Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම වාලම්පුරියද සමග පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවය. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාපධිති පුටින් මෙසේ පවසා ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ දුරකතන සාකච්ඡාවක් පවත්වමිනි. එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් සංවිධානය අඩපණ කරන තුරු සටන් අත්නොහරින බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට පෙර, රුසියන් ජනාධිපති පුටින් ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, සිරියානු ජනාපධිති බෂාර් අල් අසාද්, ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී සහ පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සමඟ ද සාකච්ඡා කළේ යැයි ක්‍රෙම්ලීනය පවසයි.
බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට ආගම්වලට අපහාස කලේ යැයි කියන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සලසා දීමට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අද (16) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදුකළේය. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද (16) සහ හෙට (17) යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේය. ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය. එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් තිබේ. හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම් අඛණ්ඩ 9 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නිසා මියගිය ගණන 2,300 කට අධිකය. ඉන් තුනෙන් එකක්ම දරුවන් බව සඳහන් වේ. ගාසා හි අයිස් ක්‍රීම් ප්‍රවාහන රථ තුළ පවා මෘතදේහ ගොඩගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ගාසා හි වෙසෙන මිලියන 1.1ක ජනතාවට ඉන් ඉවත් යන ලෙස ඊශ්‍රායල පසුගියදා නියෝගය කර තිබුණි. ඒ අනුව ජීවිතය උදෙසා පළායමින් සිටි කාන්තාවන් සහ ළමයින් රැසක් රැගත් එක් ට්‍රක් රථයකට අවාසනාවන්ත ලෙස ඊශ්‍රායල ප්‍රහාරයට…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයට අනුව මෙම පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උස්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ද මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් සක්‍රීය වී ඇති නායයෑමේ අවදානම මත කොස්ලන්ද මීරියබැද්ද පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණි. ඔවුන් එලෙස පිටත් කර…
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍යය වාර්තා කළේ, අද (15) අලුයම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අධිවේගී මාර්ගයක දී කුඩා බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී එම අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. බස්රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර, එය රියදුරුට පාලනය කරගත නොහැකි ව කන්ටේනරයේ පිටුපස ගැටී මෙම අනතුර සිදු ව ඇති බව සඳහන් වේ. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මඟීන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
