Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇතැම් ලංගම බස් කොන්දොස්තරවරු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ඇතැම් අවස්ථාවලදී ව්‍යාජ ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවට මගීන් නිතර චෝදනා නඟයි. එවැනි සිදුවීමක් පසුගිය ඉරිදා දින වාර්තා වුයේ, බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ධාවනය වූ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක ය. ඇල්පිටිය ඩිපෝවට අයත් NC -1569 දරන එම බස්රථය බම්බලපිටියේ සිට වාද්දුව දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තුව රු 130ක් වුවත් පාසල් දරුවෙකුගෙන් රු 150ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. පසුව එම දරුවා කොන්දොස්තර මහතාගෙන් ඒ පිළිබඳ විමසූවිට ප්‍රවේශපත්‍රයක රු 130 යන මුදල සඳහන් කර ඔහු වෙත ලබාදී ඇත. එසේ වුවත් කොන්දොස්තර මහතා විසින් නිකුත් කර ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නොවන ප්‍රවේශපත්‍රයක්…
රටේ ඇතිවූ බංකොලොත්භාවයට හේතු සෙවීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර තිබේනවා. පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව සදහා වන සමාජික මන්ත්‍රීවරුන් 13කුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදි විපක්ෂය ඊට විරෝධය පළකළේ එහි සභාපතිත්වය සහ වැඩි සමාජික පිරිසක් පොදුජන පෙරමුණෙන් නම් කර තිබිම හේතුවෙන්. එහි සභාපතිත්වය ලබා දෙන ලෙස විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබුණත් එය ඉටු නොවීම නිසා අදාළ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට තීරණය කළ බවයි විපක්ෂ නායක…
මිථ්‍යාව තුළින් තම ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළ බොහෝ පුද්ගලයින්ට ඛේදනීය ඉරණමක් අත්වූ සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වුණා. දරුඵල අපේක්ෂාවෙන් ශාන්තිකර්මයක් සිදුකරගැනීමට ගිය 22 හැවිරිදි තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ මේ පුවත වාර්තා වුණේ දියබෙදුම, ජඹුරේවෙල ප්‍රදේශයෙන්. පොළොන්නරුව, ජඹුරේවෙල, අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි දිල්මි සඳුනිකා දරුවෙකු අපේක්ෂාවෙන් සිට ඇත්තේ වසර 4ක කාලයක සිටයි. නිරන්තරයෙන් ලබාගත් වෛද්‍ය උපදෙස් මෙන්ම විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලද දිල්මිගේ අවධානය යොමු වුණේ ශාන්තිකර්මයක් කරගැනීම වෙතයි. ශාන්තිකර්ම මගින් ලෙඩ සුවපත් කිරීම සහ දරුඵල ලබාදෙන බවට පැවසෙන ගිරිතලේ, යාය 01 ප්‍රදේශයේ ඥාති කාන්තාවක් දිල්මිට හමුවන්නේ මේ අතරවාරයේයි. ඒ අනුව දිල්මි…
දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා දිවයිනට පැමිණ තිබෙනවා. නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් අද රාත්‍රියේ ඔහු ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ. මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය වනවා. මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කන්කසන්තුරය වරාය කේන්ද්‍ර කරගනිමින්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ දී සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
පේරාදෙණිය, මීවතුර ජල පොම්පාගාරය අසල මහවැලි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමු වී ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවත්, වයස අවුරුදු 30ත් 40ත් අතර වන, අඩි 05 අගල් 06 ක් පමණ වූ මෙම මෘත ශරීරය සතුන් විසින් කා දැමීමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි. එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර, මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විසින් විමර්ශණ ක්‍රියාත්මක කරනු ලබයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ එරට රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්වී තිබෙනවා. අදාළ සමුළුව පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊශ්‍රායලය, ජර්මනිය, ඉතාලිය ඇතුලු රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙම සමුළුව පවත්වා ඇත්තේ.
ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් රුපියල් දෙකෝටි අසූ ලක්ෂක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙනවිත් අලෙවි කරන අවුරුදු 44ක් වයසැති කොළඹ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායකට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන් මලු වල තිබී කිලෝ එකයි ග්‍රෑම් 780ක් බරැති මෙම ස්වර්නාභරණ තොගය හමුවී තිබෙනවා. මේ අතර කිලෝග්‍රෑම් 5ක බරැති රන් සහිත ජෙල් ද්‍රාවණයක් සිය සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළේ බදු රහිත…
අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලසීමාව අවසන් වීමත් සමඟ එම ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට නියමිත බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා. ඒ අනුව මේ වනවිට ඉදිරිපත් වී ඇති අභියාචනා සංඛ්‍යාව නවලක්ෂ 59,109ක් වන අතර විරෝධතා 16,322ක් ලැබී තිබෙනවා. සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් කියා සිටියේ කිසියම් ප්‍රදේශයක අභියාචනා ලබා ගැනීමට කටයුතු කර නැත්නම් ඒ පිළිබදව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කළ හැකි බවයි. එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල රැකගැනීම සඳහා ඊයේ සිට දීපව්‍යාප්තව ඒකාබද්ධ විරෝධතා මාලාවක් වරාය අධිකාරිය ඉදිරිපිට පිහිටි කාන් ඔරලෝසු කණුව අසළින් ආරම්භ…
ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වලදී පැවැත්විය යුතුයි. මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේදීයි.
