Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මාස 06ක පමණ කාලයක් නවතා දමා තිබුණු යාපනය හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (15) සිට යළි ආරම්භ කෙරුණි. ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණය කෙරුණු අනුරාධපුරයේ සිට කන්කසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව පවතී. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ අනුව මේ වසරේ ජනවාරි 05 වනදා සිට එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට අනුරාධපුරයට පමණක් සීමා කර තිබුණි. මාර්ගයේ නවීකරණය අදියර 2ක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කෙරුණේ මහව සිට ඕමන්ත දක්වාත්, අනුරාධපුරයේ සිට මහව දක්වාත් වෙන් වෙන්වය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය…
පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතා යළි එම මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ. මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු සදහන් කළේ, මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුජිබර් රහුමාන් මහතා කියා සිටියි. තමා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා වන බවත් මේ වන විට පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊ (14) සියලු කොටස් මිල දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එනම්, කොටස් මිල දර්ශකය ඒකක 103කින් ඉහළ ගොස් තිබුණ අතර එහි පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන් 2.7ක්. ඒ අනුව, අද කොටස් වෙළෙඳපොළ නිම වන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 10,595.02ක් ලෙසයි.
කොලිවුඩයේ සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් ඊයේ (14) ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වෙනවා. නළු රජිනිකාන්ත් ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට ගමන් කරන අතරතුර පැය කිහිපයක් මෙරට ගුවන් තොටුපොළෙහි ගත කළ බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව හරහා රජිනිකාන්ත් ගියේ කුමන රටකටද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. රංගන ශිල්පී රජිනිකාන්ත්ගේ මෙම සංචාරයේදී ගන්නා ලද ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වැඩ බලන පොලිස්පති වරයා ලෙස මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (16) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ක්‍රීඩා ලෝලීන්ට නොමිලයේ නැරඹිය හැකියි. පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා ද, දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී මේ මස 24 වැනිදා ද, ආරම්භ වීමට නියමිතයි.
සියලු පක්ෂ එක්ව මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14) පැවති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මෙම සාකච්ඡාවට නිදහස ජනතා සභාව නියෝජනය කරමින් පිර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම එක්ව සිටියා.
(15) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ පත් කර තිබෙනවා. 1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11,වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ. ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී පියා අතින් ම අධිකාරියට පත් වීමට සමත් ව තිබෙනවා. මේජර් ජෙනරාල් සංජය වනසිංහ වන්නි…
කුරුන්දි රජ මහා විහාර භූමියේ පොන්ගල් උත්සවයක් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වළක්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පැමිණ මුලතිව් කුරුන්දි විහාර භුමියේ පොංගල් පූජාවක් පැවැත්වීමට උත්සාහ කිරීමේදී එහි ගොස් සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා. පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැදිහත් වී එය පාලනය කළ අතර, මෙවැනි පූජාවක් පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා මුලතිව් පොලිසිය මුලතිව් අධිකරණයටද ගොස් තිබුණා. එහිදී, පූජාවක් පැවැත්වීම අධිකරණයකින් නැවතිය නොහැකි බැවින්, කිසිදු ඉදිකිරීමක් නොකර පූජාව පවත්වන්නැයි විනිසුරුවරයා නියෝග කර තිබූ පසුබිමක, මෙම තත්ත්වය හට ගත්තා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
