Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය. “අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම 17 සහ 18 කියන දවස්…
අමෙරිකානු USS Gerald R. Ford (CVN 78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි යුද්ධයේ රතු මුහුදේ ක්‍රියාත්මක වන අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාව ලෙස මෙම නෞකාව කටයුතු කරයි. කෙසේවෙතත් අමෙරිකානු මධ්‍යම හමුදා අධිකාරිය (U.S. Central Command) සඳහන් කරන්නේ එම ගින්න පාලනය කර ඇති බවය. එමෙන්ම එම ගින්න සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බව ඔවුන් පවසා තිබේ. ගින්නෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගින්නෙන් නෞකාවේ සිටි නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (13) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්කුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම්…
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් සිදුකළ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසා සිටියේ, අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර දී එරට විදේශ අමාත්‍යවරයා හා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක…
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ වන බව එහි සඳහන්. විදුලිබල මණ්ඩලය ලෙස…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ දැනට සේවය කරන නිලධාරීන් සිව්දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සැකකරුවන් හතර දෙනා ලබන 20 වනදා දක්වා මෙලෙස රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ව්‍යාජ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයෙකු, හිටපු දෙපාර්තමේන්තු ලිපිකරුවෙකු, විමර්ශන හා…
ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන තම රටින් ඉල්ලා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනය කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. ඉන්දියාව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අසල්වැසි රටවලට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු වන බව ද ඔහු පෙන්වා දෙයි.
මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. ප්‍රශ්නය – වත්මන් රජය සම්බුද්ධ සාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.? පිළිතුර – මොනවා හරි සේවයක් කරනවා ද.? ප්‍රශ්නය – සම්බුද්ධ සාසනයට දෙවැනිකොට සලකන තත්ත්වයක් තියෙනවා. ඔබතුමාගේ කාලයේදී කොහොමද සැලැකුවේ.? පිළිතුර – ඉහළින්ම තියලා. දැන් එහෙම කරනවා ද කියන එකත් ප්‍රශ්නයක්. ප්‍රශ්නය – ඔබතුමාගේ කාලයේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක් අමානුෂික ලෙස සිරගත කරලා තියෙනවා.…
ලෝක වෙළෙඳපොළේ යළිත් වරක් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. ගෝලීය වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 400 ක වාර්තාගත සංචිතයක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජික රටවල් එනම් G7 රටවල් ඊයේ ඒකමතිකව එකඟ වී තිබියදීත් මෙම මිල ඉහළ යාම සිදුව තිබේ. බදාදා දින අවසානයේ ගෝලීය තෙල් මිල දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල 8.7% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාවේ පැවතුණි. එමෙන්ම අමෙරිකානු තෙල් මිල දර්ශකය වන WTI මිලද 8.7% කින් ඉහළ ගොස් ඩොලර් 94.8 ක් ලෙස වාර්තා විය.
එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පිහිටි සරණාගතයින් සඳහා වූ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට තීරණය කර තිබේ. 38 හැවිරිදි සුකීර්තන් තංගරාසා නමැති මෙම පුද්ගලයාට එරෙහිව පෝර්ට්ස්මත් ක්‍රවුන් ‘Portsmouth Crown Court’ අධිකරණයේදී නඩු විභාගය පවත්වා තිබේ. 2025 අගෝස්තු 15 වන දින සවුත්හැම්ප්ටන් හි ‘හයිෆීල්ඩ් හවුස්’ (Highfield House) හෝටලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, සැකකරුට දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සහායද අධිකරණයේදී ලබා දී තිබුණි. පැමිණිල්ල මෙහෙයවූ ජැක් ෆර්නස් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, තංගරාසා සිය ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් කෝපයට පත්ව හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවය. “මම ශ්‍රී ලංකාවේ…
