Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා…
දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.
ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය බව සඳහන්ය. ත්‍රිරෝද රථයේ ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ දියණිය සහ 18 හැවිරිදි මිණිපිරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අනුරාධපුර, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය. කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය.
පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, මස් ප්‍රවාහනට යොදාගත් වාහන හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපෙක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන…
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම බදු මුදල් අයවීමට නියමිතව ඇතැයි පැවසෙන්නේ ඉප්පන්තිව්, වෙල්ලයි,සින්න ඉරමතිව් දූපත, ඉරමතිව් බටහිර දූපත, සින්න ආරච්චල් සහ ඉරමතිව් යන දූපත්වලිනි මේ අතර කල්පිටියේ තවත් දූපත් හයකට අයත් ඉඩම් අක්කර 457 ක් ජනපති නිදහස් දීමනා ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට පවරා තිබුණද එම ඉඩම් ආයෝජන සඳහා යොමු කිරීමට වසර දහයකට වැඩි කාලයක් ගත වී තිබූ බව වාර්තාවේ දැක්වේ. මේ අතර යාල සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේ දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇතැයි…
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි. අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය. අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇතැයි වාර්තාවේ.ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිනි තබාගෙන ඇත්තේ ෆ්ලොරිඩාහි පදිංචි මැක්ස් අසරෙල්ලෝ නැමැති පුද්ගලයෙකු බව නිව් යෝර්ක් පොලිසිය ප්‍රකාශ කළේය. ගිනි තබා ගැනීම හේතුවෙන් අසරෙල්ලෝ බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව නිව් යෝර්ක් පොලිසිය පැවසුවේය. අසරෙල්ලෝ සිරුරට ගිනි තබා ගැනීමට ප්‍රථම තමන් සොයා ගත් කුමන්ත්‍රණයක තොරතුරු වෙත සියල්ලගේම අවධානය යොමු කිරීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට පෙළඹුණු බව පවසමින් අන්තර්ජාලය තුල සටහනක් තබා තිබිණි. පසුව දැඩි ආරක්ෂාව යටතේ ට්‍රම්ප්ගේ…
