Author: LANKA24X7

විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තමා පසුපස එන අපරාධකරුවන්ට එසේත් නැතිනම් තමන් පිළිබඳ තමන්ගේ නිවස හෝ දේපොළ පිළිබඳ විපරමින් සිටින පුද්ගලයන්ට එය වාසි සහගත තොරතුරක් විය හැකි බව ඒ මහතා පැහැදිලි කළේය. සුහුරුපාය, බත්තරමුල්ල පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී අද (11) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. එමෙන්ම තමන් විනෝද චාරිකා සඳහා තෝරා ගන්න බස් රථය හෝ වාහනය මෙන්ම රියදුරු පිළිබඳ නිවැරදි අවබෝධයකින්…

Read More

අයථා ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (11) අධිචෝදනා භාරදීම සිදුවුණි. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා භාරදීම සිදුවුණි. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතම මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය. විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේයෙ. 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා කාලසීමාව තුළ රුපියල් 296,566, 444.76ක්…

Read More

වට්ටක්කා ගොවීන්ට අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ වට්ටක්කා මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති වීම සහ සාධාරණ මිලක් නොමැතිවීම නිසා ගොවිහූ දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි කියති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද ( 11) උදෑසන වට්ටක්කා කිලෝ වක් රුපියල් 20 සිට රුපියල් 40 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුවන බව ගොවීහු පෙන්වා දෙති. වට්ටක්කා කිලෝවක් රුපියල් විසි දෙකකට අලෙවි කිරීමෙන් තමන්ට ඇත්තේ කුමන ලාභයක්ද යි ගොවිහූ ප්‍රශ්න කරති. අනුරාධපුර දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කවලද මෙවර ලොකු අටක්කා විශාල වශයෙන් වගාකර තිබේ. වගාකල ද තම අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආවද ඒවා අලෙවි නොවීම නිසා ගොවීන්ට…

Read More

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (10)දින නියම කළේය. මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම්කර සිටින විමල් වීරවංශ,ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක,පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව සාක්ෂි විමසීම සිදු කළ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඡායාරූප අංශ ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදීම සිදු කළේය. 2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල්…

Read More

ශ්‍රී ලංකාවේ කිරිසප්පයා පවා ඇබැහිවන තත්වයට විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ඊයේ (10) පැවසුවාය. කොළඹ මහ නගර සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (10) පැවැති එම නගර සභාවේ නොවැම්බර් මස මහ සභාවේදී නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය. මත්ද්‍රව්‍යයට ඇබැහිවූ මව්පිය දෙපළක් අත්අඩංගුවට ගෙන සිරගත කළේ යැයි මෑතකදී හමුවූ පොලිසියේ නිලධාරීන් හතර දෙනෙක් පැවසූ බවත් එම මව්පියන්ට දරුවන් සිටින්නේ දැයි ඔවුන්ගෙන් විමසූ බවත් ඇය පැවසුවාය. එම දෙපළට මාස තුනක දරුවෙක් සිටින්නේ යැයි පැවසූ පොලිස් නිලධාරීන් දරුවගේ ලේවලත් විෂ මත්ද්‍රව්‍ය ඇතැයි කී බවද නගරාධිපතිනිය සාමාන්‍යයෙන් කිරි දෙන අම්මාගේ කිරිවලින් දරුවන්ට එසේ විෂ ශරීරගතවිය…

Read More

දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු ඊයේ (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය මෙම විදේශීය සංචාරකයා ලංකාවට පසුගිය (09) පැමිණ, දික්වැල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇතැයි පොලිසිය කීවේය . මුහුදේ ගිලුණු සංචාරකයා ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් වහා දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කලද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ . ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චෙක් ජනරජයේ පදිංචි කරුවෙකුවූ ස්වේටන් ජාන් (svaton jan) නමැති අයෙකි . දික්වැල්ල පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

Read More

තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී ඊයේ (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනතුරින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලැබූහ.

Read More

නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සියලු විස්තර එසැණින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පැවැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් යැයි ඉන්දීය ආරක්ෂක අංශ අනුමාන කරන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවැසීය. නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර…

Read More

අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය. අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වල් අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර ,දකුණ, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාවලට අලුයම කාලයේ මීදුම් තත්වයක් පවතී. ස්නා

Read More