Author: LANKA24X7

තමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය විසින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර තමන්ට ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පොරොන්දුව මත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට එය ලබා දුන් බවත් එම තනතුර ජනාධිපතිවරණ පොරොන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. කවදා හෝ තමන්ට බලය ලැබුනොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කල යුතු ආකාරයත් නීතිය හා ආරක්ෂාව පිළිබඳවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උගන්නන බවද මන්ත්‍රීවරයා කීය. ඒ මහතා මේ බව කියා සිටියේ (23දා) වැලිඔය ප්‍රදේශයේ දී…

Read More

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවද ඔහු පැවැසීය. රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමග පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් සමාජ මාධ්‍යවල න්‍යායපත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට…

Read More

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව හා මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරින් එක්ව ඊයේ (23) වන දින මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී රුපියල් මිලියන 03ක වටිනාකමින් යුක්ත Pregabalin වර්ගයේ මල්පෙති 207,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ පදිංචි ලෝගන්දන් අජන්තන් නමැති 22 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා හා මල්පෙති තොගය පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවට වාර්තා වේ.

Read More

මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල පිහිටි රාගල සානුව ආසන්න ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණයින් දෙදෙනෙක් අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ ප්‍රපාතයකට ඇදවැටී ඇති තරුණයින් දෙදෙනා බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවය. අනතුරින් තුවාල ලබා ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. තරුණයින් අතරින් එක් අයෙකුගේ උපන්දිනයක් ඊයේ (23) දිනයට යෙදී ඇති අතර, ඔහු තවත් මිතුරන් සිව්දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නැමති ස්ථානයට ගොස් එහි මත්පැන් සාදයක් පවත්වා ඇත. සාදය අතරතුර උපන්දිනය යෙදී තිබු තරුණයා ගලකින් පහළට ලිස්සා ගොස් ඇති අතර, ඔහුව බේරාගැනීමට උත්සාහ කිරීමේ දී මිතුරාද ප්‍රපාතයට ඇදවැටී ඇතැයි පොලීසිය…

Read More

හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුළ පිහිටි නේවාසිකාගාරයකදී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අද (24) දින අලුයම අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. ඩුබායි හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බව පැවසෙන ‘හඳයා’ නැමැත්තා ගේ මස්සිනා බව කියන ‘චුක්කා’ නැමැති පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සතුව තිබී රුපියල් 110,000ක මුදලක් තිබී සොයාගත් බවද පොලීසිය පැවසීය. මත්ද්‍රව්‍ය පැකට් කිරීම සදහා යොදාගත් තරාදි ,පොලිතින් පැකට්, ඉටි පන්දම්, කතුරු ඇතුළු භාණ්ඩ රැසක් ද එම නේවාසිකාගාරයෙහි තිබී සොයා ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙරට විශාලතම අර්බුදය වුණු රෙමිටන්ස් අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද සඳහන් කළේය. ලබන මාසය වනවිට වාහන සඳහා අදාල එච් එස් පී හෝට් 270 කට ආසන්න ප්‍රමාණය හැර අනෙකුත් ඕනෑම සියලුම භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

Read More

ආනයනික කිරි පිටි සදහා බදු ඉහළ දැමුවද එම කිරි පිටි මිල වැඩි කරන්නේ නැතැයි කිරි පිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. ලෝක වෙළඳ පොළේ කිරි පිටි මිල මේ වනවිට තරමක් අඩු වී ඇති බවත් ආනයන කිරි පිටි තොග අවශ්‍ය තරම් තිබෙන බවත් එම නිසා ආනයනික කිරි පිටි මිල දැන්ම වැඩි කිරීමට අවශ්‍ය නොවන බවද සංගමයේ නිලධාරියකු කීහ. රජය ඉකුත් 22දා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන කිරිපිටි සදහා වන වරාය හා ගුවන් තොටුපොළ බද්ද සියයට දහයකින් වැඩි කළේය.

Read More

වේයන්ගොඩ ජයසූරිය මාවතේ තුන්වැනි මහලේ ඉදිකරමින් පවතින නිවසක කොන්ක්‍රීට් ගල්ගොඩක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින පෙදරේරුවන් ට මෙසේ මෙම බෝම්බ හමුවී ඇත. මෙසේ හමුවීීඇත්තේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් හා විදේශීය රටක නිෂ්පාදිත බෝම්බයක් බව පොලිසිය සඳහන් කරයි විදේශීය රටක නිෂ්පාදිත බෝම්බය මලකඩ කා දිරා යමින් තිබූ එකක් බව පොලිසිය කියයි. මෙසේ හමු වූ බෝම්බ සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි මෙම බෝම්බ මෙම ස්ථානයට ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Read More

ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලක් තුළ දී තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. මෙලෙස පහර දී ඇත්තේ බොරැල්ල කොටා පාරේ සුපිරි වෙලද සලක් තුළදීය. පහර කෑ තරුණිය ඉකුත් 18 වෙනිදා එම වෙළඳසැලතුළින් චොකලට් සොරකම් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

Read More

ගාල්ලේ රෙදි ව්‍යාපාරිකයකු මෝටර් රථයෙන් ගමන් ගනිද්දී ගාල්ල ඩික්සන් පාරේ වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වා ගෙන යන 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකි. ඔහු මෝටර් රථයෙන් යමින් සිටියදි මෙසේ වෙඩි තබා ඇති අතර ඝාතකයන් පලා ගොස් ඇත. ඝාතකයින් වෙඩි වරුසාවක් එල්ලකර ඇති අතර ඔහු රියදුරු අසුනේම මියගොස් ඇත. ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Read More