Author: 24x7

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීන් මහත්මිය පැවැසුවාය. ඊයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඇය මේ බව හෙළි කළාය. “අපි අපේ සංචිතයෙන් ශ්‍රී ලංකාවට උදව් කර තිබෙනවා. ඊට පස්සේ මට රටවල් ගණනාවකින්ම එවැනි ඉල්ලීම් ලැබිලා තියෙනවා.” ඇය පැවසුවාය. 2021 මැයි මාසයේදී, බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 200 ක මුදල් හුවමාරුවක් ලබා දුන්නේය. එය බංග්ලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්සන් කරන ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ අගෝස්තු 3 වන දින බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ලබා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත. ඒහිදී  ආරම්භක පිතිකරු වූ පැතුම් නිශ්ශංක මෙන්ම ඉදිරිපෙළ පිතිකරු චරිත් අසලංක මෙලෙස විවාහ ගිවිසගෙන ඇත. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද අද විවාහ දිවියට පිවිසුනේය. ඔහුගේ මංගල උත්සවයට ක්‍රිකට් තරු රාශියක් සහභාගි වී සිටි ඡායාරූප අන්තර්ජාලයේ දැක්වේ.

Read More

ජනවාරි 23 උසස්පෙළ විභාගය පවත්වන බවත් දෙසැම්බර් 18 දා ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “ජනවාරි මාසේ 23 වන විට උසස්පෙළ විභාගයට මූණ දෙන්න තියෙනවා. දෙසැම්බර් මාසේ 18 වැනිදා පහේ ශිෂ්‍යත්වය  පවත්වනවා. සාමාන්‍ය පෙළ විභාගය අප්‍රේල් මාසයේ මැද හෝ මැයි මුල පවත්වන්න සිදුවෙනවා. මොකද උසස්පෙළ විභාගය මාස 1 හමාරක් විතර කල් දාන්න සිදුවුණ නිසා. 2023 වසරතුළ සියලු විභාග පවත්වලා නියමිත කාලයේදී විභාග පවත්වන්නත් විෂය නිර්දේශ ආවරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.”

Read More

මීට සති කිහිපයකට පෙර යාල වනෝද්‍යානයට ගොස් වාහන පදවමින් වනසතුන්ට හිරිහැර වන සේ රිය පැදවූ පුද්ගයින් සම්බන්ධව  කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි නිලධාරින්ගෙන් කරුණු විමසීය.‍ පසුගිය 25 දින යාල වනෝද්‍යානයේ පහල හේන්තොට සංචාරක නිවස්නය විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ගෙන්  කරුණු විමසනු ලැබීය. එහි දී අදහස් පළ කළ  යාල වනජීවි නිලධාරින් වාහන 35ක් පමණ එම අවස්ථාවට සහභාගි වී ඇති අතර  එහි දී පදවා තිබෙන්නේ වාහන 09ක් බවත් , ඉන් 07ක් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළේය. මෙම වාහන 07 අධිකරණය බාරයේ පවතින බව ද…

Read More

මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලියේ සහභාගිවූ පළමු තරගයෙන්ද කැනඩාවට බෙල්ජියම හමුවේ ගෝල 1-0 ක පරාජයක් හිමිවිය. ඔවුන්ට මොරොක්කෝව සමගින් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇතත් එහි ප්‍රතිඵලය දෙවැනි වටයට යාමට සුදුසුකමක් නොවේ. මීට පෙර තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වූ පළමු කණ්ඩායම වූයේ සත්කාරක කටාරයයි. කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් සඳහාද ඇ.ඩො. මිලියන ගණනක ත්‍යාග මුදලක් හිමිවන බව නිවේදනය කෙරිණි. ඒ් අනුව මූලික වටයට සහභාගි…

Read More

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් බංග්ලාදෙශ ඩකා හි අගමැති නිල නිවසේදී පැවැත්වීය. ඊයේ පැවැති මෙම හමුවේදී අමාත්‍ය සබ්රි සහ අගමැති හසීනා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව විදේශ කටුයුතු අමාත්‍යංශය පවසයි. එසේම ගුවන් සහ මුහුදු සම්බන්ධතා භාවිතා කරමින් මිනිසුන්ගේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ ඉදිරි මාවත කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවත් කොළඹ වරාය හරහා බංගලාදේශ යාත්‍රා සඳහා වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය. ශ්‍රී ලංකාවෙන් තවත් ආයෝජන බංග්ලාදේශය වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ අතර බංග්ලාදේශ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස…

Read More

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙත අපනයනය කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.‍ ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය තුළ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති…

Read More

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව  1969 අංක  1 දරන ආනයන හා  අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී,   අද තියෙන මිළ  අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. එසේම අදාළ රෙගුලාසි පිළිබඳ  දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2022.05.10 දිනැති අංක 2300/12, 2022.05.06 දිනැති අංක 2278/21, 2022.06.24…

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට පසුගියවර ශූරයින් වූ ප්‍රංශය සමත්විය. ඒ් ඊයේ (26දා) පැවති තරගයෙන් ඩෙන්මාර්කය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගැනීමත් සමගීනි. ප්‍රංශය වෙනුවෙන් වාර්තාවූ ගෝල ද්විත්වයේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක කයිලියන් එම්බපේය. ප්‍රංශය පසුගිය (2018) ලෝක කුසලානයේ හිමිකරුවන්ද විය.

Read More

බදුල්ල වේවැස්ස තේ වත්තේ දී ඊයේ (26) සවස 6.00 ට පමණ මුගුරකින් පහරදී 60 හැවිරිදි තම පියා ඝාතනය කළේයැයි සැකපිට ඔහුගේ 35 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි. කම්කරු නිවාසයේ ඉදිරියේ මිදුලේදී මෙම පහරදීම සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා එම  ස්ථානයේදීම මියගොස් තිබේ . සැකකරු නිවස අසල කුඩාමඩුවක සිටියදී ඊයේ දිනම  අත්අඩංගුවට ගත් අතර ඔහු  කථන  හා මානසික ආබාධිත සහිත  පුද්ගලයෙක් බවද විමර්ශන වලදි අනාවරණය වූ බව පොලිසිය සදහන්කළේය සැකකරු වියරු ලෙසින් හැසිරෙද්දි පවුලේ සෙසු සාමාජිකයන් නිවසින් එලියට දිවගොස් බේරි ඇති නමුත් මරනකරු මෙම ඛේදවචාකයට ගොදුරුව තිබේ මියගිය පුද්ගලයා මෙම වත්තේම (වේවැස්ස ) අනියම් කම්කරුවෙකු ලෙස රැකියාව…

Read More