Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: 24x7
මෙරට මත්ද්‍රව්‍ය උවදුරු මැඩලිම සඳහා සිංගප්පුරුවේ නිති රිති මෙරටට ගැලපෙන ආකාරයට සකස් කිරිමට අදාළ ක්‍රියාමාර්ග ගැනිමට සුදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දි ඊයේ (27දා) පැවති උත්සවයකට සහභාගි වෙමිනි. “වර්තමානයේදි මෙරට විශ්ව විද්‍යාලවල දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්ව ඇති ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වෙනවා .ඇතැම් පිරිස් වසර ගණනාවක් සරසවි සිසුන් ලෙස පෙනි සිටිමින් නවක සිසුන්ට නවක වදය ලබා දිමට කටයුතු කරනවා. ඇතැම් විශ්ව විද්‍යාලවල සිසුවියන්ට ලිංගික අතවර පවා සිදුව ඇති බවට අපට වාර්තාවෙලා තියනවා. මේ තතත්වය අපි නැවැත්විමට කටයුතු කරනවා. මේ වන විට පාසල් වල ගුරු සංගම් හරහා පාසල් මට්ටමින් සිසුන්…
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ‘දේශපාලනයෙ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කළේය. එසේම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධුරය කිරිම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පූර්ණ සහාය ලබාදුන් බවත් අරගලය පැමිණි අවස්ථාවේදී එයට මුහුණ දෙන ලෙස සඳහන් කළ බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුදාපතිවරුන්ම, පොලිස්පතිවරුන්ම භාවිත කරමින් අරගලයට පිළිතුරු දුන් බවද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.
අරගල ක්‍රියාත්මක කර ආණ්ඩුව වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත් එසේ කිරීමට කටයුතු කළ හොත් හමුදාව යොදවන බවත් හදිසි නීතිය පනවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (23දා) පාර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් පැවැසීය. “ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම බලපත්‍රය අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර්…
ලබන වසරේදී තමන් මැණික් අපනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් රටට ලබාදෙන බවත් එසේ නොවුණ හොත් තමන් ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා අද පාර්ලිමේන්තුවට පැවැසීය. “ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන. අපි මැණික් ක්ෂේතය වැටෙන්න දෙන්නේ නෑ. මම මගේ උත්සාහයෙන් මම ලබන වසරේදී ඩොලර් මිලියන 500ක් රටට හොයලා දෙනවා කියලා අනිවර්යයෙන් කියනවා. නැත්නම මම ඇමතිකමින් අයින් වෙනවා. මිලියන 500ක් හොයන්න බැරිවුණොත්”
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23දා) නියෝග කළාය. එ අනුව සැකකාර සිරිධම්ම හිමි රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම සිද්ධියේ තවත් සැකකරුවකු ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද නම් කර සිටින අතර ඔහු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට හා ඒ සඳහා සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර ඇති හෙයින්අ යවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය
ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් අද (22දා) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇත. ඒ අනුව ධීවරයින්ගේ භුමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ…
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය වත්කම් හා වගකීම් ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙ. වර්ෂ 2022ට අදාළව මෙම වත්කම් හා වගකීම ප්‍රකාශය ඊයේ පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
ලංකාවේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 26000කට අධික පිරිසකගෙන් 80% ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වූවන් බවත් සෙසු 20% බොහෝ විට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හේතුකොට ගෙන කිසියම් අපරාදයකට යොමු වුවන් බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවැසීය. මෙම තත්වය වෙනස් කිරීම සඳහා බන්ධනාගාර අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වලක්වාලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය. අයිස් මත්ද්‍රව්‍ය දැන් පාසල් වලට පවා පැතිරිලා යනවා. මේවාට අදාල නීති පද්ධතිය අපි පසුගිය සතියෙ වෙනස් කලා. ඒ අනුව…
පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වත්මන් ක්‍රීඩා සමාජය වන එංගලන්ත මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් වහාම ඉවත්වීමට තීරණය කර ඇත. මෙවර ලෝක කුසලානයට සහභාගි වී සිටින පෘතුගාල කණ්ඩායම කිසිදු තරගයකට සහභාගි වීමට පෙර මෙම තීරණය ප්‍රකාශයට පත්වීම ලෝක පාපන්දුව විමතියට පත්කිරිමට හේතුවී ඇත. මෙය රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් පාලනාධිකාරිය යන පාර්ශවයන් දෙකේම එකඟතාව මත සිදුවූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් පසුගිය සතියේදී රොනාල්ඩෝ විදෙස් රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වී මැන්චෙස්ටර් කණ්ඩායමේ වත්මන් පාලනාධිකාරිය හා එහි වත්මන් පුහුණූකරු දෝෂ දර්ශණයට ලක්කලේය. මෙලෙස රොනාල්ඩෝ හා මැන්චෙස්ටර් කණ්ඩායම අතර එකඟත්වය පළුඳුවීමට මෙය හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ඔහු…