Author: LANKA24X7

වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළත් වී ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමුකර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මෙම දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වංචාකරුවන් විසින් පරිශීලිකයන් රවටා වට්ස්ඇප් OTP අංකය ලබා ගෙන ඔවුන් වෙත ව්‍යාජ පණිවුඩ යොමු කර මුදල් වංචා සිදුකරන බවය. ඒ අනුව මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත්ව සිටින ලෙස පොලීසිය දන්වා සිටී. එමෙන්ම පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයන් වෙත අන්තර්ජාල ගිණුම්හි OTP අංක ලබා නොදෙන ලෙසය.

Read More

වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

Read More

කුරුළු උද්‍යාන ගබඩාවේ රුපියල් මිලියන 250ක් වටිනා අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි ගබඩා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇප මත මුදා හැර තිබේ. ඒ අද (30) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම පුද්ගලයා මුදා හැර තිබේ.

Read More

කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. මෙම ස්ථානය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයේ කැණීම් සිදුකර ඉහත දේපළ සොයා ගෙන ඇත. මේවා මෙම ස්ථානයේ වළදමා ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read More

කොටස් එකලස් කර තනන ලද සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දියණිය මීට සුළු මොහොතකට ඉහතදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත පැමිණ බාර වූ බව එම ඒකකයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය කුමාර මහතා පැවසීය. එම සැකකාරිය නීතිඥවරයකු මාර්ගයෙන් භාර වීමෙන් අනතුරුවය. ඉකුත් 20 දා එකී සැක කටයුතු ජීප් රථය පදවාගෙන යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන භාරයට පත්කර පසුව ඇපමත මුදා හැර තිබිණි. මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභේ ගුණවර්ධන මහතාගේ බෑනාද අත්අඩංගුවටට ගෙන ලබන මස 01 දක්වාම රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකාරීන් විසුරුවා හැරීමේ විමර්ශනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපේක්‍ෂිත ඇප ඇයදුම්පත්‍රයත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ඒකක 03 ස්ථානාධිපතිවරයා වග උත්තරකරු කරමින් මෙම ඇප අයදුම් පත්‍රය ඉදිරිපත් කළේය. 2022 මැයි මස 09වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වන බවත්,එම නඩු කටයුත්ත විභාග කොට අවසන් තීන්දුවක් ලබාදීමට පෙර අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කෙරිණි . මෙම…

Read More

පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් දෙකක පැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පානදුර නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බව පොලිසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර පැල්මඩුල්ල පාතගම නිවසක සැඟව සිටියදීය. 35 හැවිරිදි සැකකරු රත්නපුර අංගම්මන පදිංචිකරුවෙකි.

Read More

මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් ඊයේ (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව, මාලදිවයින් නියෝජ්‍ය කථානායක අහමද් නසීම් (Ahmed Nazim), එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා ඛලීල් (Dr. Abdulla Khaleel), ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍ය මොහමද් සයීඩ් (Mohamed Saeed), ආරක්ෂක අමාත්‍ය මොහමද් ගසාන් මව්මූන් (Mohamed Ghassan Maumoon), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) සහ ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉහුසාන් (Ali Ihusaan) යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ. මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත වීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඔවුහු දෙරට අතර…

Read More

ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා රුපියල් හතළිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් 29 වෙනිදා සවස එම මුදල පොලිස් ස්ථානාධිපතිවරයා ශාරීරික අභ්‍යාසයේ යෙදෙමින් පාගමනින් යන අතරතුර පේරගස් මණ්ඩිය අසලදී එම අදාල මුදල ලබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Read More

හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි. ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරියක් රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට එමින් සිටියදී එම ලොරිය රියදුරගෙන් මිදී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඒ අසල නවතා තිබූ තවත් යතුරු පැදිකරුවකුද යටකරගෙන කුඩා පෙට්ටි කඩයකද ගැටීගෙන ගොස් ඇල්ලක වැදි නැවතී ඇති බව පොලිසිය කියයි. අනතුරින් ලොරියේ රියදුරු සහ යතුරු පැදිකරු මියගොස් තිබේ. සිද්ධියෙන් සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු හතරලියද්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති අතර තවත් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරු කොට එවා තිබේ.

Read More