Author: LANKA24X7

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් ගත් මගියකු හදිසියේ රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගීයා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරු ඊයේ දහවල් කටයුතු කළහ. බස් රථයෙහි රියදුරු ලෙස කටයුතු කළ යටියන්තොට වයි.ජී.එල්.එස්.කුමාර මහතා සහ කොන්දොස්තර ලෙස කටයුතු කල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර යන දෙදෙනා විසින් රෝගී වූ මගියා මෙලෙස සාලාව රෝහලට භාර දීමට කටයුතු කර ඇත. සිද්ධිය පිළිබදව අදහස් දැක් වූ අදාල බස් රථයෙහි කොන්දොස්තර ලෙස කටයුතු කල සිසිර කුමාර මහතා මෙසේ කීය. අපි කොළඹ ඉදල අවිස්සාවේල්ල යන්න ආවේ. බස් රථයේ ආසන ගාණටම වගේ මගීන්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටිව පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙම මස 20 වැනි දා තෙක් ක්‍රියාත්මක නොකරන බව ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයට පොරොන්දු විය. ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා මෙසේ පොරොන්දු වූයේ අදාල ගැසට් නිවේදනයට එරෙහිවව ගොනුක තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

Read More

2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

Read More

කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ දී පාසල නිම වී නිවස කරා යමින් සිටි පාසල් සිසුවියක් ඊයේ (15) පැහැර ගැනීමකට ලක් ව තිබිණි. ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක් එම සිසුවිය බලහත්කාරයෙන් රථයට නංවාගෙන ඇති අතර, එය දුටු ඇය ගේ පාසලේ මිතුරියක් ඇය බේරාගැනීමට උත්සාහ කිරීමේ දී එම සිසුවිය ද ත්‍රිරෝද රථය තුළට නංවාගෙන සැකකරුවන් පළා ගොස් ඇති බව වාර්තා විය. සිද්ධිය විදුහල්පතිවරයාට ආරංචි වීමෙන් පසු ඔහු ඒ ගැන පොලීසියට දැනුම් දී තිබූ අතර, ඒ අනුව කළුතර දකුණ පොලීසිය වහාම විමර්ශනයක් ආරම්භ කළේය. එහි දී සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් හැරදමා ගොස් සිටිය දී සොයා ගෙන තිබේ. අනතුරු ව ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ…

Read More

කැනඩාවේ සිට මෙරටට භාණ්ඩ ආනයනය කළ බහාලුමක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනුණි. එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බව වාර්තා වෙයි. කැනඩාවේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට මෙම මත්ද්‍රව්‍ය එවා ඇති අතර මෙම පාර්සලයේ අයිතිකරු වෙනුවෙන් පැමිණි නියෝජිතයා මෙලෙස රේගු අත්අඩංගුවට ගන්නා ලදී. ඉතාලියේ සිට ගෙන්වූ බහාලුමක තිබී හෂීස් මත්ද්‍රව්‍ය…

Read More

බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේය. කඩිනමින් මහ මැතිවරණය පවත්වන ලෙසත්, ඊට පෙර අග්‍රාමාත්‍ය ශීක් හසීනාට ධුරයෙන් ඉවත් වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. විරෝධතා පවත්වන්නේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ ශීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවය. අග්‍රාමාත්‍යවරිය ශීක් හසීනා වහා ධුරයෙන් ඉවත් වී, භාරකාර රජයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු බව විපක්ෂය ඉල්ලා සිටී.

Read More

අද (15) අලුයම බේරුවල පොලිස් ස්ථානය අසල ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී එකම පවුලේ පියා සහ පුතා ඔවුන් අතර පවතින පෞද්ගලික විරසකයක් හේතුවෙන් කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක හප්පා ගැනීමේ සිද්ධියක් වාර්තා වේ. ව්‍යාපාරිකයකු වන එම පියා, ඔහුට අයිති බේරුවල ධීවර වරායේ ඇති ධීවර යාත්‍රාවක් අද අලුයම් කාලයේ සොයා බැලීමක් සඳහා බේරුවල ධීවර වරායට යන අතරතුර, බේරුවල දෙස සිට පැමිණි ඔහු ගේ පුත්‍රයා බේරුවල පොලිස් ස්ථානය අසල දී ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථය ඔහු ගේ පියා ගේ බව හඳුනාගෙන ඇත. පසු ව ඔහු පැදවූ කුඩා ප්‍රමාණයේ වෑන් රථය, කාර් රථයේ හප්පා හානි සිදු කර තිබේ. පුත්‍රයා පැමිණි…

Read More

සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ. නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කර ඇත. 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ. මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක…

Read More

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සදහා සහය පළ කරන බවයි. ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

Read More

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More