Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය. මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45%ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි. එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9ම ගත් 13,392ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය. එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15%කි. සියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් සිටින බවද ඇය පැවසුවාය. මේ අතර එක් එක් පළාත්…
අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ…
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළහැකි පිරිමි මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබේ. පොලීසිය පැවසුවේ අද (10) උදෑසන මෙම මළ සිරුර හමු වූ බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකු බව වාර්තා වේ. පොලීසිය පැවසුවේ, ඔහුගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළහැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන අතර ගෙල ඉදිමි ඇති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ද දක්නට ඇති බවත්ය. මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බව වාර්තා වේ. පොලීසිය සැකපල කරන්නේ මෙම තරුණයාව වෙනත් ස්ථානයකදී ඝාතනය…
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ. එමෙන්ම දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදුකෙරේ. මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටි.
විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබේ. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කරනු ලැබීය. 2020 වසරේ නවකවධය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේය.…
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.
විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. 2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය. මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් වයස…
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ පස් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ චරිතය පරමාදර්ශයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි. සමාජයේ යහ පැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද…
