පද්ධති හරහා ගංගා වලට සහ පසුව සාගර වලට ප්ලාස්ටික් කාන්දු වීම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති අතර කොළඹ කලාපයේ ප්‍රධාන ඇල්මාර්ග පද්ධති 14ක ජාලය සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ග, අධික වර්ෂාපතනය අතරතුර අවහිර වීමට ප්‍රධානතම හේතුව ප්ලාස්ටික් එම ඇළ මාර්ග වෙත මුදා හැරීම බව හඳුනාගෙන තිබේ. ඊට විසැඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අවස්ථාට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය…

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. හෙටින් ආරම්භ වන විභාගය දෙසැම්බර් මස 05වන සිකුරාදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්විමට නියමිතය. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 40,525 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඒ අතරට පාසල් අයදුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. විභාගය සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතුකිරීමේ මධ්‍යස්ථාන 32 පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ…

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කලල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය භාර උප ශාලාධිපතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එම කළල කොටස පශ්චාත් මතන පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත. පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

අපේ දරුපරපුරට අශීලාචාර දේවල් උගන්වන්න එපා. බටහිර ලෝකයේ දිරච්ච අශීලාචාර ක්‍රියා අනුගමනය කරමින් අපේ රටේ දිගු කළක් තිස්සේ පැවති ශීලාචාරත්වය විනාශ කර දැමීමේ ක්‍රියාමාර්ගය වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි මැල්කම් කානිදල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීනදෙණියේ දී ඊයේ පැවසූහ. පන්සලක් ආරම්භ කරපුවාම හිරගෙයක් වහන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ආගමික සිද්ධස්ථාන වලින් කෙරෙන්නට ඕනේ කෙරෙන්නේ මනුෂ්‍යයාගේ සිත ජීවිතයේ දේවල්වල වටිනාකම ඔවුන්ට පහදලා දීලා වටිනාම දේවල් වෙත යොමු කිරීමයි. ඒ විදිහට තමන්ගේ ජීවිතයේ ලස්සනට ජීවත් වෙන්න කියලා අන් අයට සතුටක් ගෙන දෙන විදිහට ආදරණීය ලෙස සැම දෙනාගේම සිත දිනාගෙන සැමදෙනාටම සේවය කරමින් ජීවත්වන්න කියලායි. මනුෂ්‍ය ස්වභාවය…

Read More