Author: LANKA24X7

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් ගත් කුඩා ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) එම අනතුර සිදුව තිබුණේ, වැල්ලව, වරද්දන ප්‍රදේශයේදීය. අනුරාධපුර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක එම ලොරි රථය ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර, මියගොස් ඇත්තේ, ලොරි රථයේ රියදුරා බව වාර්තා වෙයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ අනෙක් පුද්ගලයා, වැල්ලව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ලොරි රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ, 38 හැවිරිදි නාරම්මල…

Read More

මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර තිබිණි. එහිදී අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හදුනාගෙන ඇති බව වාර්තා වී ඇත. ඒ අනුව අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. කෙසේවෙතත් අදාළ කාණ්ඩ…

Read More

අකුරැස්ස, අමලගොඩ මංසන්ධියේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක් අසළ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවත් ඔවුන් අකුරැස්ස මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අදාළ වාහන අලුත්වැඩියා කරන ස්ථානයෙන් සේවා ලබා ගැනීමට පැමිණි සිව් දෙනෙකු සහ එහි හිමිකරු එලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තාවේ.

Read More

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.…

Read More

දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි. රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදීය. මියගිය සංඛ්‍යාව 2515කි. මෙයට අමතරව 2021 වර්ෂයේදී 2513 දෙනෙක්ද 2020 වර්ෂයේදී 2144 දෙනෙක්ද මියගොස් සිටිති. දිවයින පුරා 2020 වර්ෂයේදී මාරක රිය අනතුරු 2040ක්ද 2021 වර්ෂයේ දී මාරක රියඅනතුරු 2414 ක්ද 2022 වර්ෂයේදී මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ. රිය අනතුරුවල අඩුවීමක් දක්නට ඇතත් අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාවේ…

Read More

නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී ඊයේ (21) වෙඩිතැබීමක් සිදුව තිබේ. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, සිද්ධිය ආරංචි වූ නෙදුන්කේනි පොලිසිය තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත. කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Read More

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ චිත්තම්පලම් ගාඩිනර් මාවත අසල බේරේ වැවේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ත් 50ත් අතර වයසක පසුවන අයකු ලෙස හඳුනාගෙන ඇත. මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 03ක් වන පිරිමි පුද්ගලයකු වන අතර, ළා නිල් පැහැති අත් කොට, කොටු සහිත කමිසයක් හා නිල් පැහැති දිග බොටම් කමිසයක් හැඳ සිටි බව වාර්තා වෙයි. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි. කොම්පඤ්ඤවීදිය පොලිසිය…

Read More

දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී හමු වී තිබෙනවා.

Read More

ඉදිරියේදී දැඩි තිරිඟුපිටි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසනවා. ඔහු පැවසුවේ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මෙයට හේතුව බවයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකෙරෙමින් පවතින කොටසක කපා දැමූ කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස වළ දමා ඇති ස්ථානයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ පොලිසියට නියෝග කර තිබෙනවා. එමෙන්ම, ඇය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියෝග කර සිටියේ ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හදුනාගෙන එය ගොඩගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Read More