Author: LANKA24X7

ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද…

Read More

ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වන ළමා පිළිකා රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණපෑමට සිදුව තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා ඒකකයට පසු මෙරට රෝහලක නවීණ තාක්ෂණයෙන් යුත් අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් සහිත ළමා පිළිකා ඒකකයක් පිහිටා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේය. නමුත් අවදානමක් සමග එහි දිවි ගෙවන පුංචි දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවකට සායනික ප්‍රතිකාරත්, තවත් දරුවන් රැසකට නේවාසික ප්‍රතිකාරත් නැවතී අදවන විට වසර 2කට ආසන්නය. ඒ සුදුසුකම් ඇති ළමා පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට නොමැතිවීම හේතුවෙනි. මේ හේතුවෙන් නැගෙනහිර ,ඌව සහ දකුණු පළාතේ දරුවන් රැසකට මහරගම අපේක්ෂා රෝහලේ ළමා ඒකකයට ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදුව තිබේ. සෞඛ්‍ය බලධාරීන් අදාළ පුරප්පාඩු පුරවා ගාල්ල කරාපිටිය…

Read More

ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනයන් සිදුකර ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබේ. පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. අදාළ බදු සංශෝධනයන් මුදල් ආර්ථික…

Read More

2023 වසරේදී නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ප්‍රාදේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “2048 වේදිකාව” නැමති තරුණ සංවිධානය අයවැය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට ජනාධිපති නිල නිවසේදී සංවිධාන කර තිබු විශේෂ වැඩසටහනකට ඊයේ (03) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී තරුණ තරුණියන් විමසු ප්‍රශ්න සඳහා ජනාධිපතිවරයා පිලිතුරු දුන් අතර පහත දැක්වෙන්නේ අදාළ සංවාදයේ කොටසකි, ජනාධිපති – “මම බලන්නේ එළඹෙන අවුරුදු 25 තුළදී මීට වඩා හොඳ ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඉදිරියට යන්න පුළුවන් ආර්ථිකයක් හදාගත යුතුයි. මේ අයවැයෙන් තමා එක පටන් ගන්නේ. මම අගෝස්තු මාසේ ගෙනාව…

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ. කඩුගන්නාව පොලීසිය පැවසුවේ එම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියකි. සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2022 නොවැම්බර් මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 107.5ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය සඳහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුළු ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ කාලයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා 2ක් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී එම විගණන වාර්තා සභාගත කළ බව වාර්තා වේ. ඒ අනුව විපක්ෂ නායකවරයා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදුකර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සභාගත කර ඇත. එමෙන්ම 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ නිවාස ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ…

Read More

‍විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිදු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පෙන්වාදෙන්නේ, අදාළ විදේශ මුදල් බලහත්කාරයෙන් රුපියල්වලට පරිවර්ථනය කරන බවට පැතිර යන ප්‍රචාරද සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවය. මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන්ම තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ රුපියල් බවට පරිවර්ථනය කිරීම සේවා නියුක්තිකයන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව මහ බැංකුව පවසයි. එමෙන්ම විදේශගතව සිටින සේවා නියුක්තිකයන්ට දැනට ලබාදී ඇති විවිධ දිරි දීමනා අඛණ්ඩව තවදුරටත් කිසිදු වෙනසකින් තොරව ලබාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේය.

Read More

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ. නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ආකෘතියක් සැකසීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් එම අනුකමිටුව පත්කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. පසුගියදා පැවති කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී මෙම තීරණය ගෙන ඇත. ප්‍රතිපත්ති ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය සඳහා ස්වාධීන වූ ආයතනයක් ලෙස පනතක් මගින් මෙම කොමිෂන් සභාව පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read More