Author: 24x7

එක්දින ලකුණු දහසේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ලකුණු සබඳතාවේ වාර්තාව සමකිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් සමත්විය. ඒ එංගලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයේදීය. මෙහිදී වෝනර් හා හීඩ් පළමු කඩුල්ලට ලකුනු 269 ක දැවැන්ත සබඳතාවක් පැවැත්වූහ. ඒ සමගින් ඔවුන් දෙදෙනා එක්දින ලකුණු දහසේ සබඳතාවට පැමිණියේ ඉනිම් 13 ක් පමණක් වැය කරමිනි. මීට පෙර ඉනිම් 13 කදී ලකුනු දහසේ සබඳතාවට පැමිණ තිබුනේ නවසීලන්තයේ රොජර් තෝස් හා නේදන් ඇස්ලේ යන යුගලය පමණි. ඊට අමතරව අඩුම ඉනිම් ගණනකින් මෙම සීමාවට පැමිණි අනෙකුත් පිතිකරුවන් ලෙස එංගලන්තයේ ජේසන් රෝයි හා ජෝ රූට් (ඉනිම් 14), ඉන්දියාවේ එම්.එස්. දෝනි හා ගෞතම් ගම්භීර් (ඉනිම් 14) මෙන්ම…

Read More

මාස හයකට පසු යළිත් චීනයෙන් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. 87 හැවිරිදි බීජිං නගරයේ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව පසුගිය මැයි මාසයෙන් පසුව එරටින් වාර්තා වූ පළමු කොවිඩ් මරණය මෙය ලෙස සැලකේ. කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් මේ වන විට බීජිං ඇතුළු චීන නගර කිහිපයකටම දැඩි සීමා පනවා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඊයේ (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,267ක් චීනයෙන් වාර්තා වී තිබේ

Read More

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බව වාර්තා වේ. එම හේතුවෙන් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනය චියෑන්ජූර් නම් කලාපය කේන්ද්‍ර කොට සිදුව තිබුණි.…

Read More

සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ රිච්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන ඇති බවය. මේ හේතුවෙන් භූකම්පනය හටගත් ස්ථානයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත සොලමන් වෙරළ තීරයේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තා වේ. භූ කම්පනය තත්ත්පර 20ක පමණ කාලයක් සිදුව ඇති බව සඳහන්ය. නගර ආශ්‍රිතව විදුලිය ද විසන්ධි වී ඇති අතර ජනතාව එම ප්‍රදේශය අතහැර උස්බිම් වෙත පළායමින් සිටින බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

Read More

ශ්‍රී ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ. මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක‍්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම පවසයි. දෙසැම්බර් 16 සිට 30 දක්වා කාලයේ හැර අනිකුත් දින වලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක‍්‍රියාත්මක කරන බව සමාගම සඳහන්…

Read More

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද (22) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය. අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළේය. ඉන් පසුව එක් එක් විත්තිකරුවන් රුපියල් 20,000 බැගින්වූ මුදල් ඇප…

Read More

මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800ක් සන්තකයෝ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800ක් සොයා ගෙන තිබේ. සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී එම මත් කරල් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ, 47 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (22) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය 2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘අද’ පුවත්පතට පැවසීය. සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න සඳහා විසඳුම් ලබානොදීම, බදු වැඩි කිරීම හරහා විශාල පීඩාවකට ජනතාව පත් කිරීම, අයවැය ලේඛනයේ සඳහන් බොහෝමයක් කරුණු යථාර්ථවාදී නොවීම යන කාරණා මුල්කර ගනිමින් මෙම තීරණයට එළැඹි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 2023 වසරේ පෙබරවාරි 04 දාට 75 වැනි නිදහස් දිනය සැමරීමට නියමිත අතර එදිනට මෙම අවස්ථාව ජනතාවට හිමිවෙයි.

Read More

දේශීය ණය ගෙවීම පිළිබඳ ගැටළුවක් මතුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක විය යුතුබවට දැඩිව ප්‍රකාශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්ථාවක් අද (22දා) පාර්ලිමේන්තුවේ සභාගත කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් තීරණ ගෙන නොමැති අවස්ථාවක මෙවැනි ප්‍රකාශ නොකළ යුතු බවත්, මෙවැනි ප්‍රකාශ කිරීම හරහා ආයෝජකයන්ගේ විශ්වාසය නැතිවී බැඳුම්කර මිලදී ගැනීම සිදු නොකරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම රජයේ මූලිකම වගකීම බවද හර්ෂ ද සිල්වා මහතා එහිදී…

Read More