Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කර ජනතාවට අවශ්‍ය සේවා කාර්යක්ෂමව ලබාදීමට එම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් හැකියාව ලැබෙන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න එක අපට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. තෙල් සුලබ කිරීම. අපිට තිබෙන විනිමය හිඟය නිසා තාමත් පාලනයක් කරනවා. එ් පාලනය නිසා තමයි තාමත් අපිට යම්කිසි පාලනයක්…
උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහරණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, පසුගිය මාර්තු මස 02 වන සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව සිදුකරන බවය. “උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්රිත ආහාර පරිහරණ ආයතන ගැන විශේෂ…
මීරිගම පොලිස් වසමේ මීරිගම පොදු වෙළෙඳ සංකීර්ණය තුළ දී වෙළෙඳාම් කටයුතු සඳහා පැමිණි දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (10) රාත්‍රියේ එම ඝාතනය සිදුව ඇති බවය. තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලැබුපුද්ගලයා ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවට තහවුරු වී තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක් වු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.
සමනලවැව නැරඹීම සඳහා ඉකුත් (06) වෙනිදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම්වතා සහ පෙම්වතිය බියවද්දා පෙම්වතා යතුරුපැදියට එක්කර විලංගු දමා පෙම්වතිය අසල ළඳු කැළෑවට රැගෙනගොස් නිරුවත්කර අතවරකළ පොලිස් කොස්තාපල්වරයෙකු සමනලවැව පොලීසිය විසින් ඉකුත් (08) වෙනිදා අඩංගුවටගෙන ඇත. මැද්දේගම ප්‍රදේශයේ පදිංචි පෙම්වතිය ඇයගේ පෙම්වතා සමඟ යතුරුපැදියකින් සමනලවැව වේල්ල නැරඹීමට යතුරුපැදියකින් පැමිණ ඇත. වේල්ලේ සිටින විට එය අසලට පැමිණි අයෙකු ඔහු පොලිස් නිලධාරියෙකු බවට හැඳුනුම්පතක් පෙන්වා මත්ද්‍රව්‍ය තිබේදැයි බැලීමට දෙදෙනා පරික්ෂාකළ යුතු බව පවසා පෙම්වතා ඔවුන් පැමිණි යතුරුපැදියට අල්ලා විලංගු දමා ඇත. පසුව 18 හැවිරිදි පෙම්වතිය අසල ළඳු කැළෑවකට රැගෙනගොස් නිරුවත්කර අතවරකර ඇත. පසුව ඇයගේ නිරුවත ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීමට උත්සාහකර ඇතත් තරුණිය එය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත වත්කම්වල වටිනාකම පසුගිය මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2023 පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2,219 ක්ව පැවති නිල සංචිත වත්කම්ව මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වර්ධනය විය. මෙම නිල සංචිත වත්කම් තුළ ප්‍රධාන අයිතමය වන විදේශ විනිමය සංචිතය මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 2,184 සිට ඩොලර් මිලියන 2,628 ක් දක්වා 20.3%කින් ඉහළ ගොස් තිබේ. එසේම මහ බැංකුව සතු රන් සංචිතය ද මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 28 සිට ඩොලර් මිලියන 30 ක් දක්වා 7.8%කින්…
මෑතකාලයේ සිදුවූ රිය අනතුරු කිහිපයකින් පාසල් සිසුන් කිහිපදෙනෙකුම මිය ගිය බවත් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව දෙමාපියන් කටයුතු කළ යුතු බවත් ජ්යෙපෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය. “පාරේ ගමන් කරන සෑම වාහනයක්ම පොලිස් නිලධාරීන්ට පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. විශේෂයෙන්ම දෙමාපියන් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න, පාසල් සිසුන් ගැන අවධානය යොමුකරන්න.මේ නිවාඩු කාලසීමාව තුළ බීමත්ව රිය පදවන්න එපා. අධික වේගයෙන් රිය පදවන්න එපා. බීමත්ව රිය පැදවීමෙන් ඔබත්, මාර්ගයේ ගමන් ගන්නා අයත්, වාහනයේ ගමන් ගන්නා අයත් අනතුරට ලක්වෙන්න පුළුවන්. අනතුරක් සිදුවුණොත් ජීවිත දේපළ හානි වෙන්න පුළුවන්. මේ උත්සව සමය තුළ විනෝදයෙන් කාලය ගත කරන්නේ. නමුත් ඒ විනෝදය අවසානයේ ශෝකාන්තයක් බවට පත්කර…
මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව මෙම වර්ෂය තුළදී කිව්. ආර්. නව තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කොට ටිකට් පත් මගීන්ට ලබා ගත හැකි නව ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ වැඩසටහ ක්‍රියාත්මක කරන බවද හෙතම කීය. ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනාක්‍රමය මගින් නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ බෙදාදීම උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එහෙදී තවදුරටත් අදහස් දැක් වු…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වූ කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් සහරෝහල් මට්ටමෙන් විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කොට ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි . එසේ සිසේරියන් සැත්කමකට භාජනය වීමෙන් පසු මියගොස් ඇත්තේ සඳුනි මධුෂානි (27) නැමැති පේරාදෙණිය ගන්නෝරුව මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකවන අතර ඇයගේ දෙවැනි දරුවා බිහි කිරීමට යාමේදී මෙම ඛේද ජනක සිද්ධියට මුහුණ දී තිබේ . සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේමෙම මරණය සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ හැක්කේ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසුව බවයි . මෙම…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ. සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato මහතා සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කළේය. ඒ අනුව සාත්තු…
ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය. අනතුරු 275 කින් පමණ එම මරණ සිදු වී ඇතැයි මහත ප්‍රකාශකවරයා කියා සිටියේය. බදුල්ල, මාතලේ, ගිරිඋල්ල පස්යාල, තන්තිරිමලය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම අනතුරු වී ඇත.