Author: LANKA24X7

අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ. ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.

Read More

දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. ගේට්ටු මුරකරුවන්ගේ දීමනාව රැපියල් හත්දහස මෙවර අයවැයෙන් පහළොස් දහසක් දක්වා වැඩි කළ බව කී අමාත්‍යවරයා එමඟින් දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිතභාවය සහමුලින්ම ඉවත් වේ යැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේය. දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය. මාර්ග සංවර්ධන අධිකාරියේ හත්සිය ගණනක් ස්ථිර කළ බවත් තව තුන්සිය ගණනක් ස්ථිර කිරීමට අැති බවත් බිමල් රත්නායක මහතා පැවසීය. ස්ථිර කිරීමට ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ලියා තිබිය යුතු බව කී අමාත්‍යවරයා සමත්වීම නොවන බවද ප්‍රකාශ කළේය.…

Read More

පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. මෙම නිවස පිටුපස අද ( 10 ) උදෑසන කුඩා ළමුන් පිරිසක් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට තිබේ. එහිදී එක් දරුවකු එල්ල කළ පහරකින් ඊට යාබදව පිහිටි කෙසෙල් වගා කර තිබූ ඉඩමකට බෝලය ගොස් ඇති අතර එය ගැනීම සදහා දරුවකු එම ස්ථානයට ගිය අවස්ථාවේ කෙසෙල් පදුරක් අසල සැකකටයුතු බෝලයක් වැනි යමක් තිබෙනු දැක එය දරුවා ව්සින් මාපියන්ට ගෙනැවිත් දී තිබේ. පසුව මේ පිලිබදව නිවැසියන් භියට පත් වී පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පහළ යාමකි. මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන…

Read More

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි. ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ. එහිදී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති අතර ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇත්තේ රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බවය. සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර…

Read More

පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරාගෙන පලා ගිය සැකකරුවෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් CCTV දර්ශන 70කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 1993 වසරේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි පුද්ගලයෙකු වන බවය. සැකකරු එම වෙළෙඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණවලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසෙත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක වැසිකිළියක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලීසිය විසින් සොයාගෙන ඇත. ඉකුත් මස…

Read More

ශ්‍රී ලාංකේය තරුණයා ගොඩනැගීම වෙනුවෙන් සියලු කැපවීම් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය. විෂ මත්ද්‍රව්‍යය උවදුරෙන් තරුණ පරම්පරාව මුදා ගැනීමටත්, විෂ මත්ද්‍රව්‍යයට ගොදුරු වීමෙන් ඔවුන් ආරක්ෂා කරගැනීමටත් මැදිහත් වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. උතුරේ තරුණයන්ට දකුණට නෑගම් එන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා ආරාධනා කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ යාපනයේ මේ දිනවල පැවැත්වෙන Youth Link Sri Lanka වැඩසටහනේ තෙවන දිනය වූ ඊයේ (09ද) පැවති වැඩසටහන් දෙකක් සඳහා සම්බන්ධ වෙමිනි. ඩෙල්ෆ් දූපතේ පැවති ක්‍රීඩා වැඩසටහනට සහ කරෙයිනගර්වල පැවති වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth…

Read More

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි. ඇය එම විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ. නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇති අතර…

Read More

ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්‍රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය. කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් ඒ මහතා කීය. කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා…

Read More

සීනිගම ප්‍රදේශයේ ෙසිදු කළ වැටලීමකදී රුපියල් කෝටි දහයක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග කාන්තාව‍ෙ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි. මේ වැටලීමේදී සැකකාරිය සන්තකයේ තිබී මත් කුඩු කිලෝග්රෑම් හයක් පමණ අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි. මේ ආකාරයට පසුගිය (8) දවල් රුපියල් කෝටි පහක් පමණ වටිනා මත් කුඩු තොගයක් සමග ධීවරයන් තිදෙනකු සීනිගමදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබූ මත් කුඩු කිලෝග්රෑම් තුනක් අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය විසින් ඊයේ (9)අත් අඩංගුවට ගැනුනු මේ මත් කුඩු තොගය පසුගිය (8)පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්…

Read More