Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් අද රජයේ නිවාස වල ඉන්නවා. ජේ.වී.පී.ආණ්ඩුව මේ ජනාධිපතිවරු තුන්දෙනාම ගේන්න උදව් කළා. ශ්‍රී ලංකා කාරයොන්ටයි, පොහොට්ටු කාරයොන්ටයි ,ජේ,වී.පී කාරයොන්ටයි ඔක්කොටම ඉස්සරහට බෙදාගන්න තියෙන්නේ ඔය ඡන්ද හැට නව ලක්ෂය තමයි.යූ.එන්.පී කාරයොයි සමගි කාරයොයි කියන්නේ එකක්.ඇල්ල වැල්ලවායේ බස් අනතුරෙන් 15ක් මිය ගියා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරදලු.මේ පාර කැපුවේ හැට හතේ.ඔක්කොම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා. මේ ගෙවල් කඩමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. තව වැඩ ගොඩක්…
ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයට වැටුණු බස් රථයේ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් බස් රථයේ හිමිකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එම බස් රථ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්. ටී.ඩබ්ලිව්. කේ. රූපසිංහ මහතා ඇතුළු නගර සභා සේවකයන් 12 දෙනකු මියගොස් තිබුණි.
තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි. තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට…
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමිකමේදී ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(10) දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බවද ඔහු සඳහන් කළේය කෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
නාමල් ජනාධිපති වෙන්න හදන්නේ “අයිස්ලන්තයේ” දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මෙවැනි ගිවිසුම් 12ක් පමණ අප පසුගිය කාලයේ සම්මත කර තිබෙනවා.එක්සත් අරාබි රාජ්‍යය සමඟ මේ ගිවිසුමට පෙර ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන රටට ඇවිත් තිබෙනවා. ආර්ථිකය නන්නත්තාර ගිහිපු රටක අලුත් කණ්ඩායමක් ලෙස අප පැමිණ මේ මුදල ගෙන ඒම ගැන සතුටු විය හැකියි. ආයෝජකයන්ට හිතකර සමාජයක් ගොඩනගා ඇති බව අප ඔප්පු කර තිබෙනවා.කුඩු සංස්කෘතිය රැකපු කුඩු කාරයෝ රැකපු අය අද කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවෙන් යැයි කියනවා.නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේද කියා මා අහන්න කැමතියි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.
අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝන මීටර 5,000 ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝනමීටර 5,000ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට අදාළව ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. එකී ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් දස දෙනෙකු ලංසු ඉදිරිපත් කර ඇත.
යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය. ගවයන්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව, ස්වාභාවික රබර් සහ ඒවායින් ලබා ගන්නා නිෂ්පාදන වන ටයර්, චොකලට් සහ ලී ගෘහ භාණ්ඩ හේතුවෙන් සිදුවන වන විනාශය නියාමනය කිරීම එම රෙගුලාසිවල අරමුණ බව එම වාර්තාවේ දැක්වේ. ඒ අනුව ලබන වසරේ මුලසිට යුරෝපා සංගමයේ වෙළඳපොළට අපනයනය කරන ඕනෑම නිෂ්පාදනයක් වන විනාශයෙන් තොරව නිෂ්පාදනය කර තිබිය යුතු බවත් නිෂ්පාදිත රටේ නීතිවලට අනුව නීත්‍යානුකූලව…
නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය. කත්මණ්ඩු නගරයේ දල්ලු ප්‍රදේශයේ හිටපු අගමැතිවරයාගේ නිවසේදී එම සිදුවීම සිදුව ඇතිි බවත් විරෝධතාකරුවන් හිටපු අගමැතිවරයාගේ නිවසට ගිනි තබන අවස්ථාවේදී ඇය ගින්නට හසුවී මිය ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එසේම නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයද විරෝධතාකරුවන් ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවිණ. ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා විය. ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවත්ය. කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන්…
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. ග්‍රාමීය ජීවනෝපායන්, නව රැකියා උත්පාදනය සහ කෘෂි ආහාර අංශය දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමග නව හවුල්කාරීත්වය ඇතිකර ගත් බව ලෝක බැංකු සමූහය පැවැසුවේය. ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහාය යටතේ ඇරැඹෙන ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට කෘෂි ආහාර නිෂ්පාදකයින් 8000 කට සෘජුව සහාය ලබා දෙනු ඇති බවත් හෙක්ටයාර 71,000 ක භූමි ප්‍රමාණයක වාරිමාර්ග හා ජලාපවහන සේවා වැඩිදියුණු…
