Author: LANKA24X7

අඹුසැමි යුවළක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් කොටුකර ගැනීමට දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙහි පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක්, කාන්තාව සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 5100ක්ද සොයා ගන්නා ලදී. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය සපයා ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා අද (8) මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර, කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,087 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 583ක්, හෙරොයින් ග්‍රෑම් 416ක් සහ කුෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් පුද්ගලයින් 16 දෙනෙකු පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read More

විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ පොළව අභ්‍යන්තරයේ අඳුරු ගුහාවකින් ලොව විශාලතම මකුළු දැල සොයාගෙන තිබේ. වර්ග අඩි 1,140ක් පුරා පැතිර ඇති මෙහි මකුළු ජීවීන් 110,000කට වැඩි ප්‍රමාණයක් සිටින බව සඳහන්. මෙම ගුහාවට සූර්යාලෝකය සැලකිය යුතු ලෙස නොලැබෙන අතර, ඒ හේතුවෙන් විෂ සහිත හයිඩ්‍රජන්-සල්ෆර් වායුව ඉහළ මට්ටමක පවතින බව විද්‍යාඥයන් පවසයි. එවන් තත්ත්වයක් යටතේ මෙම විශාල මකුළු දැලක් නිර්මාණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් පර්යේෂණයක් අරඹා තිබේ. මෙම මකුළු දැල ගුහාවේ දොරටුවේ සිට ආසන්න වශයෙන් මීටර් 50කට වඩා දුරින් පිහිටා ඇත. එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ මකුළු විශේෂ දෙකක් මෙහි වාසය කරන බවය.

Read More

ජාතික සමගිය ගොඩනැගීම සඳහා දකුණේ සිට උතුරට නෑගම් යන තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබේ. මෙම තරුණ හුවමාරු වැඩසටහන “Youth Link Sri Lanka” ලෙස නම් කර ඇත. මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා කීවේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ගොඩනැගීම මෙම තරුණ හුවමාරු වැඩසටහනේ මූලික අරමුණ බවයි. “මේක අවු 30 යුද්ධයක් තිබුනු රටක්. ඉන් සමහරු දේශපාලන වාසි ලබා ගත්තා. ජාතික සමගිය හදන්න උත්සාහයක් කළේ නෑ . දකුණේ තරුණ තරුණියන්ට උතුරේ සහෝදර සහෝදරියන්ගේ ජීවන රටාව ගැන අධ්‍යයනය කිරීමට ඉඩකඩ සැලසීම මේ…

Read More

පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය සෝදිසි මෙහෙයුම් හා පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය අවශ්‍ය වන්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය විසින් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සමඟ සම්බන්ධවී අවශ්‍ය සහය ලබා ගැනීමට හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධව දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ” රටම එකට ” ජාතික මෙහෙවර යටතේ මෙම මෙහෙයුම් සිදු කෙරෙයි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් දක්වන අතර පාසල් ළමුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම මුලින් උපුටා දැමීම සඳහා සෑම අයුරින්ම පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර…

Read More

හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400 ක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකාර විදුහල්පතිවරයාගේ රාජකාරී වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. මෙලෙස රාජකාරී වැඩ තහනම් කර ඇත්තේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව යාය 10 ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය නැමැත්තාගේය. සැකකාර විදුහල්පතිවරයා මීට පෙර තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. එහිදී මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේ සැකකරු දින හතක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසය. ඒ අනුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා ලබන 12 වැනිදා යළි තමුුත්තේගම…

Read More

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය. නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය. දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ. වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය. මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,මහනුවර ශ්‍රී…

Read More

නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදියේ හා කොළඹ මුහුදු මාවතේ රන් භාණ්ඩ වෙළදසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තෙ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා (07) නියෝග කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ගොතටුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත සේවය කරන ලද සුරාබදු කෝප්‍රල්වරයන් වන එන්.ටි.තිලකරත්න, එල්.එච්.පි.සි.කෞෂල්‍ය, ජී.පුබුදු, ලක්මාල්, සහ සුරාබදු පරීක්ෂකවරයෙකු වන ඊ.ඒ.ඩි.තිලෝචන මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුවන් තිදෙනෙකු (06) දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර අතර පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනකු විසින් ඔවුන්ව හඳුනාගෙන ඇති අතර ඊයේ (07) දිනයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු…

Read More

කොළඹ කොටහේන 16 වැනි පටුමගේ දි නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුපස එලවා ගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත පලනි රිමෝෂන්ගේ පාර්ශවයේ , පූකුඩු කන්නාගේ පාර්ශවයේ පුද්ගලයකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පිස්තෝල වර්ගයේ ගිණි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය

Read More

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව පහතින්. 1. පූර්විකාව ගරු කථානායකතුමනි, අපගේ දෙවන…

Read More