Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත. මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකි. ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඊට පක්ෂව මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතළ විනය විරෝධී කාරණයක් බව එම ක්‍රියාකාරීන් පෙන්වාදී ඇත. පසුගිය මහ මැතිවරණයෙන් මනෝ ගනේෂන් මහතා පරාජයට පත් වී තිබියදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන්…
මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ. එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන…
බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය. එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා, ”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා…
බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය. ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් රට යනවා වැඩි යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ පැවසීය. සමහර ලේකම්වරුන් සිය වතාවක් විදේශ රටවල ගොස් ඇතත් එක ඵලදායි යෝජනාවක් හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කර නැතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දක්ෂ නිලධාරීන් සිටින බවත් ඉන් වැඩි පිරිසක් එකම විදේශ රටක් හෝ නොදැකපු අය බවත් රත්නායක මහතා කීවේය. වරප්‍රසාද මත්තෙම නැහෙන සුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව කී සභානායකවරයා මේ පාර්ලිමේන්තුවත් ජනවාරමට යටත් බව මතක තබා ගත යුතු යැයිද සඳහන් කළේය. ප්‍රථම වතාවට සභානායක කාර්යාලයේ නිලධාරිනියක විදේශ සමුළුවකට පිටත් කර යැවූ බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ වැටුප් සහ අනෙකුත් කටයුතු ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අභියාචනා ඇතුළත් වාර්තාව බාර…
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඊයේ (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි, ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඒ මහතා දෙදරු පියකි. ඒ මහතා දින කීපයකට ඉහතදී බස්නාහිර ආණ්ඩුකාර තනතුරේ වැඩ බැලීමේ ද නිරත විය. දේහය අද ජයරත්න මල්ශාලාවේ තැන්පත් කිරීමට නියමිත අතර හෙට ගාල්ල ආණ්ඩුකාර නිල නිවස වෙත රැගෙන යාමට නියමිතය. ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති හා ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.
යාපනය ප්‍රදේශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි, සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2025 ජනවාරි 8 වෙනිදා නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරී වාර්තා නොකිරීම හේතුවෙන් අප්‍රේල් 21 වෙනිදා සේවය අතහැර යාමේ නියෝග නියුත් නිකුත් කළ අයකුද වේ. පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතද ඔහු සතුව තිබී සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. එමෙන්ම දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
කදාන සාන්ත මරියා මාවතේ හල්පේ පටුමග ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයකට රහසිගතව ඇතුල් වු පුද්ගලයකු එහි නවතා තිබු ලොරි රථයක් පැහැරගෙන යද්දී වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කළ යතුරු පැදි තුනක් අනතුරට ලක්කිරිම හේතුවෙන් යතුරු පැදි කරුවකු එම ස්ථානයේම මියගොස් තවත් සිව් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බව කදාන පොලිසිය පවසයි. මෙලෙස අනතුරට පත්ව මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ උක්ගල්බොඩ පදිංචි කුලී යතුරු පැදි කරුවකු වු දිපාල් හේමන්ත (44)නැමති දෙදරු පියෙකි. කදාන සාන්ත මරියා මාවතේ පිහිටි දියර කිරි නිශ්පාදන අලවි නියෝජිත ආයතනයට ඇතුල් වු සැකකාර පුද්ගලයා ලොරි රථය පණ ගන්වා පිටතට රැගෙන යන අයුරු නිවස තුල සිට සීසී ටීවී කැමරා ඔස්සේ දුටු…
