Author: 24x7

මම එජාපයට යන බවට රරනිල් හිතවාදි පච මාධ්‍ය ගෙන යන වාර්තා ප්‍රතික්ෂේප කරනවා. වත්මන් ජනාධිපති එජාපයේ ජනාධිපති නොවේ පොහොට්ටුවේ ජනාධිපතිවරයායි. ඔහුත් සමඟ මම එක්වන බවටත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර ලබා ගන්නා බවටත් සජබ පක්ෂයේ 40ක් ආණ්ඩුව ට එකතු වන බවට පැතිර ඇති වාර්තා අසත්‍යයි” යැයි සමගි ජනබල වේගය පක්ෂයේ ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡා වේදී එසේ පැවසු තිස්ස අත්තනායක මහතා විසින් මෙසේද කීය. “සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය යටතේ අපි රජයක් පිහිටුවනවා මිසක් රාජපක්ෂවරු න්ගේ අණසකට යටත් පාලනය සමඟ එක්වන්නේ නැති බව මා වගකීමෙන් යුතුව මාධ්‍යයට ප්‍රකාශ කරනවා. කෙනෙකුගේ දේශපාලන ගමන් මග අනුමාන…

Read More

පුත්තලම කලපුවට පැමිණි දැවැන්ත හම්බැක් වර්ගයෙ ඩෝල්ෆීන් මත්ස්‍යයකු අද (9දා) දහවල් වනජීවි නිළධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ආරක්ෂීතව දියඹට මුදා හැරිමට කටයුතු කෙරුණි. අඩි හතකට වැඩි දිගකින් යුත් මෙම ඩෝල්ෆින් මත්ස්‍යා කලපුවේ මසුන් මැරිමේ නිරතව සිටි ධීවරයින් දැක වනජීවි නිළධාරින් දැනුවත් කිරීමට කටයුතු කර තිබු බව කියයි. පසුව මෙම ස්ථානයට පැමිණි ඉලන්තඩිය වනජීවි කාර්යාලයෙ නිළධාරින් හා පුත්තලම දිස්ත්‍රික් වනජීවි කාර්යාලයෙ නිළධාරින් එක්වි පැය කිපයක මෙහෙයුමකින් පසු ඩෝල්ෆින් මත්ස්‍යාට කිසිදු හිරිහැරයක් නොවන ලෙසට දියඹට ධීවර යාත්‍රා උපයෝගී කර ගනිමින් රැගෙන ගොස් මුදා හැරීමට කටයුතු කර තිබුණි.

Read More

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරිණි. නව බස් රථ 26 ක් ලංගම ඩිපෝ හතකට බෙදා දෙනු ලැබු අතර, එම නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට යොදා ගැනීමටත්, එමගින් ග්‍රාමීය හා වතු අභ්‍යන්ත්‍රර මාර්ගවල පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කොට ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් ලබාදීම අරමුණ බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා මෙම නව බස් රථ ලබා…

Read More

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (09) පැවැත්වෙයි. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම අතර තරගය අද පස්වරු 03.30ට අහමදාබාද්හිදී ආරම්භ වීමට නියමිතය. එමෙන්ම සන්රයිසර්ස් හයිද්‍රබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතව තිබේ. මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ලක්නව් සුපර් ජයන්ට්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දෙවන සහ තෙවන ස්ථානයේ පසුවෙයි.

Read More

මාස 06කට පමණ පසු යළිත් විදුලිය අපනයනය කිරීමට යුක්‍රේනයට හැකියාව ලැබී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ බලශක්ති සැපයුම බිඳවැටුණු අතර යුක්‍රේනයේ නගර රැසක විදුලි විසන්ධි වීම් ද සිදුව තිබුණි. කෙසේවෙතත් යළිත් වරක් විදුලි අතිරිත්තයක් පවතින බැවින් එය අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව යුක්‍රේනයේ බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ ප්‍රකාශ කර ඇත. ඊට අදාළ නියෝගයට අත්සන් කිරීමට ද බලශක්ති අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. විදුලිය අපනයනය කිරීමෙන් ලැබෙන මුදල්වලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා බව යුක්‍රේන බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Read More

සැම්සුන්ග් (Samsung) සමාගම මෙමරි චිප් නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. Samsung සමාගම එම තීරණය ගෙන ඇත්තේ, වසර 14කට පසුවය. එසේ memory chip නිෂ්පාදනය අවම කිරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ඉන් ලැබී ඇති ලාභය 96% පහත වැටීම හේතුවෙනි. Samsung සමාගම පැවසුවේ මූලික සංඛ්‍යාලේඛනවලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි – මාර්තු කාලය තුළ පවුම් මිලියන 366 කින් පහත වැටී ඇති බවය. පසුගිය කොවිඩ් කාලයේදී වෙළෙඳපොළේ memory chip අලෙවිය වැඩිවූ බව එම සමාගම පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 මාර්තු මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව 2023 පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,219 ක්ව පැවති නිල සංචිත වත්කම් වටිනාකම 2023 මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වැඩි වී ඇත. මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 2,184 සිට ඩොලර් මිලියන 2,628 ක් දක්වා 20.3%කින් ඉහළ ගොස් තිබේ. මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය ද මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන…

Read More

ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇති බව ද ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව අදාළ වාර්තාවේ සඳහන්ය. දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙය වීමට නියමිතය. අදාළ රේඩාර් පද්ධතිය ස්ථාපිත කළහොත් දියාගෝ ගාසියා දූපතේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇති බව…

Read More

පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සැමියා සහ බෑනා සමග ඇතිවූ ආරවුලකට මැදිවූ අදාළ කාන්තාවට බෑනා විසින් එලෙස පහර දී ඇති බවය. පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

‍ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වී තිබේ. උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම අද (09) උදෑසන සිදුව ඇති බව දුම්රිය බලධාරීන් සඳහන් කළේය. දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බව සඳහන්ය. නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට අනාවරණය වී තිබේ. මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More