Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ. අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි. ත්රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. අනතුරින් මියගොස් ඇත්තේ, ත්රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඔයාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි.
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (12) රාත්රී 11.00 දක්වා වලංගු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්රිෂ්ණජිනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි පෙබරවාරි මස 13 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ. අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම…
උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්රදේශවල ප. ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු…
පාසල් සඳහා අධ්යාපන ප්රතිසංස්කරණයක අවශ්යතාවය තිබුණ ද එය සිදු කළ යුතු ආකාරය මෙය නොවන බව පූජ්ය පාතේගම ඤානීස්සර හිමියන් පැවසීය. උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්රධාන දේශනයට එක්වෙවෙමිනි. එමෙන්ම රටේ සංස්කෘතිය විනාශ කරමින් සහ බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩ නැගීමට හැකියාවක් නොමැති බවද මෙහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්ය පාතේගම ඤානීස්සර හිමියන්, ”පාසල් අධ්යාපන ප්රතිසංස්කරණයක් ඕනේ කියලා අපි පිළිගන්නවා. ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ් අධ්යාපන ප්රතිසංස්කරණවලින් කියනවා කුමරි බඹසර කඩපල්ලා.. කුමර බඹසර කඩපල්ලා.. මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක…
වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට ජාත්යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ වී ඇති බැවින් වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම එරටින් පිටත් විය යුතු බවය. මේ සම්බන්ධව වෙනිසියුලාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවේ ආරක්ෂක තත්ත්වය තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින බවත් ඒ අනුව වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන් වහාම වෙනිසියුලාවෙන් පිටත්ව යන ලෙසත්ය. පිටත්ව යාමට පෙර එක්සත් ජනපද පුරවැසියන් පූර්වාරක්ෂාවන් ගත යුතු බවත් ඔවුන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් විය යුතු බවත් දන්වා ඇති තානාපති කාර්යාලය…
ඉරානයේ වත්මන් පාලනයට එරෙහිව පසුගිය සතියේ ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව 14වැනි දිනටත් පැවැත්විණි. එරට නගර 180ක ස්ථාන 500කට වැඩි ප්රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 116ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කර සිටී. ඒ අතර කුඩා ළමයින් ද නව දෙනෙකු සිටින බව වාර්තා වේ. එමෙන්ම 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් මේ වන විට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇත. විරෝධතාකරුවන් තවදුරටත් දේපළවලට හානි කරමින් ප්රචණ්ඩව හැසිරෙන අතර එරට පුරා අන්තර්ජාල සේවා ද තවමත් අක්රිය තත්ත්වයේ පවතී. මෙවන් පසුබිමක එරට උත්තරීතර නායක අයොතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ විරෝධයේ නිරත පිරිස්වල අරමුණ…
සිරියාවේ ක්රියාත්මක IS ත්රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ, IS ත්රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු මියයාමේ සිද්ධියට ප්රතිචාර වශයෙන් මෙම ගුවන් ප්රහාර සිදුකර ඇති බවය. එම ගුවන් ප්රහාර අමෙරිකානු වේලාවෙන් ඊයේ දහවල් 12.30ට පමණ සිදුකර ඇති බව වාර්තා වෙයි. අමෙරිකා හමුදා සහ හවුල් හමුදා මෙම ප්රහාරට සහභාගී වූ බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. “Operation Hawkeye Strike” ලෙස නම් කළ පළමු ප්රතිප්රහාරය පසුගිය දෙසැම්බර් 19 වන දින අමෙරිකා එක්සත් ජනපදය සහ ජෝර්දානය එක්ව ක්රියාත්මක කර…
මන්නාරම බොක්ක ප්රදේශයේ පවතින අඩුපීඩන ප්රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවය. කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර – උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ සහ මධ්යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. සෙසු ප්රදේශවල සවස් කාලයේ හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
ලංවිම ප්රතිව්යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු පිළිබඳව ලංකා විදුලි බල විශ්රාම යෝජනා ක්රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. දීර්ඝ ලිපියක් මගින් අදාළ සේවක පිරිස සඳහන් කර ඇත්තේ පත් කළ දිනය තීරණය කර නැවත තහවුරු කළද මෙතෙක් ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඔවුන් මේ වන විට ගැටලු රැසකට පත්ව ඇති බවය. අදාළ ලිපිය මගින් බලශක්ති අමාත්යවරයාද එම සේවක පිරිස දන්වා ඇත්තේ අනුප්රාප්තික ආයතන වෙත අනුයුක්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා…
