Author: LANKA24X7

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය. ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය. ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ…

Read More

පාර්ලිමේන්තුව මැයි 20 වැනි දා සිට 23 වැනි දා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ රැස්විය. මේ අනුව මැයි 20 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා නිෂ්පාදන බදු (විශේෂ විධිධාන) පනත…

Read More

ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (16) වරෙන්තු නිකුත් කළාය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝෂන් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළාය. අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් , අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයට…

Read More

පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට තමා සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.

Read More

නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී ඊයේ ප්‍රශ්න කළේය. රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ විනය බාර කථිකාචාර්යවරයාට අයුතු බලපෑම් කිරිම,සාපරාධි බලහත්කාරය පෑම,අයුතු අවහිර කිරිම ,අයුතු ජන රාශියක සාමාජිකයින් විම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද එම පිඨයේ සිසුන් පස් දෙනකුට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථවේදී මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රශ්න කර සිටියේය.ෙ නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සිසුහු විවෘත අධිකරණයේදි පැමිණිලිකාර කථිකාචාර්වරයාට වැඳ සමාව ගෙන…

Read More

කොටහේන, සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන වෙඩික්කරුවෙකු විසින් ඊයේ (16) සවස කළ වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොටහේන පොලිසිය පවසයි. තුවාල ලැබූ පිරිමි පුද්ගලයා පූකුඩි කන්නා නැමති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කරුගේ සමීප තමයකු බව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. තුවාල ලැබූ කාන්තාව එම පුද්ගලයාගේ ලොකු අම්මා බව පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පලකරයි. වෙඩික්කරු සුමිත්තාරාම පාර ප්‍රදේශයේ නිවසට යතුරු පැදිය මගනවතා පයින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය දැනට කළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත.…

Read More

මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ. දේශපාලන පක්ෂ සභිකයන් දිනා ගැනීමට රහස් සාකච්ඡාද මේ දිනවල දිගින් දිගටම පවත්වමින් සිටී. එසේම බලය පිහිටුවීම සඳහා විරුද්ධ පක්ෂයන්හි සභිකයන් දිනා ගැනීමට විවිධ වරප්‍රසාද වරදාන පිළිබඳ පොරොන්දු ලබාදීමටද බොහෝ පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී. පවතින වාතාවරණය යටතේ මෙම ඡන්දය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.…

Read More

ඉදිරි දින කීපයේදී බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි විමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුලින් බවර පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, වයඹ, සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ,උතුරු සහ උතුරු – මැදි පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා කරමින් සිටි 68 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි ගල්නෑව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ නෑගම,නෑගම්පහ පදිංචිව සිටි මුදන්නායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න(68) නැමති ගොවියෙකි. මෙම පුද්ගලයා ඊයේ(15)විදුලි මෝටරයක ආධාරයෙන් සිය කුඹුරට ජලය ලබාගැනිමට උත්සහා දරමින් සිටියදි විදුලි සැර වැදි ගල්නෑව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහිදි මියගිය බව පොලිසිය කියයි.

Read More

දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මැයි 24වනදා එම මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසාතැබීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත නිවේදනයක් යොමුකරමින් දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ දැනුම්දී තිබේ. ඒ අනුව ඔරුගොඩවත්ත සිට බොරැල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ඇති දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුතක් මැයි 24වනදා සිදුකරේ. මේ හේතුවෙන් එදින පෙ.ව. 9 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා මහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තැබේ. මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිතා කරනමෙන් ධම්මික ජයසුන්දර සිය නිවේදනයෙන් දන්වා සිටියි.

Read More