Author: 24x7

මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය. ඒ අනුව ඔවුන් පාවඩ දමා පිළිගැනීම, ආර්ථික ඝාතකයන්ම ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම වැනි විහිළු සහගත දේවල් සිදුවන තැනක් බවට රට පත්ව තිබෙන බව 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. 2002 සිට 2010 වෙනකන් රාජපක්ෂ කණ්ඩායම සිදු කළ සොරකම් සියල්ලම 2010 ජනාධිපතිවරණය දිනලා ඒ ටික ශේප් කර ගත්තා. 2010 සිට 2015 වෙනකන් සිදු කළ සොරකම් වලට 2015 සිට 2019 වෙනකන් නඩු දැම්මා. ඊට පස්සේ…

Read More

රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය. පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් පළ කිරීමෙන් අනතුරැව තමා පාර්ලිමේන්තුව අවසන් වනතෙක් උපවාසවක නිරත වන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා මෙලෙස සභා ගර්භයේ මැද අසුන් ගැනීම සිදු කළේය. කෙසේ වෙතත් කෙටි වේලාවකට පසු දිලීප් වෙදආරච්චි මහතා සභා ගර්භයෙන් පිටව ගියේය. උතුරැ නැගෙනහිර මාළු ටික මංකොල්ල කනවා. ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාටත් පරිස්සම් කර ගන්න බෑ. කොහොමද දකුණේ මුහුද පරිස්සම් කරන්නේ? ඒ නිසා හරියාකාරව වැඩ කරන්න මේ ඇමතිවරැන්ට…

Read More

චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්වලින් සියයට 70ක් චිනය ප්‍රධානයක් වශයෙන් ලංකාවට ලබාදිමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පිරිවිතරයන් මේ වන විටත් චීනයට යොමුකර ඇති බවත් ඒ අනුව සකස් කළ නිල ඇඳුම්වලින් පළමු කොටස ලබන මස ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

ව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ. යාපනය බැංකුවක තැන්පත් කර ඇති විශාල මුදලක් නිදහස් කර දිමට බව පවසා ව්‍යාජ ලේඛණ සකස්කර මුදල් වංචා කිරීමට අදාළව මෙම සැකකාරියන් 17 දා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුුරුදු 30 හා 34 වැනි වියේ පසුවන යාපනයේ පදිංචි සහෝදරියන් දෙදෙනෙකි. ව්‍යාපාරිකයෙකුව සිටි මියගිය සැකකාරියන්ගේ පියාගේ නමින් රුපියල් කෝටි 100ක මුදලක් හා රන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් පුද්ගලික බැංකුවක තැන්පත් කර ඇති බවත් එම මුදල් හා රන් බාණ්ඩ නීතිමය වශයෙන් නිදහස් කර ගැනිමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කර ගැනීම…

Read More

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය. පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරගයෙන් සත්කාරක කණ්ඩායම පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගතවිය. තරගය ආරම්භයෙන් මිනිත්තු 3 ක් ගතවද්දීම ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සීයා ගෝලයක් වාර්තා කළද වීඩියෝ පුනරූපන ( VAR) මගින් එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තහවුරු කලේය. නමුත් මිනිත්තු 16 ක් සම්පූර්ණ වද්දීම ඉක්වදෝරයට ලැබුනු දඩුවම් පහර ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියා සමත්වූයේ පළමු ගෝලය කණ්ඩායමට ලබා දෙමිනි.…

Read More

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් යැයි කියාගන්නා පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වීම නිසා වහාම පොලිස්පතිතුමාට පැමිණිළි කර ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන් බවද අමාත්‍යාංශය කියයි. මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යනු අපේ රටේ වැඩිම අස්වනු ලබා දුන් ක්ෂේත්‍ර බෝග රැසක් හඳුන්වා දුන් පර්යේෂණ ආයතනයකි. විශේෂයෙන් මෑතක දී අපේ රටට හඳුන්වාදුන් මෙතෙක් අප රටේ වැඩිම අස්වැන්නක් ලබා දෙන වැඩි දියුනු…

Read More

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ. මීට අදාලව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට බාර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂි විද්‍යාඥයින් ඇතුලු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට තීරණය කළේය. පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසේට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සදහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන්…

Read More

ජනතාව නොදන්නා කරුණු රාශියක් ඇතුළත් පොතක් තමන් ජනවාරියේ එළි දක්වන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අර්බුදය, අනාගතය හා අයවැය යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය වේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය. “මම ඇමතිකම් කරන කාලයේ තිබුණා ආණ්ඩ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක්. ඒදා ජනාධිපතිතුමා හිටියේ නෑ මම පක්ෂයේ ලේකම් නිසා එදා හිටපු ජනතිතුමා කිව්වා දීමුත් (හිටපු අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න) එක්ක ගෘප් ඒක ගෙනියන්න කියලා. මීටන් එන යන අතරේ මන්ත්‍රීවරයෙක් නගිටලා කිව්වා අධිවේගී මාර්ගවල දැඩි ලෙස දූෂණ වංචා සිදුවෙනවා ඒ්ක අපිට හොඳ නෑ ආණ්ඩුවට හොඳ නෑ එය නිවැරදි කරන්න තීන්දුවක් ගත යුතුයි කියලා. ඊට පහුවෙනිදා…

Read More

රටේ ආර්ථිකය ගොඩ නැගීමේ චේතනාවෙන් යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ 19දා ඇඹිලිපිටියේ දී පැවසූහ. ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප‍්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවකදී උන් වහන්සේ මේ බව පැවසුහ. “ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත‍්‍රයක්. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික දියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක්ම අඹිලිපිටිය ප‍්‍රසිද්ධව තිබුණේ ගංජාවලට මැලේරියාවට අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට මිනීමස්…

Read More

ලෝකේ කොහේ හරි හොරකමක් වුණොත් එතන කවුරුහරි ඉන්නවා. රැජිනගේ මල ගෙදරට රනිල් යද්දී එංගලන්තයේ මහ බැංකුවට සීල් තැබුබා කියලා කතාවකුත් යනවා. අපි මේ රටේ පාලන බලය ඇරගෙන ලංකාව ගැන තියන ප්‍රතිරුපය වෙනස් කරන්න කටයුතු කරනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදි 19 සවස පැවසීය. බදුල්ල සේනානායක පිටියේ පැවැති ආසන සමුළුව අමතමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසීය. “අද මේ රට සම්පුර්ණයෙන්ම පිරිහිලා අවසානයි අප්‍රේල් 12 ලංකාවේ කළු දිනය කියලා කබ්රාල්ගේ පොතේ තියෙනවා රට ලෝකයට ණයයි. නන්දලාල් කියනවා ණය ගෙවන්නේ නැතිලු. රනිල් කියනවා තෙල්,ගෑස් පොලිම් නැති කළාලු. නමුත් අපි පිට රටට ඩොලර් කෝටි 320ක්…

Read More