Author: LANKA24X7

මොරටුව – එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩගසා තිබේ. එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇත. කෙසේවෙතත් මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පැවසුවේය. එමෙන්ම අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ත් 60ත් අතර සීමාවක පසුවන්නෙකු බවට පොලීසිය සැක පළ කරන්නේය.

Read More

මේ වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි. සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කිරීම වැදගත් සංධිස්ථානයක් බව රජය ප්‍රකාශ කරයි. මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ධනයකි.

Read More

රාජගිරියේ අධික මාර්ග තදබදය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ වැඩ පැය අහිමිවීම සහ ඉන්ධන නාස්ති වීම යනාදී කරුණු හේතුවෙන් මෙම නාස්තිය සිදුවන බව ගණන් බලා ඇත. රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර කාලයක් තිස්සේ පවතින මෙම තදබදයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති. නාවල ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් උදය වරුවේ රාජගිරියට ඇතුළුවීමට උත්සාහ දරන කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන් පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ…

Read More

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය. ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත. ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත. එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව…

Read More

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන වැලිගම වැලිහිද ප්‍රදේශයේ හෝටලයක් වටලා මෝල්ඩෝවා ජාතික තරුණයකු ඊයේ සවස සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. ඒ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. අදාල හෝටලයේ වායු සමනය කළ කාමරයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 18 හැවිරිදි සැකකාර මෝල්ඩෝවා ජාතිකයා මෙරට පදිංචි කිහිප දෙනකුගේ ද සහාය ඇතිව මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසිය සැක කරයි. එම ස්ථානයේ තිබී අවර්ණ රසායනික දියර සහිත…

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය. එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…

Read More

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. එම බදු ලිපිගොනු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැනීමට විපක්ෂයෙන් වෙනම කණ්ඩායම්ද පත් කරනු ලැබ සිටිති. එම කණ්ඩායම්වලට නීතිඥවරුද ඇතුළත් වෙති. මේ අනුව මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බදු ගෙවීමේ සියලුම ලිපිගොනු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව ආසන සංවිධායකවරුන් මාර්ගයෙන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…

Read More

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ. ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි…

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කියයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More