Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඔහු පැවසීය. රටවල් 33කින් අදාළ ගිණුම්වලට මෙම මුදල් ලැබී තිබේ. ඒ අනුව ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව…
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (4) ප.ව. 4.00 ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපල හානි පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් වේ.
ඉන්දීය ආපදා ආධාර රැගත් 08වන යානයත් අද (04) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් රැගෙන විත් තිබූ අතර, එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10න් 02වැනි පාලම වේ. මෙම පාලම ඇතුළු ඉන්දීය ගුවන් යානය මගින් රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි. මෙම පාලම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතය. මීට අමතරව බෝට්ටු, සීනි සහ…
ලොව ඉහළම සංචාරක ආකර්ෂණයක් සහිත රටක් බවට යළිත් වරක් පත්කරමින් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 21කට වැඩි විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 2,103,593 දෙනකු මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.
ඇති වූ ආපදා තත්ත්වයෙන් පසුව බස් රථ 4,000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. ඉන් 2,500කට ආසන්න බස් රථ ප්‍රමාණයක් දුර ගමන් ධාවනය සඳහා සැලසුම් කර ඇති බවත් පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් අඩාළ වූ දුම්රිය ධාවනය වෙනුවෙන්ද විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කළ බව ද එහි සභාපති සජීව කනකරත්න මහතා පැවැසීය. එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් ගමන්වාර 1,500ක් පමණ අවලංගු වූ බවද හෙතෙම පැවැසීය. එසේම ලංගම ආසන වෙන්කිරීමේ සේවාව සිදුකරන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000ක් සිටින බවත්…
ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රධානයක් සිදුකිරීමට තීරණය කර තිබේ. ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙම ප්‍රධානය සිදුකරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය දා සිදුවු ආපදා හේතුවෙන් හානියට පත් ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 3 සදහා ක්ෂණික ප්‍රධානයන් සිදුකිරීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3ක්, තායිලන්තයට සහ වියට්නාමයට අමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් ලබා දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වු ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා හදිසි ජීවිතාරක්ෂක…
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය. අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට පසුගිය දින කිහිපයේ එම ප්‍රදේශයට ළඟවීමට නොහැකිව තිබුණි. ඒ අනුව අදාළ කණ්ඩායම් ඊයේ (2) බලපෑමට ලක් වූ ප්‍රදේශවලට පැමිණ මියගිය පිරිස් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරිමත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළගොස් ඇත. ඉන්දුනීසියාවට අමතරව අග්නිදිග ආසියාවම මාස ගණනාවක් තිස්සේ පැවති අයහපත් කාලගුණයෙන් මාරාන්තික ලෙස බැට කමින් සිටී. මේ වනවිට සිදුව ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් එම කාලපය තුළ පමණක් දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.
