Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන ඇත. කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබුණි. ප්‍රදේශවාසීන් විසින් කිඹුලා අල්ලා ගෙන ඇති අතර ඒ බව දෙහිවල සත්ත්වෝද්‍යානයට, පොලීසියට සහා බෙල්ලන්විල අත්තිඩිය වන අඩවි කාර්යාලයට දැනුම් දී තිබුණ ද මෙතෙක් කිසිදු නිලධාරියෙක් නොපැමිණි බවට ප්‍රදේශවාසීහූ චෝදනා කරති.
ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබාදීමට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇතැයිද බාල බෙහෙත් සම්බන්ධයෙන් කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කීවේය. මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හා සෞඛ්‍ය ඇමතිවරයා…
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී ඇත. මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියකි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත්තාය. ‘මීයා කලීෆාගේ සහාය පලස්තීනයට’ යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණි. මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ…
නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රීධූරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රීධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා පත්කරන බවට සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නිකුත් කරනු ලැබීය. අලි සහීර් මවුලානා මහතා මඩකළපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ලයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයාය. මේ අනුව ඔහු කතානායකවරයා ඉදිරියේ ලබන සතියේ දිවුරුම් දීමට නියමිතය. හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ එම මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය…
කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්‍ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා දක්වා වසා දැමූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පැවසීය. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 100 ක් පමණ මෙම රෝගයට ගොදුරු වී ඇති බවත් ඒ අනුව එම විදුහලේ 6, 7 සහ 8 යන ශ්‍රේණිවල සියලුම පංති වසා දැමූ බවත් නගර සභාව කීය. කොළඹ නගර සභාවට අයත් බටහිර කොළඹ, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශවල පාසල්වල මෙම රෝගය පැතිර යන බව කී කොළඹ මහ නගර සභාව ‘අක්‍ෂි පටල ප්‍රදාහය’ ලෙස හදුන්වන වයිරසකින් පුද්ගලයන් හරහා මෙම රෝගය බෝවන බව…
සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් ඊයේ මරණ දඩුවම නියම කළේය. පයාගල, හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචි නෙවිල් ප්‍රනාන්දු යන අයට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි. පයාගල , හල්කඳවිල , සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර දිල්ලිහිදී ඊයේ (11) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය. ඉන්දීය පිල ලකුණු 273 ක ඉලක්කය ඕවර 35 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. ඇෆ්ගනිස්තාන් පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 272 (රහමුනුල්ලා ගුර්බාෂ් 21, ඊබ්‍රහිම් ශද්‍රාන් 22, හෂ්මතුල්ලා ශහිදි 80, අෂ්මටුල්ලා ඔමර්ෂායි 62, ජස්ප්‍රිට් බුම්රා 39/4, හර්ද්‍රික් පාණ්ඩියා 43/2) ඉන්දීය පිල ඕවර 35 කදී කඩුලු 2 ට 273 (රෝහිත් ශර්මා…
ඊශ්‍රායල සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟ වී ඇත. ඒ අනුව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, බෙනී ගාන්ට්ස් සහ ආරක්ෂක අමාත්‍ය යොඇව් ගලාන්ට්ගෙන් සමන්විත යුද කැබිනට්ටුවක් පිහිටුවීමට එකඟ වූ බව බෙනී ගාන්ට්ස්ගේ ජාතික සමගි පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම කැබිනට්ටුව මගින් හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට අදාළ තීරණ පමණක් ගනු ඇති බවත් ඉන් පිටත කිසිඳු තීරණයක් නොගනු ඇති බවත් එම ප්‍රකාශයේ දැක්වේ. බෙනී ගාන්ට්ස් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුද වේ.
සිංහල විෂය උගන්වන ගුරුවරයාට පාසලේදි වඳින අවස්ථාවේ හිස අත ගා මුහුණ සිප ගන්නා බව කියමින් තිස්සමහාරාම පොලිස් වසමේ පිහිටි පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා එම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි. මීට වසරකට පමණ ඉහතදී මෙම සිදුවීම සිදු වූ බවත් එම වකවානුවේදීම තමන් අසනීප වී නිවසේ කාලය ගත කරන විට සුවදුක් බැලීමට මෙම ගුරුවරයා නිවසට පැමිණි බවත් සිසුවිය පොලීසියට පවසා ඇතැයි කියති. එසේ නිවසට පැමිණි අවස්ථාවේ රෝගී තත්ත්වයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යමු යැයි කියා යෝජනා කර තමන්ව වඩා ගත් බවත්මේ අවස්ථාවේ තමන් ලැජ්ජාවට සහ දැඩි අපහසුතාවයකට පත් වූ බවත්සිසුවිය පවසන්නේ යැයි…
ඉන්දියා සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරිණි. එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය. නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක්…
