Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ‘IRIS DENA’ නෞකාවේ සිට ජීවිතක්ෂයට පත්වූ ඉරාන නාවිකයින් 84 දෙනාගේ මළ සිරුරු රැගත් ගුවන් යානය ඉරානය බලා පිටත්ව ගොස් තිබේ. අද (13) රාත්‍රී 09.29ට මෙම ගුවන් යානය පිටත්ව ගිය බව සඳහන් වේ. මෙරට ඉරාන තානාපති කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මිය ගිය නාවිකයින්ගේ සිරුරු පිටත්කර යැවීම සිදුකෙරේ. පසුගිය මාර්තු මස 04වනදා ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වූ අතර, එහි 180ක පමණ පිරිසක් සිට ඇතැයි අනාවරණය වුණි. පසුව ඉන් මුදාගත් 35 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව…
වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළව සේවා ව්‍යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුළත් කර ඇති අයුරු දක්නට ලැබෙන බව එම සංගමය සඳහන් කරයි. මෙම ලිපිය රාජ්‍ය ආයතනයක් මඟින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරියෙක් සඳහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බව නිරික්ෂණය වෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට නොතීසි ලද විට මහාධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියම කළේය. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බවය. ඒ, මහාධිකරණයේ නොතීසි ලද විට සැකකරුට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය. ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 2017 – 2018 වර්ෂයේ මාස 6ක් සඳහා ලංකා ඛනිජ තෙල්…
නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස එස්. සතීස්තරන් මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එස්. සතීස්තරන් මහතා වෙත භාර දෙන ලදී. අධිකරණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන එස්. සතීස්තරන් මහතා, චාවක්කච්චේරී දිසා විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව පසුගිය 28 වෙනිදා සිට ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 1,444 දෙනෙකු මිය ගොස් තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තවත් පුද්ගලයින් 18,551ක් දෙනෙකු තුවාල ලබා ඇති බවය.
කොළඹ මහාධිකරණයේ හා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී අද (13) විනාශ කෙරුණි. එමෙන්ම රසපරීක්ෂක කාර්යාලයේ තිබූ නඩු 1500 කට ආසන්න ප්‍රමාණයක නඩු භාණ්ඩද එහිදී විනාශ කර තිබේ. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ අධිකරණයෙන් අද (13) අලුයම පිටතට ගනු ලැබීය. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 539ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132ක්, කොකේන් ග්‍රෑම් 55ක් හා මත්පෙති 3,482ක් වූ බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මතාගේ අධීක්ෂණයෙන් පසු මෙම මත්ද්‍රව්‍ය…
ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයේ සිදුකළ නළ ළිං කැනීමකදී මෙරට විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව තිබේ. එහි දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා පවසා සිටියේ, විනාඩියකට ලීටර් 10,000ක (ඝන මීටර 10) අඛණ්ඩ ජල ගලනයක් සිදුවන ජල මූලාශ්‍රයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බවය. මීට පෙර මෙවැනි විශාලතම ජල මූලාශ්‍රය සොයාගැනීමට හැකිව ඇත්තේ මඩු ප්‍රදේශයෙන් වන අතර, එහි විනාඩියකට ලීටර් 7000ක ජල ගලනයක් සිදුව ඇත. පාෂාණ ස්ථර පිළිබඳ අධ්‍යනය කර ස්ථර පැලුම් හරහා භූගත ජලය ඇති ස්ථාන, තාක්ෂණික මෙවලම් හරහා හදුනාගෙන මෙම නළ ළිඳ කැනීම සිදුකර තිබේ. ඒ අනුව ඉදිරියේදී පිටබැද්දර, මොරවක හා අවට තදාසන්න…
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 600,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි මස පළමු දින සිට මාර්තු 11 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 623,651 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 115,772 දෙනෙකු ලෙස වාර්තා වී ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 66,164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56,114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45,939 දෙනෙකු සහ චීන ජාතිකයින් 39,725 දෙනෙකු ද මේ අතර වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින්…
ඉදිරි උත්සව සමයත් සමඟ අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එම සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල මහතා සඳහන් කළේ, මේ වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බවය. ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේ පැමිණෙන උත්සව සමයත් සමඟ, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය තුළ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවය. එවැනි ලින්ක් හරහා ව්‍යාජ වෙබ් අඩවි…
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය. එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
