Author: LANKA24X7

ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් මෙම ආධාර තොගයේ අඩංගුය. මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විතය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Read More

ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේතුව සඳහන් කර සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය. එම දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා සිටියේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර ගොනු කළ යුතු බවය. කෙසේ වෙනත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන ලද අයහපත් කාලගුණික…

Read More

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඉල්ලීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ වන විට සමාලෝචනය කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව සඳහා වූ IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපගෝගියු සඳහන් කළේ මෑත වසරවල ශ්‍රී ලංකාවට බලපෑ වඩාත්ම විනාශකාරී කුණාටුවක් වන මෙම කුණාටුව යටිතල පහසුකම් විනාශ කර, දහස් ගණනක් අවතැන් කර ඇති අතර රටේ ආර්ථිකය පිළිබඳ කනස්සල්ලක් ඇති කරවන බවය. මෙම ඉල්ලීමට…

Read More

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 1.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර ඉදිරි පැය…

Read More

ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවය. ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී ඇත. මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා…

Read More

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වු ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ කටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බව එහි සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය. මේ අතර මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා…

Read More

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් මෙලෙස ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය. මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කළ පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකි. අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය. අද (5) පෙරවරුවේ නිවේදනයක් නිකුත්කරමින් ඔහු පවසා සිටියේ, මී.මී. 125කට ආසන්න වැස්සක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බවය. කෙසේ නමුත් අනෙකුත් බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැළුණු බවත්, ගංගාවල ජල මට්ටමේද ලොකු වැඩිවීමක් නොපෙන්වන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම ඒ අනුව අනෙක් ප්‍රදේශවලට වර්ෂාව නොමැතිවීම තුළ ගංගාවල ජල මට්ටම් වැඩිවීමක් නොමැති බවත් පෙන්වා දුන්නේය. මේ අතර වැව් පද්ධතියේ අනතුරුදායක වාන් දමන තත්ත්වයක් නොමැති බවත්, බොහෝ වැව් වාන් මට්ටමේ හෝ සාමාන්‍ය ප්‍රමාණයකින් වාන් දමමින් තිබෙව බව…

Read More

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය. ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය. “සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව තිබේ. එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම්වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපි අපේක්ෂා කරනවා” ලෙසින් එහිදී ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාව දැනට එහි හවුල්කරුවන් සමග…

Read More