Author: LANKA24X7

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර කලාසූරී, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමීයේදි සිදුකිරීමට නියමිතය. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් පැමිණ සිටියහ. සතිස්චන්ද්‍ර…ශබ්දයෙන් ගත්ත ද අර්ථයෙන් ගත්ත ද සලකුණක් ලෙස ගත්ත ද එය අද්විතීය නමකි. වචනයේ පරිසමාප්ත අරුතින්ම ශ්‍රී ලාංකිය කලාව පනස් වසරක් පුරා ආලෝකවත් කළ සතිස්චන්ද්‍ර නම් වූ ඒ ප්‍රතාපවත් පෞරුෂය පසුගිය 23 වනදා සිය ජීවන රඟමඬලෙන් බැසගියේය. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී දිවිගමනට සමුදෙන විට එදිරිසිංහයන්ගේ වයස අවුරුදු 84කි. 1941 පෙබරවාරි 11 වැනි දින උපත ලද සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් කැලණිය ධර්මාලෝක විද්‍යාලය ඇතුළු සිප්හල් රැසකින්…

Read More

සියලූම බෙදීම් අමතක කර, සහෝදරත්වයෙන් සියල්ලන් වැලඳගැනීම සහ සිය විමුක්තිය උදෙසා ධනාත්මක චින්තනයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරීම ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩ අතර ප්‍රමුඛ වෙන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. නත්තල් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩය තුළ ගැබ්ව පවතින්නේ මානව සමාජයේ උන්නතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් බවය. ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන් විසින් ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සමරන නත්තල් දිනයේ දී ජේසු සමිඳාණන් විසින් දේශනා කළ හා සිය පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ ආදරය, කරුණාව, මනුෂ්‍යත්වය සහ වීර්යය වැනි උතුම් ගුණාංග පිළිහිඹු කරන බව…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාමනාදන් අර්ච්චුනාට ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබුණි. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

Read More

නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කළේ, පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේද ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නොගොස් සිටින ලෙසය.

Read More

ශ්‍රී පාද – හැටන් මාර්ගයේ නැයයෑමට ලක් වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙල සහ ආරක්ෂිත පැතිබැම්ම යුද හමුදා භටපිරිස් විසින් මේ වන විට කඩිනමින් ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරමින් පවතී. ශ්‍රී පාද මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය මත වැඩී ආ ආක්‍රමණශිලි ශාක වර්ගයක් වර්ධනය වී ඇත. එම ශාක පදුරු පැවති වර්ෂාවක් සමග අපද්‍රව්‍ය සහ සමග පහළට කඩාගෙන විත් ශ්‍රී පාද මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීම නිසා එම වැටට හානි සිදු වී තිබුණි. එම ප්‍රදේශයේ නායයෑම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය විසින් එම ස්ථානයට ගොස් ස්ථාන පරික්ෂාවක් සිදු කර ලබා දුන් නිර්දේශ අනුව යුද හමුදා භට පිරිස් විසින් නාය යෑමට ලක් වූ එම…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට වරෙන්තු නිතුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත. කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එම නියෝගය ලබා දී තිබේ.

Read More

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබේ. Novo Nordisk සමාගම පවසන පරිදි, මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, එය බර අඩුකිරීමේ ඖෂධ ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භයක් ලෙසද හැඳින්වේ. දිනකට වරක් ලබාගත හැකි මෙම පෙත්ත, එන්නත් ලබාගැනීමට වඩා පහසු විකල්පයක් වන අතර එන්නත මඟින් ලැබෙන ප්‍රතිඵලම මින් ලැබෙන බව ද එම සමාගම පවසයි. මෙම නව ඖෂධය 2026 ජනවාරි මාසයේදී අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

Read More

ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි. 1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියයි. 1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ ‘කෙටි වලිගය’ චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය. අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු පදික කාන්තාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම මෝටර් රථයේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින්…

Read More

අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට ගනු ලැබූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. ඉන්පසුව මෙම නඩුව ලබන මැයි මස 08 වනදා කැඳවීමටද නියම විය.…

Read More