Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (11) දින චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්බෝම්බයක් සහ කඩුවක්ද ඔහු සතුව තිබී ඇත. චුන්නාකම් පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටී.
විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට පැවැති මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2141කි. මේ අතර පසුගිය වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා ලියාපදිංචි කරනු ලැබී ඇති වෘත්තිය සමිති සංඛ්‍යාව 123කි. වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තිය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි. මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.
රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව දැඩි ව්‍යවසනයක් බවට පත්ව තිබෙනවා. සමස්ත ජනතාව ම එකට පෙළ ගස්වමින් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සහභාගි කර ගනිමින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු ආරම්භ කරගෙන යනවා. තල 4ක් යටතේ සමස්ත සමාජයම ආවරණ වන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (11) සවස ගම්පහදී පැවසීය. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන”රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා…
නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ සවස පැවැසීය. මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත්තේ, ආරක්ෂක කැමරා දසුන් අනුවය. බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් නමැති වෛද්‍යවරයා බව ද ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත. උමාර් මොහොමඩ්, 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බවත් ආරක්ෂක අංශ අනාවරණය වැඩිදුරටත් පවසා ඇත. පෙරේදා (10) රාත්‍රියේ පුපුරා ගිය එම කාර් බෝම්බ ප්‍රහාරයෙන් 9…
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා. ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක්…
‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ. පුවත්පත් ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ ප්‍රාමාණික මෙවෙර අගය කරමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රූපවාහිනි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ, ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් බී.එච්. අබ්දුල් හමීඩ් යන මහත්වරු සහ රූපවාහිනි ළමා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා කළ සේවය වෙනුවෙන් ලලිතා සිරිබද්දන මහත්මිය මෙහිදී විශේෂ සම්මාන ලැබූහ. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි ආදි ක්ෂේත්‍රයන් කීපයක…
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි බම්බලපිටිය කාන්තා විද්‍යාලයක සිසුවියක අද දහවල් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. එම අනතුරින් ඇයගේ පාද දෙකට තුවාල සිදුවී ඇයගේ දිවි බේරීම ආශ්චර්යයක් යැයි ඇසින් දුටුවන් පවසා ඇත. එම සිසුවිය මෙවර උසස් පෙළ විභාගයට දෙවන වරපෙනී සිටින තැනැත්තියක බව අනාවරණය වී ඇත. ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය ලබාදීමට විනාඩි පහළොවකට පමණ පෙරදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. පහළට වැටුණු සිසුවිය පතිත වී ඇත්තේ කාපට් අතුරන ලද මාර්ගයකට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය විභාගයට පෙනී සිටීමට යම් බියකින් පසු වීම නිසා ඉහළ මහළයෙන් පැන්නේ…
මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් පමණ තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් විසින් වැඩිදුණු විමර්ශන ආරම්භ කොට තිබේ.
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත් එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ සහ නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි. පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැන නැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (10) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 03ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා…
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇති බව රජය පවසයි. එම…
