Author: LANKA24X7

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි. පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන…

Read More

ආනයන නීති උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ වාහන 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ ගාල්කර ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. එම වාහන අතර ජපානයෙන් ආනයනය කළ වාහන වැඩි සංඛ්‍යාවක් ඇති බවත් පසුගිය පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දුන් අවස්ථාවේදී පැනවූ කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයන කළ වාහන වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවත් එම නිලධාරියා කීය. මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තී්රණයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

Read More

නිවසේ තිබූ රඹුටන් ගෙඩියක් රස බලමින් සිටි පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටය සිරවීමෙන් ඊයේ (07) දහවල් මියගොස් තිබුණු බව මිද්දෙණිය පොලිසිය පවසයි. මිද්දෙනිය පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙයි. නිවසට ගෙන එන ලද රඹුටන් ගෙඩි කිහිපයක් රස බලමින් සිටි මෙම දරුවාට රඹුටන් ඇටයක් සිරවී ඇති බව දැනගත් නිවැසියන් දරුවා වහාම වලස් මුල්ල මූලික රෝහල කරා රැගෙන ගොස් තිබුණද ඒ වනවිටත් දරුවා මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මියගොස් තිබුණේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ බාල පිරිමි දරුවාය. මියගිය දරුවාගේ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මූලික රෝහල වෙත යවා ඇති බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දරුවාගේ…

Read More

ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට විශ්‍රාමික දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් වන නිශාන්ත ජයවීර මහතා පත්කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව එම ගැසට් නිවේදනය ඊයේ (7) නිකුත් කළේය. ජාතික ජන බලවේගයේ ලේකම්වරයා නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබූ අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. නිශාන්ත ජයවීර මහතා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වසර 20 කට අධික කාලයක් සේවය කළ දේශීය ආදායම් නියොජ්‍ය කොමසාරිස්වරයෙක් වන අතර ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්විමෙන් පසුව මාස කීපයක් සුරාබදු කොමසාරිස්…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Read More

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අද ස්ථිර තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට ඇත. කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (7) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. තමන්ට හිමි පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම්ලබාගැනීම , ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ ආණ්ඩු පක්ෂයට වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී…

Read More

කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ක් වන මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම වෙඩි තැබීම ඉකුත් ජූනි මස 15 වැනි දින සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

Read More

බංග්ලාදේශයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස හිටපු නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබේ. දසුන් පසුගිය වසරේ (2024) ජූලි මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නොමැති අතර චාමික කරුණාරත්න 2023 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ජාත්‍යන්තර විස්සයි20 තරගයකට ක්‍රීඩා කර නැත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගය මහනුවර, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය: චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, දසුන් ශානක,…

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග නියෝග කළාය. කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි හේමාලී විජේ රත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුගිය සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිස මේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අදාළ පැමිණිලි…

Read More

වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූලි මස 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය. හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතාගේ එක් ආරක්ෂක නිලධාරියෙකුගෙන් පමණක් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බවත් ඔහු මේ වන විට රෝගීව ප්‍රතිකාර ලබන හෙයින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත් චූදිතයන්ගේ දුරකථන දත්ත වාර්තා ලැබී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමට ඇති බවත් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක්…

Read More