Author: LANKA24X7

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවීත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය. එමෙන්ම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.

Read More

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (16) දින 17ක් ගතවී තිබේ. —————————— 06.40am ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ යුරෝපය පුරා ඉන්ධන මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇත. නෙදර්ලන්තය වැනි ඉහළ බදු සහිත රටවල ඩීසල් ලීටරයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3කට ආසන්න වී ඇත. ————————————- 06.10am ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) සතු අවි ගබඩාවලින් බහුතරයක් තවමත් සුරක්ෂිතව පවතින බවත්, වඩාත් දියුණු ආයුධ අතිරේක සංචිත ලෙස තබාගෙන ඇති බවත් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පවසයි. ——————————————— 06.00am අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිලී ගිය IRIS…

Read More

ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ”නිසි ප්‍රතිචාරයක් ලබා දෙන” බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා තිබේ. යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බවද එහිදී ඔහු පැවසීය. ඉරාන හමුදාපති අමීර් හතාමි අවධාරණය කළේ ඉරානයේ මුහුදු…

Read More

පේරාදෙණිය යකා පාලමේ ඉදිකිරීම් කටයුතු නියමිත දිනට අවසන් කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ පාලමේ ඉදිකිරීම් කටයුතු විධිමත් නොවීම හේතුවෙන් එය යළිත් අබලන් තත්ත්වයට පත්ව ඇති බවය. “දිට්වා කුණාටුවෙන් පස්සේ මේ වෙනකොට මාස තුනක් පහුවෙලා තියෙනවා. දුම්රිය මාර්ග සම්පූර්ණ වශයෙන් යථාවත් කිරීම දිනෙන් දින ප්‍රමාද වෙනවා. පේරාදෙණියේ පාලම රජය මගින් දින නියම කරලා අප්‍රේල් 28 වෙනකොට අවසන් කරනවා කියලා නමුත් මේ වෙනකොට ඒකේ වැඩ නැවතිලා තියෙනවා. හැබැයි ඒකට වෙන වෙන කතා රජයට හිතවාදී වෘත්තීය සමිති සම්බන්ධ කරගෙන වෙනම ප්‍රචාරන යනවා. නමුත් සත්‍ය කතාන්දරය පාලම මේ වෙනකොට නැවතත් ඇදවීමකට ලක්වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව…

Read More

නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, එම පදිංචිකරුවන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ අදාළ ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදුකළ බවය. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ…

Read More

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය සිදුකරන ඒකාබද්ධ හමුදා මෙහෙයුම්වලට ඉතාලිය තවදුරටත් සහයෝගය ලබා නොදෙන බව ඉතාලි අගමැති ජෝර්ජියා මෙලනි පවසා තිබේ. ඉතාලි පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එහිදී ඇය පවසා ඇත්තේ, සිය හමුදා මැදපෙරදිගින් ඉවත්කර ගන්නා බවය. ඉතාලිය මැදපෙරදිගට එරෙහි යුද්ධයේ කොටසක් නොවන බවත්, ඉරානයට එරෙහි යුද්ධයකට ඉතාලිය සහභාගි නොවන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබේ.

Read More

ඝාතනයට ලක්වූ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමර යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. ඒ බටුවත්ත චාමර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙනි. මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් 4දෙනෙකු අද ඉන්…

Read More

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ. ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.

Read More

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවය.

Read More

මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන් 10 දෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසිය පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් සොයාගැනුණි. ඒ අනුව නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත මත්ද්‍රව්‍ය හා ගිනිඅවි සමග අදාළ සැකකරුවන් 10 දෙනා භාරදී තිබේ. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන (12)…

Read More