Author: LANKA24X7

හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගෙන තිබේ. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000කට අධික බව නාවික හමුදාව පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය එම සියලු මැතිවරණ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

Read More

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය එජාප විශේෂ මහා සම්මේලනයේදී ඊයේ ඒකමතිකව සම්මත විය. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප ව්‍යවස්ථා සංශෝධනය පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහිදී පක්ෂ සම්මේලනයේ සියල්ලෝම අත් ඔසවා ඊට එකඟතාවය පළ කළහ. එක්සත් ජාතික පක්ෂයට ඔන්ලයින් සංවිධාන ඇති කිරීමට ඉඩ දීම,කෘත්‍යාධිකාරී මණ්ඩල බලතල විධායක සභාවට ලබා දීම,කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු සංශෝධන නව ව්‍යවස්ථාවට ඇතුළත් ය. එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සම්මේලනයට නිවේදනය කළේය.

Read More

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය. තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය. ” මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ. ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා.අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්. වෙනස පටන්…

Read More

කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළැයි කියන පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය. මෙසේ බන්ධනාගාර ගතවුයේ කන්තලේ පේරාරැ පදිංචි නිෂාර්දීන් රපීස් (32) නැමැති අයයි. කන්තලේ වෙළුන්නා රජමහා විහාරයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බුදු කුටිය, පෝටන් කාටුව හන්දිය බුදු කුටිය, රජඇල සීවලි විදුහල අසල ඇති බුදු කුටිය හා රජඇල , යුනිට් තුන බුුදු කුටිය යන බුදු මැදුරු ආවරණ විදුරුවලට යකඩ මිටියකින් හා ගල්වලින් ගසා හානි කර ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතා සැකකරු සමග ඉදිරිපත් කළ බී වාර්තාවෙන් කියවිණි. කන්තලේ පොලිස්…

Read More

අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මව පියා සහ මාස හතරක දරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් පියාට බරපතල තුවාල සිදුවූ මේ තිදෙනාම බලපිටිය රෝහල ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි. වෙඩි වැදුනු තිදෙනාම අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ෙ යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදු කොට ඇති බව ද පොලීසිය කියයි. දකුණේ පාතාල නායකයකුගේ කිට්ටුම ඥාතී පවුලකට මේ වෙඩි තැබීම සිදු කොට තිබෙන බව ද පොලීසිය කියයි.

Read More

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, රොකට් ප්‍රහාරය රෝහලට එල්ල වී ඇත්තේ ඉලක්කය වැරදී යෑමෙන් යැයි ද ප්‍රංශ බුද්ධි අංශ තහවුරු කර තිබේ. රෝහලට එල්ල වුණු එම ප්‍රහාරයෙන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

Read More

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබේ. පස් කඳු කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ අවහිරවීම් සිදුවී ඇත. ඒ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට බාධා එල්ලවී තිබේ. මෙම මාර්ග කොටස අතර ස්ථාන 03කදී ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් වැටී ඇති බව තවදුරටත් වාර්තා වෙයි. මේ හේතුවෙන් අද (21) දහවල් 2.30 සිට හපුතලේ සහ බෙරගල අතර කොටසේ රථවාහන ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පස් ඉවත්කිරීමේ කටයුතුවලට ද බාධා එල්ලවී ඇති අතර මෙම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ඉල්ලීමක්…

Read More

මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධා විසින් අද (20) පැවැති හර්තාලය අසාර්ථක බව උතුරේ ජනතාව පවසයි. දෙමළ ජාතික සංධානයේ උවමනාව මත අහින්සක ජන ජිවිත අාල කරමිින් පැවැත්වු මෙම හර්තාල් ව්‍යාපාර ඇත්තටම වැරදි වැඩක් බව ඔවුන් ප්‍රකාශ කර සිටි. දෙමළ ජාතික සන්ධානයෙන් අපි අහනවා එක් විනිසුරුවරයෙකු වෙනුවෙන් මෙලෙස හර්තාලයක් සිදුකරන අය එදා අපේ මිනිස්සු මැරුණු කාලසීමාවේ එක උපවාසයක්වත් සිදු නොකලේ ඇයි කියලා. මෙයාලට විනිසුරුවරයා වෙනුවෙන් හර්තාලයක් සිදුකරන්න අවශ්‍යතාවය නැ.මේයාලට ඔනේ සාමාන්‍ය දෙමළ ජනයාගේ ජිවිත වලින් පලි ගන්න. අද…

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙත අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ ති‍බේ. ඒ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහාය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත චෝදනා එල්ලවී ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීමට කටයුතු කර ඇති බවටය. සිද්ධියට වගකිවයුතු නිලධාරීන් නොවැම්බර් මස 16 දිනට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පසුගියදා රහස් පොලීසියට නියම කළාය.

Read More