Author: 24x7

සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත් අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය. පාසල් ගුරුවරියන් සංස්කෘතිකව සාරිය හා ඔසරිය ඇඳින බවත් ඔහු පැවැසීය.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ක්‍රීඩකයන් සහ නිලධාරීන් 28 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිළ කණ්ඩායම් දෙකක් වශයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය. මෙයින් පළමු කණ්ඩායම වශයෙන් 14 දෙනෙකු 11/22 උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . අනෙක් 14 දෙනෙකුගෙන් යුතු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 11/22 දින උදෑසන 10.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මහනුවර පල්ලෙකැලේ…

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑණු සත්වයන් අතරින් බාලම ගෑණු සත්වයා අද ( 22දා) අළුයම 5.30 ට පමණ හදසියේ මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය. මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් ගෑණු සතුන් තිදෙනකු සිටින අතර වයස 19 , 21 , 23 වයස්වල පසුවන අතර  ඉන් බාලම ගෑණු සත්වයා උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා යන අතර වාරයේ එ එළි මහන් පිටිටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇ . මෙම සත්වයින් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර වසර 25 ක් – 30 ක් ජීවත්වන  බවත් ශාඛ කොල වර්ග හා පලතුරු වර්ග එලවලු වර්ග ආහාරයට ගන්නා බවත් …

Read More

කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් රාජ්‍ය සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව අද (22දා) පැවැසීය. “රාජ්‍ය ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහ ගත කිරිම ගැන මෙවර අයවැයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අතර ලාභ ලබන රාජ්‍ය ආයතනත් තිබෙනවා. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරිම තමයි මුලින් කළ යුතු වන්නේ. කුමන ආර්ථික තත්ත්වයන් යටතේ වුවත් අපේ රටේ රාජ්‍ය සම්පත් විකුණන අපේ ප්‍රතිපත්තිය නොවන බව මම අදත් සිහිපත් කරන්න කැමතියි”

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය. මෙය මෙවර තරගාවලියේ ජය පැරදුමින් තොරව නිමාවූ පළමු තරගය විය. අල් රයන් හිදී අද රාත්‍රී පැවැත්වූ මෙම තරගයේ 36 වැනි මිනිත්තුවේදී ඇමරිකාවට පළමු ගෝලය වාර්තා කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක තිමොති වීයා සමත්විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1-0 ක් ලෙසින් ඇමරිකාව ඉදිරියෙන් පසුවෙමිනි. නමුත් 82 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට වේල්ස් සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක ගැරත් බේල් සමත්වූයේ ගෝල තත්වය 1-1 ක් බවට පත් කරමිනි. මෙම කණ්ඩායම් දෙක අන්තර්ජාතික පාපන්දු පිටියේදී හමුවූ දෙවැනි අවස්ථාව මෙයවිය. මීට පෙර…

Read More

කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි. පූරාන් මෙම වසරේ මැයි මාසයේදී කොදෙව් කණ්ඩායමේ නිත්‍ය සීමිත පන්දුවාර ක්‍රිකට් නායකයා බවට පත්වූයේ කිරන් පොලාඩ් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුවය. නමුත් ඔහුගේ නායකත්වය යටතේ කොදෙව්වන්ට සාර්ථක වීමට නොහැකි විය. පූරාන් මෙහෙයවූ එක්දින තරග 15 කදී කොදෙව්වන්ට ජයගැනීමට හැකි වූයේ තරග 4 ක් පමණක් වූ අතර විස්සයි විස්ස තරග 15 කදීද ඔවුන් ජය ගත්තේ තරග 4 ක් පමණි. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට පැමිණිමේදී වඩාත් සාර්ථකම කණ්ඩායම ලෙසින් විරුදාවලිය ලත් කොදෙව්වන් පළමු…

Read More

අයවැය කතාවේ අඩංගු අඩුපාඩු වෙනුවට රට නිවැරදි ගමනක් කරා යොමු කරවීමට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. අයවැයේ කතාවේ අඩංගු අඩුපාඩු ගැන බොහෝ දෙනා කතා කළා. මම කැමතියි මේ අවස්ථාවේ රට නිවැරදි ගමනක් කරා යොමුකරවන්නට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ලබා දෙන්න. බලන්න මේ ගහලා තිබෙන බදු ක්‍රමවේදය. අසාධාරණ බදු ක්‍රමයක්. මේකෙන් ගහන්නේ මධ්‍යම පන්තියට. මේ බදු ප්‍රතිපත්තිය ඉතාම අසාධාරණයි. ඒ වගේම අථාර්තිකයි. බදු සහන ලබා දීම ගැන බැලුවොත් සීනි බදු වංචාව දිහා බලන්න. ලොකු ලොකු සමාගම්…

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළකර නීති විරෝධි අයුරින් සම්මුඛ සාකච්චාවකට තරුණ තරුණියන් කැඳවූ බවට චෝදනා ලැබූ ඉතාලි ජාතිකයෙක් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (21දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය ඉතාලි ජාතිකයා .58 වියේ පසුවන අතර අනෙක් සැකකරුවන් ජාඇල ,බදුල්ල , නෙළුව , කන්දේගෙර පදිංචි අවුරුදු 62, 47, සහ 35 යන වයස්ඛාන්ඩ වලට අයත්වූවන් ය

Read More

මීටියාගොඩ නමීමියාව ප්‍රෙද්ශයේදී අද (21දා)පොලීසිය තැබූ වෙඩි පහරින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුවේ පතිකාර ලබන බව මීටියාගොඩ පොලීසිය කියයි. ඔහුගේ තත්වය බරපතල නොවන බවත් ඔහුට වෙඩි වැදී ඇත්තේ පාදයක දනින් පහලට බවත් බලපිටිය රෝහලේ පකාශකයෙකු කීවේය. වෙඩි වැදුනු පුද්ගලයා අපරාධ කිහිපයක් සම්න්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ වෙඩි තැබීම සිදුවූ බව ද පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමා ඉතාම පැහැදිලිවම කිව්වේ දුෂ්කර හා නිවැරදි මාවත තමන් තෝර ගත්තා කියලා. ඒක ජනප්‍රිය මාවත නෙවෙයි. විපක්ෂය කල්පනා කරනවා ජනප්‍රිය ප්‍රකාශ කරලා ජනප්‍රිය සටන් පාඨ කියලා ඒ තුළින් බලයට එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ මාවත ජනප්‍රිය දේශපාලනය…

Read More