Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය නෞකාවක් දිවයිනට පැමිණ තිබේ. එම නෞකාව මේ වන විට ත්‍රිකුණාමලයෙන් දිවයිනට ඇතුළු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. එලෙස දිවයිනට පැමිණ ඇත්තේ, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUKANYA’ යුද නෞකාවයි.
වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසයි. රටට බලපා ඇති ඕනෑම හදිසි ආපදාවකදී විපතට පත් ජනතාව සිය ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වාගන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ගිනි නිවන හමුදාව ඇතුළු මුදාගැනීමේ කණ්ඩායම් තම ප්‍රදේශවලට පැමිණීමත් සමගිනි. මෑත ඉතිහාසයේ කවරදාකටත් වඩා මෙවර ගංවතුර හා නායයෑම් ආපදාවලදීත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරමින් සිටින්නේ සුවිසල් මානුෂිය මෙහෙවරකි. එම දැවැන්ත මෙහෙයුම් අතරතුර ශ්‍රී ලාංකික හදවත් කම්පා කළ සිදුවීමක් ඊයේ (30) වාර්තා විය. ඒ, මානුෂීය ක්‍රියාන්විතයේ නියැලෙමින් සිටි ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්…
මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ඒ අනුව, අද (31) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, මුතුර් ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණි. නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක්, මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ ආපදා සහන මෙහෙයුම් සඳහා සූදානම්ව තබා ඇත. තවද, මෙම මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම නාවික හමුදාව අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතී. හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන අතර, එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවය. ඒ අනුව නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය. තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල…
හෙට (01) සිට 05 වැනිදා දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මුහුදුබඩ මාර්ගය (ඉහළ) 1. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා) 2. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි) 3. මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි) 4. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow) 5. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී) 6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow) 7. අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow) 8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow) 9. අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow) 10.…
තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නාය ගොස් තිබේ. තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්‍රදේශය මීටර 100ක පමණ කොටසක් මෙලෙස නායයාමට ලක්ව ඇත. මේ හේතුවෙන් සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්‍රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බවද සඳහන්. කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.
කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. මේ හේතුවෙන් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් දන්වා තිබේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර අලුත්ම වාර්තාවේ සඳහන්ය. මේ වනවිට පවුල් 266,114කට අයත් පුද්ගලයින් 968,304ක් ආපදාවට ලක්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (30) උදෑසන 11.30 නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මේ අතර වැඩිම ආපදා මරණ ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඒ මරණ 71කි. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 52ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 15ක් වාර්තා වී තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් සහ ආපදාවන්ට…
දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාපතනය හමුවේ ඊයේ පස්වරු 6 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ එයින් පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවය. එමෙන්ම නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් සහ 203ක් මේ වන විට වාර්තා වී ඇතැයිද ඒ මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ආපදාව හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ශ්‍රී ලංකාව පුරාම ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර පවුල් 34, 198ක් පුද්ගලයින් 122,822ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම පවතින තත්ත්වයන් තුළ සහනාධාර සම්බන්ධ ගෙවීම් සංශෝධනය…
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදාවට ප්‍රතිචාර වශයෙන් ජපානය මෙරටට හදිසි ආධාර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) හරහා මෙරට රජයට තක්සේරු කණ්ඩායමක් එවීමට ජපාන රජය තීරණය කර ඇත. එම කාර්ය මණ්ඩලයට වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් වන අතර ඔවුන් මෙරට වෛද්‍ය අවශ්‍යතා නිරීක්ෂණය කරනු ඇති බවත් සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් එවීමට ඇති හැකියාව සම්බන්ධීකරණය කරනු ඇති බවත් සඳහන් වේ එමෙන්ම ජපාන රජය විසින් JICA ආයතනය හරහා විපතට පත් ජනතාවට කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු හදිසි සහනාධාර භාණ්ඩ ලබාදීමට ද තීරණය කර තිබේ.
