Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2017-2020 අතර කාලයේදී රුපියල් කෝටි 800කට වැඩි බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවට විමර්ශනවලදී පැහැදිලි තොරතුරු අනාවරණයවී ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය. එම අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම මුදල් විවිධ ව්‍යාපෘති සඳහා වැයකර ඇති නමුත් සමහර ව්‍යාපෘති එම ආරමුදලේ විෂය පථයට පවා නොවැටෙන ඒවා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. මේ අනුව මෙම කාල සීමාවේදී එම අරමුදල අපේක්ෂිත අරමුණු වලින් බැහැර වී ඇතැයිද දිසානායක මහතා පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට රජය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ (159) ආදායම් බදු ලිපිගොනු (ෆයිල්) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන පරීක්ෂා කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. එම බදු ලිපිගොනු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගැනීමට විපක්ෂයෙන් වෙනම කණ්ඩායම්ද පත් කරනු ලැබ සිටිති. එම කණ්ඩායම්වලට නීතිඥවරුද ඇතුළත් වෙති. මේ අනුව මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ බදු ගෙවීමේ සියලුම ලිපිගොනු ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව ආසන සංවිධායකවරුන් මාර්ගයෙන්ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් බැරකම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධි ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පවත්වගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට දැණුම්දි තිබේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරිම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ. ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරිමේදි වැව් රක්ෂිතය තුලම හිටපු ආණ්ඩුකාර බිරිද හෝටලයක් ඉදිකිරිම සදහා කිසිදු නීතිමය ලියකියවිල්ලක් නොමැතිව අනවසරයෙන් ගොඩනැගිලි…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කියයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශයේ පදිංචි 33,34,45 සහ 46 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය. විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි . විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර , කලකට පෙර උන්වහන්සේ ගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බවත් පොලිසිය කීය. සැකකරුවන් එම බැංකවේම නාරම්මල ශාකාවෙන් අවස්ථා කිහිපයකදී මුදල් සිය ගිණුම් වලට මාරුකරගෙන…
මේ වසර සඳහා ණය ගැනීමේ අවශ්‍යතාවය පහල ගොස් ඇතැයි රජය පවසයි. ඉකුත් වසරේ සැප්තැම්බර් 21 වැනිදායින් ඇරැඹි අනුර දිසානායක පාලනය ආදායම් වියදම් අතර පරතරය අඩු කළ වසරක් වන අතර ඒ අනුව ලබන වසරේ පොලී වියදම අඩු වීමක් අගපේක්ෂා කරන බව රජය කියයි. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී වසරක් ගත වන විට ලංකා ආර්ථිකයේ පැහැදිලි සුබවාදී දිශානතියක් පෙන්නුම් කරන බව රජය පවසයි. පරිපූරක ඇස්තමේන්තු නොමැති සැලසුම් කළ ලෙසම වියදම් සීමාවන් පවත්වා ගෙන යාමට හැකියව ලැබී ඇති වසරක් බවද රජය සඳහන් කරයි. බැංකු පොලී අනුපාතය ස්ථාවර අනුපාතයක එනම් 8%ක ප්‍රමාණයක පවත්වා ගැනීමට සමත්ව ඇතැයි ද 2025 පළමු මාස 6 තුල රාජ්‍ය…
බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි අමෙරිකාව වෙත ලබාදීමට ඇෆ්ගනිස්තානය කටයුතු නොකරන්නේ නම් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට අනතුරු අඟවා තිබේ. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ රැඳි සිටි අමෙරිකානු සෙබලුන් භාවිත කළ මෙම කඳවුර, 2021 වසරේ එම සෙබලුන් ඉවත්ව යාමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගෙන සිටී. මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාර්ශ්වය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේය.
සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ. අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පැවසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ‘ග්‍රේට(ර්) ඊශ්‍රායල් ‘ හෙවත් ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුම හෙළා දකිමින් ඔහු මේ බව පවසා ඇත. ඒ චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය. එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ද එහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. අමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම ද ඉරාන ජනපතිවරයාගේ විවේචනයට ලක්වූ අතර ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.
මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවය. එමෙන්ම මේ වන විට ඖෂධ ගෙන්වීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ආරම්භ වී ඇති බවත් ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයෙන් පසුව අදාළ ඖෂධ ගෙන ඒමටද නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා “සමහර ඖෂධ ප්‍රයිවට් මාර්කට් එකෙත් නෑ, එළියෙත් නෑ, වෙළෙඳපොළෙත් නෑ, ෆාමසිවලත් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි ඖෂධ ලියාපදිංචියේදී අසීමිත ලෙස මිල ගණන් ඉදිරිපත් කරලා ලියාපදිංචි කරන්න දෙන්නේ නැහැ දැන්. දකුණු…
