Author: LANKA24X7

වාහන අලෙවිකරුවකු ලෙස පෙනී සිටිමින් විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකුගේ මුදල් අය කැමි ලෙස කටයුතු කළ පුද්ගලයකු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සහ ව්‍යාජ වාහන අංක තහඩු තොගයක් සහ ඊට අදාල ලිපි ලේඛන තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමග රුපියල් 22,085.,810/= , මුදල් ගණනය කිරීමට යොදාගන්නා නවීන යන්ත්‍රයක් , යම් අපරාද සඳහා යොදා ගැනීම සඳහා ව්‍යාජව සකසා සඟවාගෙන සිටි ලියාපදිංචි අංක තහඩු 20 ක් ආදායම් බලපත්‍ර 21 ක් රක්ෂණ සහතික 05 ක් , 9 එම් එම් ජිව උන්ඩ 01 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12020 ක් පොලිස් භාරයට ගෙන ඇත.…

Read More

ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර පාතාලකරුවන් සමඟ පැවැත් වූ ගනුදෙනු සම්බන්ධයෙන්විවිධ දේශපාලඥයන්ට චෝදනා එල්ල කිරීම හේතුවෙන් දේශපාලන පිටියේ මේ දිනවල උණුසුම් තත්ත්වයක් මතුව ඇත. පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අද විවිධ කරුණු දැක්වීම් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. මේ හේතුවෙන් අද මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය. මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ද ඇති විය හැකියි. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සැප්තැම්බර් 30වැනිදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති, පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වග උත්තර කරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශබන්දු…

Read More

ඇල්ල ඇතුළු ඌව පළාතේ දරුණු රිය අනතුරු පාලනය කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා විශේෂ වැඩපිළිවෙලක් අරඹා ඇත. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුළ පනාන්දු මහත්මිය සඳහන් කරන්නේ මෙහි පළමු පියවර ලෙස අදාළ පාර්ශ්ව කැඳවා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන බවයි. මේ පිළිබඳ සාකච්ඡාවක් අද දිනයේද පැවැත්වේ. අනතුරු අවම කර ගැනීම සඳහා මාර්ගවල යම් යම් වෙනස්කම් සිදු කිරීමටද අවධානය යොමුව ඇත.

Read More

කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද නියම කළාය. මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා වෙති. මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන්…

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, කොළඹ 15 සහ දෙමටගොඩ ප්‍ර දේශවල පදිංචි 21, 42 සහ 45 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි. එම ඝාතනයට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු එම ඝාතනයට දින කීපයකට පෙර විදේශ රටක සිට පැමිණ එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෝටර් රථය වත්තල ප්‍රදේශයේ දමාගොස් එදිනම විදේශගතවී ඇති බව පොලිසිය පවසයි. එම මෝටර් රථයේ තිබී හිස් උණ්ඩ කොපු 10 ක් පමණ පොලිසිය සොයාගෙන තිබුණි. එම වෙඩි තැබීමෙන්…

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක සහ පුද්ගලික බස් රථයක රියදුරු කොන්දොස්තරවරුන් අතර අලවතුගොඩ නගරයේදී ඇති වූ බව කියන ගැටුමකදී බස් රථවල සිටි මගීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලිසිය කියයි. ගලේවෙල සිට මහනුවර දිසාවට ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ අලවතුගොඩ සිට මහනුවර දිශාවට ගමන් කරමින් තිබූ බස් රථ දෙකක රියදුරු කොන්දොස්තර වරුන් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර එම ගැටුම නිරාකරණය කිරීම සඳහා මැදිහත්කරුවන් ලෙස බස් රථ දෙකේ මගින්ද එක් වී ඇති බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර රාජකාරි නිමාකොට පුද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි අලවතුගොඩ පොලීසියේ පොලිස් නිලධාරියකුද සිටින අතර අනෙක්…

Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය තෙදිනක් පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබේ. ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණ වලට වන අලි මහත් රුචිකත්වයක් දක්වති. කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බව⁣ට අනුමාන කෙරේ. මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදිති. ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය මාස කිහිපයේදී , වන අලි…

Read More

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් දෙදෙනකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සුරංග නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයකු සහ හොරණ ප්‍රාදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී ඒවා ව්‍යාජ ඒවා බවත්, පානදුර හිරණ මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවටත්…

Read More