Author: LANKA24X7

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் සම්භාහන මධ්‍යස්ථානයට ගිය ප්‍රංශ යුවතියට සිදුවු අකරතැබ්බය April 17, 2023 10:05 am සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්ව සහ එහි සේවය කළ අයෙකුවය. සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය…

Read More

සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි. කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පිට මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇත. අලව්ව පොලිසියෙන් රාජකාරී නිවාඩු ලබා‍ෙ සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පිහිටි නිවසටමෙම කොස්තාපල්වරයා පැමිණ දාහතර වෙනිදා රාත්‍රියේ ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාන තුනක සිදුවු වන විනාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකළ ගෝමරන්කඩවල අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටටු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පුල්මුඩේ වෙරියපුලත්තු රජයේ කැලෑව ඩෝසර් කිරිම,පන්කුලම පුල්මුඩේ රජයේ කැලෑවේ ගස් කැපිම හා පුල්මුඩේ සුන්තනේරු කුලම් කැලෑවේ ගස් කැපීම පිළිබදව නිසි ලෙස රාජකාරි සිදු නොකිරිම ඒ පිළිබද උසස් නිලධාරින් දැනුවත් නොකිරිම පිළිබදව පරික්ෂණයකින් පසු මෙසේ බීට්ටු වන නිලධාරියාගේ සේවය අත්හිටුවිමට ක්‍රියාකර තිබේ. මේ සම්බන්ධයෙන් නිලධාරින්ගේ කටයුතු නිසි අධික්ෂණයකින් තොරව කටයුතු කළ බවත් උසස් නිලධාරින් කිහිපදෙනකු පිළිබද මූලික විමර්ශනයක් සිදුකරගෙන යන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයාගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අදාළ යාත්‍රාවේ උර දෙකක් තුළ පාර්සල් 23 අසුරා තිබු කේරළ ගංජා කිලෝ 65යි ග්‍රෑම් 400ක පමණ තොගයක් සොයා ගෙන තිබුණි. එම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙතැයි විශ්වාස කෙරේ. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ගංජා තොගය සහ ඉන්දීය ඩව් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලීසිය වෙත…

Read More

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවු ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි. එය හෙට (18) සිට යළි පැවැති ආකාරයටම ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබු බව සඳහන්ය. ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා පියවර ගත්තේය. බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත්…

Read More

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කුඩයක් යටට ගෙන ඒමට උත්සාහ කළ නමුත් සජබ නායකත්වයෙන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා උත්සාහය අත්හළ බව සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එක්ව මේ උත්සාහය ගත් බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් “අගමැතිකම” පිළිබඳව එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

Read More

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ, ඊයේ(16) දිනයේ ද ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගත් බවය. මේ අතර ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 30ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවාඩු ලබා ගිය දුම්රිය රියදුරන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය දුම්රිය ගමන්වාර කිහිපයක් මෙලෙස අවලංගු කිරීමට සිදුවු බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. කෙසේවෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගී ජනතාවට විශාල බලපෑමක් සිදුනොවු බවය. “අපේ දෛනික කාලසටහනේ, දුරගමන්…

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී (16) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත්විය. පළමු දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 386 කි. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙලෙස ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමු වරටය. මෙම ඓතිහාසික ටෙස්ට් තරගයේ පළමුවෙන් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. නායක දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිෂාන් මදුෂ්ක ලකුණු 29ක් ලබා සිටියදී දැවීගියේ මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදීය. අනතුරුව නායක දිමුත් කරුණාරත්න සමගින් පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස්…

Read More

අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩේඩ්විල් නම් නගරයේ සාදයක් අතරතුර වෙඩිතැබීමක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉන් සිව් දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ උපන් දින සාදයක් අතරතුර දීය. මෙම වසර තුළදී මේ දක්වා අමෙරිකාවේ සමූහ වෙඩිතැබීම් 140ක් පමණ වාර්තා වී තිබේ.

Read More

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. ඒ අනුව,ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.

Read More