Author: LANKA24X7

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ග්‍රාමීය ජීවනෝපායන්, නව රැකියා උත්පාදනය සහ කෘෂි ආහාර අංශය දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමග නව හවුල්කාරීත්වය ඇතිකර ගත් බව ලෝක බැංකු සමූහය පැවැසුවේය. ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහාය යටතේ ඇරැඹෙන ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට කෘෂි ආහාර නිෂ්පාදකයින් 8000 කට සෘජුව සහාය ලබා දෙනු ඇති බවත් හෙක්ටයාර 71,000 ක භූමි ප්‍රමාණයක වාරිමාර්ග හා ජලාපවහන සේවා වැඩිදියුණු…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

2025 වසරේ අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩල විසින් සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිකිරීමක් යෝජනා කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එලෙස ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ, මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි බවය. වාචික අදහස් දැක්වීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි මහජන උපදේශන 9 ක් පැවත්වෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. වාචික අදහස් දැක්වීමේ සැසි 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ. මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට…

Read More

19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද දහවල් බලපිටිය මහලදූව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. බලපිටිය , හීනටිය පාරේ , පැටිවත්ත ප්‍රදේශයේදී අද ( 09) දහවල් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. බලපිටිය මහලදූව පදේශයේ පදිංචි පැට්ටා නමැති අයකු මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. හිටපු කිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනය ප්‍රධාන සැකකරු බව කියන ඔහු එම වෙඩි තැබීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයයේ විභාග වූ නඩුවට සහභාගිවී කුලී ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත . 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2025 -07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Read More

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත රාජිත සේනාරත්න මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. සැකකරුට රුපියල් ලක්ෂ 05 ශරීරයක් මුදල් ඇපයක් රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය. විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ තැන්පත් කරන ලෙසද, අදාල නියෝගය ආගමන විගමන පාලකවරයාට නියෝගය යොමු කරන ලෙසද දන්වා සිටියේය. ඇපකරුවන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා සියලු ඇපකරුවන්ගේ පදිංචිය ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික…

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (10) පෙරවරු 11.30 සිට පස්වරු3.30දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මෙම විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත ඡන්දයකින් සම්මත කිරීමට නියමිතය. පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයද කථානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය

Read More

ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් හුසේන් අල්-මුසල්ලාම් මහතා හමුවේ පැවැසුවාය. ක්‍රීඩාවේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (8) පැවැත්විණි. මෙහිදී අදහස් දක්වමින් ආසියා ඔලිම්පික් කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රීඩා නීතියට අදාළව පවතින ගැටලු විසඳීමේදී අදාළ නීති රෙගුලාසි හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිලි කළේය.

Read More

නව තැපැල් කාර්යාල ඉදිකිරීම සදහා මෙවර අයවැයේ රුපියල් කෝටි 60ක මුදලක් වෙන්කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව නව තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය. මීට දින කිහිපයකට පෙර ගලේවෙල තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කළ බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී යාපනය, මඩකලපුව, හම්බන්තොට, ගාල්ල, මහනුවර ඇතුළු ප්‍රදේශ ගනණාවක තැපැල් කාර්යාල ඉදිකිරීම් සඳහාත් දඹුල්ල තැපැල් මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් වෙන්කර ඇතැයි පැවසීය. මාතලේ මහවෙල නව තැපැල් කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාලය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවන්ට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට…

Read More

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක නිවසේ දුම් කවුළුවක සහ නිවස පිටුපස විශාල තල් ගසක සගවා තිබූ මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක්, පොලිස් නිළ ඇදුම් කොටස් සහ වාහන අංක තහඩු දෙකක් ඊයේ (08) සවස සොයාගත් බව පොලිසිය පැවසීය. මෙම ඉඩම සහ නිවස ප්‍රාදේශීය දේශපාලඥයෙකුට අයත් එකකි. තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සහ මිද්දෙණිය පොලිසියේ නිළධාරින් විසින් සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන තිබේ. මෙරට නිපදවූ ගල්කටස් ගිණිඅවියක් , බෝර 12 පතොරම් තුවක්කුවක බැරල් දෙකක් ,ඒවායේ ක්‍රියාකාරී කොටස් එකක්, පොලිස් බැටන් දෙකක් ,බැටන් රදවනයක් , පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් 03 ක් පොලිස් ක්‍රීඩා බොටම් දෙකක් ,…

Read More