Author: LANKA24X7

කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ යට ඇදුම තුළ සගවා ගෙන තිබියදී මෙම අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු නාගවිල්ලුව පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි. මෙම සැකකරු විෂ මත් ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය ප්‍රකාර ජාවාරම් චෝදනාව යටතේ මීට පෙර පුත්තලම සහ මදුරන්කුලිය පොලිසි මගින් දෙවරක් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි. සොරකම් කිරීම් මංකොල්ල කෑම් රැසක චෝදනා ලැබ සිටින මොහු,අපරාධක් සිදු කිරීමෙන් අනතුරව මන්නාරමට පලා…

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර යවා ඇති අතර පහර කැමට ලක් වු සිසුවිය තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබති. සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම පහර දිම සිදුකර ඇති බවට වාර්තා වේ. දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පිටතින් ආහාර රැගෙන විත් කෘෂි විද්‍ය පිඨයේ ආපන ශාලාවෙිි ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දැඩිගමුව හා හංවැල්ල ප්‍රදේශවල සිදු කළ මෙහෙයුමක දී විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අනුගාමිකයින් සමඟ සමීප සබඳතා පවත්වන අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැ කිවූ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හා 37 හැවිරිදි වියේ පසු වන පාදුක්ක හා හංවැල්ල ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් සතු ව තිබී අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ යතුරුපැදි 02ක්, තවත් යතුරුපැදි අංක තහඩු දෙකක් හා ජංගම දුරකථන 02ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිස්…

Read More

මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ‍ ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි. එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍යය පවසයි. අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ…

Read More

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය සියයට දෙකකට වඩා වැඩි ආර්ථික වර්ධනයක් මේ වසරේ දී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මේ අතර මෙවර අයවැයේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වැඩි කළ පොලිස් නිලධාරීන්ගේ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතියේ දී ලබා දීමට පියවර ගන්නා බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් අපෙක්ෂා කෙරේ.

Read More

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදී තංගල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ පිලිබඳ ඉව වැටුණු සැකකරු මෝටර් රථයෙන් පැන ගොස් ඇති අතර පොලිසියෙන් බේරිමට බැරි වූ තැන මෝටර් රථය – තුංතොට පාලම අසල රථය දමා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි. මෝටර් රථය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරිය පොලීසියේ සහාය ඇතිව තංගල්ල පොලිස් නිලධාරීන් විසින් දැනටමත් මෙහෙයුමක් ආරම්භ කොට…

Read More

පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනයන්හිදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. ගොවීන්ට ලබා දීමට නියමිත ව තිබූ රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සහාය දක්වන ලෙසට පැමිණිලිකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවන් විමර්ශනයක් සිදුකරන බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නියෝග ලබාගෙන ඇති බවද පෙන්වා දුන්නේය. ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට…

Read More

කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. වාහනය තුළ තිබී යතුරු පැදියක ,හා තීරෝද රථයක ලියාපදිංචි සහතික දෙකක් සහ තවත් යතුරුපැදියක සහතික කරන ලද ලියාපදිංචි සහතිකයක පිටපතක් තිබූ බව පොලිසිය කියයි. වාහනයට යොදා තිබූ අංක තහඩුවද ව්‍යාජ එකක් බව පොලිසිය සඳහන් කරයි. සැක කටයුතු වාහනයක් නිවසක් ඉදිරිපිට නතර කර තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සිදු කළ මූලික පරික්ෂාවේදී එහි සවිකර තිබූ අංක තහඩුව හලාවත බංගදෙනිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයකට හිමි අංකය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. අනතුරුව සැකකාර අවන්හල් හිමියා සහ මෝටර්…

Read More