Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ Youth Link Sri Lanka වැඩසටහනෙන් යාපනයට ගිය තරුණ තරුණියෝ ඊයේ (12) කණ්ඩායම් නැවතත් තම ගම්බිම් බලා අද (12) පිටත්ව ගියහ. මෙම වැඩසටහනේ සමාප්තියේ සනිටුහන් කරමින් යාපනයේ ඩෙල්ෆ්, කරෙයිනගර්, කයිට්ස්, යාපනය නගරය සහ වේලනයි හිදී සංස්කෘතිකාංග පසුගිය (11) රාත්‍රියේ දී පැවැත්විය. මෙම වැඩසටහනේ තවත් අදියරක් ලෙස උතුරේ තරුණ තරුණියන් දකුණේ දිස්ත්‍රික්ක වලට පැමිණීමට නියමිතය. එහිදී ද උතුරේ තරුණ තරුණියන් දකුණේ ගෙවල් වල නවාතැන් ගනිමින් එහි සංස්කෘතික අත්දැකීම් ලබා ගැනීමට නියමිතය. එම වැඩසටහන දෙසැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා පැවසුවේ ලබන වසරේ දී මෙම වැඩසටහන…
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා කරන්න එපා.වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුනා.ප්‍රශ්නයක් නෑ.ලබන අවුරුද්දේ ඒක කරන්න.ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා.මේවා පරස්පරයි නේ.අනෙක වතුකරයේ තට්ටු නිවාස හදන්න එපා. ඒකට අප විරුද්ධයි.ජනාධිපතිතුමා මන්ත්‍රීවරු එක්ක මිත්‍රශීලීව කතා කරන්න,ගනුදෙනු කරන්න දන්නවා. ඒත් මන්ත්‍රීවරු ඒක දන්නෙ නෑ.ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මහනුවර ජාතික රෝහලේ හෙදියක තම තෙවැනි දරුවා ප්‍රසූත කිරීමට යාමේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. එසේ මියගොස් ඇත්තේ ඉසුරු නදීෂානි දිසානායක නැමැති 37 හෙදියකි. ඇය මියගිය ද ඇයගේ කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම මව අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කර ඇති පසුව ඇය මීට තෙමසකට පමණ පෙර මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරී සඳහා එක්ව තිබේ. ඇයගේ තෙවැනි දරුවා පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ඇය කිසියම් අවදානම් තත්ත්වයක සිටින බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබී ඇති අතර සිදුකළ ස්කෑන් පරික්ෂාවේදී ඇයගේ වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් ඇය…
පේරාදෙණිය ගෙලීඔය කරමඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් එම ස්ථානයේදී මියගොස් තවත් පුද්ගලයකු සහ කුඩා දැරියක තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ ගෙලිඔය කරමඩ ප්‍රදේශයේ පදිංචි කාරණීයක වූ තක්ෂිලා රත්නායක (35) නැමැති එක් දරු මවකි. නුවරඑළියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව බාරය නවතා තිබූ ත්‍රී රෝද රථයක ගැටී නිවසකට සහ වෙළඳ සැලකට කඩා වැදී ඇති අතර එම වෙළඳසලේ සිටි කාන්තාව සහ කුඩා දරුවා සහ ත්‍රීරෝද රථයේ රියදුරුද එහි ගැටී ඇති බව පොලිසිය කියයි.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කියයි.
බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. එම සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් හා අංක 407088 දරණ රයිෆල් වර්ගයේ ගිනි අවිය සොයාගෙන ඇත. කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම වුණි.
ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(සර්ව ජන බලය) පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය ආණ්ඩුවලට වඩා ව්‍යාපාර කරගන්න ගියාම කරදර අඩු යැයි අද රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අතර මතයක් තියෙනවා.අප ඒක අගය කරන්න ඕන.වෙනදා දේශපාලකයන්ගේ පස්සෙන් යන්න අවශ්‍ය යැයි විවේචනයක් තිබුණා.දැන් ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ අදූෂිත බව පිළිබඳව ප්‍රතිවෘත්තාව කැඩී තිබෙනවා.දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.එම චෝදනා වල බැලූ බැල්මට සත්‍යයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැයි බව රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි. රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු, පුහුණුවීම් කටයුතු , විභාග කටයුතු සියල්ලම ඇන හිටිමේ හේතුවෙන් සිසුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති. පසුගිය 04 වෙනිදා අධ්‍යාපන ඇමතිවරියත් සමග ඉසුරුපායේ පැවති සාකච්ඡාවේදී මෙය ඉතා ඉක්මනින් විසඳන බවට අධ්‍යාපන ඇමතිවරිය පොරොන්දුවක් දුන්නද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව ද මහාචාර්ය නාලක ගීකියනගේ මහතා…
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ. ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/- වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රු.180,000 වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. මෙම බිත්තර වී ගොවිපළවලවලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව…
