Author: LANKA24X7

බඩල්කුඹුර – මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළදසැලක් අසල ඊයේ (14) ගෙලෙහි කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වූ පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ පුද්ගලයා පළතුරු වෙළදසැලේ හිමිකරු බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු කිසිවක් හෙළි වී නොමැති බවයි වාර්තා වන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Read More

අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටදී ගජමුතු 3ක් ළග තබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර පොලිසියට ලද තොරතුරක් මතයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 21ක් වන අතර ඔහු සීදුව ප්‍රදේශයේ පදිංච්කරුවෙක්. සැකකරු අද(15) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි. අම්පාර පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වයි.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනයේ ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව පෙරවරු 08.00 සිට පැය 14ක කාලයක් මෙසේ ජල කප්පාදුව සිදු කරන බව සඳහන්. එම මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ කොළඹ 01,02,03,04, 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුව සිදුවන බවයි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ අදාළ විශේෂඥ කමිටුව අද පළමුවරට රැස්වීමට නියමිත බවයි. ඒ අනුව ඔවුන් එම රෝහලට ගොස් ඒ පිලිබද විමර්ශන ආරම්භ කිරීමට ද නියමිතයි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ උදරාබාධ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ පොත්තපිටිය පොදු සුසාන භූමියේදියි. පවුලේ එකම දරුවා වූ චමෝදි සන්දීපනී නැමති ඇය පසුගිය නව වනදා රෝහල් ගත කෙරුණේ රාත්‍රී ආහාරයට ගත් කොත්තුවක් නිසා හටගත් උදරාබාධ තත්ත්වයක් හේතුවෙන්.…

Read More

රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදුනොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව කියා සිටියි. එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදුනොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල්…

Read More

එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් එය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිට කිරීමට අවශ්‍යව තිබෙන බවත්ය. එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන…

Read More

රුපියල් ලක්ෂ 56ක් පමණ මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජාඇළ නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අගල් 14ක් පමණ දිගැති වාමාවර්තව කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැයෙන් යුතු ඉතා වටිනා වාලම්පුරියක් මෙලෙස සැකකරුවන් විසින් අලෙවි කිරීමට සුදානම්ව සිට ඇති බව පොලිසිය සදහන් කරයි. කිරිඳිවැල, නිට්ටඹුව, අංගොඩ සහ මාලිගාකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් පැමිණි කැබ් රථයක් සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඔවුන් අද (13) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

Read More

අරණායක කැලෑබද ප්‍රදේශයක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් සොයා ගත් බව අරණායක පොලීසිය පවසයි. විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ අසූ දෙකක් මෙලෙස සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි. මෙම සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Read More

2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අද (13) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයට සඳහන් කළා. මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව පවතිනවා. එමෙන්ම අගෝස්තු මස 18 වැනිදා දක්වා මෙලෙස අයදුම්පත් යොමු කළ හැකියි. අයදුම්පත් යොමු කිරීමේ දී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ජූනි මස 30 වැනිදාට පෙර සහතික කළ යුතු වෙනවා. මේ අතර සියලු‍ම උපකාරක පංති ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පැවැත්වීම සබරගමුව පළාත තුළ තහනම් කරන ලෙස පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගුරුවරුන් තමා උගන්වන පන්තියේ සිසුන්ට මුදල්…

Read More