Author: 24x7

බන්ධනාගාර කුටියක් තුළදී ගිනිතබා ගෙන සියදිවි නසාගත් බවට සැකකළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු බලධාරීන් සමත් විය. තාබෝ බෙස්ටර් නම් එම සැකකරු ප්‍රකට වී ඇත්තේ “ෆේස්බුක් ස්ත්‍රී දූෂකයා” ලෙසය. එසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ටැන්සානියාවේදීය. ඔහු වසරක කාලයක් නිදැල්ලේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සිකුරාදා ඔහුගේ පෙම්වතිය සහ තවත් අයෙකු සමග බෙස්ටර් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ව දකුණු අප්‍රිකාවට පිටුවහල් කර තිබුණි. පොලිසිය පැවසුවේ ඔවුන් තිදෙනා අසල්වැසි කෙන්යාවට පළා යාමට අදහස් කර ඇති බවට විශ්වාස කරන බවයි. බෙස්ටර් ෆේස්බුක් ඔස්සේ කාන්තාවන් රවටා ඔවුන් සමග මිත්‍රවී ඔවුන්ව දූෂණය කර ඇති බවටත් ඉන්…

Read More

ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ හෙට (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spting Meeting හිදී එයට කදිම අවස්ථාවක් හිමිවෙනු ඇති බවය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග හෙට පැවැත්වීමට නියමිත Spting Meeting සඳහා රාජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක්වීමට නියමිතය.…

Read More

ශ්‍රී ලංකාව මුහුණපා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙන්නේ, විදේශ ණය සහන ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවය. කාලයක් තිස්සේ පැවති ආර්ථික ගැටලු සහ වැරදි ප්‍රතිපත්තිමය නීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි. පවතින තත්ත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 04 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර එම දැවැන්ත ගැටලුව විසඳීමට සියලුදෙනා එක්විය යුතු…

Read More

තෙල් පෝලිම්, ගෑස් පොලිම් මත මිනිසුන් මැරී වැටෙද්දී ආර්ථිකය පහලටම ඇදවැටී භාන්ඩ මිල ඉහල යද්දී, රටේ ජනතාව පාලකයන් එපා කියා වීදි බැස අරගල කරද්දී සහ අවසානයේ ජනතාව විසින් පත් කල ජනපතිව ජනතාව විසින්ම පලවා හරිද්දී රට වැටී තිබූ ආගාධය දෙස බලමින් ඝෘජු ලෙස තීරණ ගනිමින් විශ්වාසනීයව රට භාරගත්තේ නිර්පාක්ෂික ජනපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහයි. ණයක් ලැබීම යනු අත්පුඩි ගැසීම සඳහා කාරණයක් ද යන්න තවදුරටත් ප්‍රශ්න කරනා පිරිසක් මේ රටේ සිටිය හැකිය. ණය යනු ආයෝජන ස්වභාවයකි. මූල්‍ය අරමුදල අපට ණය ලබා දුන්නේ කොන්දේසි ගණනාවක් මතය. ඒවා අතර කැමති අකමැති ආදී කාරණා තිබේ. සියල්ල අපේ කැමැත්තට, කොතැනදීවත් සිදු වන්නේ නැත. අකමැත්ත ද අපේක්ෂාවේ,…

Read More

ගුරුවරුන්ගේ අයිතීන් ඉල්ලා අද කොළඹ කොටුව ඉදිරිපිටදී ලංකා ගුරු සංගමය විසින් විරෝධතාවයක් පැවැත්වූ අතර ඊට පාසැල් සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් දැඩි ලෙස විරෝධය දක්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ දෙමාපියන් පවසා සිටියේ ජෝසෆ් ස්ටාලින් යනු කිසිදු පාසැලක සේවය නොකරන කෙනෙකු බවයි. එසේම ගුරුවරයෙකුද නොවන ඔහු දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් මෙලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. බලධාරීන්  මාර්ගයෙන් සාකච්ඡා මගින් විසඳාගත හැකි සුළු වෘත්තිය ගැටළු ඉතා විශාල ලෙස උලුප්පා පෙන්වාදෙමින්  ගුරුවරුන් පෙරටුකරගෙන මෙලෙස විරෝධතා දියත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. මොහු කිසිදු විටකත් දරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හෝ දෙමාපියන් ලෙස දැනට පවතින ආර්ථිකය හමුවේ අධික ලෙස…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය. රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.

Read More

පස්සර ගෝනකැලේ වත්තේ දී  සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින්  කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල  පදිංචි 49 හැවිරිදි සිව්දරු පියකු යැයි පොලිසිය පවසයි. පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පැවසීය . දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්‍රකාශයකු කීය .නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය…

Read More

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඇය පවසන්නේ චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය යන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි. ඒ අනුව විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වෙන මාර්තු 20දා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් ඇය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.  තොග මිල අඩුවිමට සාපේක්ෂව ඉදිරියේදී පරිප්පු හා සීනිවල සිල්ලර මිලෙහිද අඩුවිමක් සිදුවෙනු ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ හරහා රාජ්‍ය ණය තිරසාරභාවය ඇති කරගැනීමට සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට හැකිවන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් මෙම වැඩසටහන සඳහා කඩිනම් අනුමැතියක් බලාපොරොත්තු වන බවත්  ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි. රට තුළ ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සුබසාධනය  ළඟා කර ගැනීම සඳහා රජය සිය ආර්ථික  ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය. විස්තීරණ අරමුදල් පහසුකම් (EFF)…

Read More