Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටින් ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පැමිණෙනු ඇත. ජනාධිපතිවරයා බදාදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත. එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී සහභාගී වනු ඇත. ජනාධිපති…
බස්නාහිර සහ සබරගමුව පළාත්වත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවත් මධ්‍යම, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද(23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි. සැකකාර තරුණයා විසිපස් හැවිරිදි ඇල්පිටිය වල්ඹගල පදේශයේම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී ඇති අයෙක් බව ද පොලීසිය කියයි. සැකකරුගේ නමට ලොරි රථයක් තිබුණද ඔහුගේ නිවසේ පාපැදියක්වත් නොතිබෙන අයෙක් බවද පොලීසිය කියයි. තමාට පිට රටකින් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියදි කොළඹ ගොස් යම් කඩදාසී වගයකට අත්සන් කළ බවත් තමාට ලොරි රථයක් නැති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී තිබේ.සැකකරු අද (23)දහවල් තංගල්ල පොලීසියට භාරදීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 2010, 2011 සහ 2012 වසරවල රුපියල් 36,975,959ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය. වගඋත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා…
අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති,නීති සහ නියාමන රාමු සමාලෝචනය කර නව යුගයේ අභියෝගයන්ට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙම කමිටු රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
මොරටුව – එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ මෝදර, ජයගත්පුර වෙරළ තීරයට අද (22) උදෑසන නිරුවත් මළ සිරුරක් ගොඩගසා තිබේ. එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගෙන ඇත. කෙසේවෙතත් මිය ගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පැවසුවේය. එමෙන්ම අදාළ පුද්ගලයා වයස අවුරුදු 50ත් 60ත් අතර සීමාවක පසුවන්නෙකු බවට පොලීසිය සැක පළ කරන්නේය.
මේ වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි. සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කිරීම වැදගත් සංධිස්ථානයක් බව රජය ප්‍රකාශ කරයි. මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ධනයකි.
රාජගිරියේ අධික මාර්ග තදබදය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. කාර්යාල සේවක සේවිකාවන් දහස් සංඛ්‍යාත පිරිසකගේ වැඩ පැය අහිමිවීම සහ ඉන්ධන නාස්ති වීම යනාදී කරුණු හේතුවෙන් මෙම නාස්තිය සිදුවන බව ගණන් බලා ඇත. රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර කාලයක් තිස්සේ පවතින මෙම තදබදයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති. නාවල ඇතුළු ප්‍රවේශ මාර්ගවලින් උදය වරුවේ රාජගිරියට ඇතුළුවීමට උත්සාහ දරන කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන් පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ…
අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය. ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත. ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත. එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව…
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන වැලිගම වැලිහිද ප්‍රදේශයේ හෝටලයක් වටලා මෝල්ඩෝවා ජාතික තරුණයකු ඊයේ සවස සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. ඒ පිළිබඳව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ. අදාල හෝටලයේ වායු සමනය කළ කාමරයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. 18 හැවිරිදි සැකකාර මෝල්ඩෝවා ජාතිකයා මෙරට පදිංචි කිහිප දෙනකුගේ ද සහාය ඇතිව මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසිය සැක කරයි. එම ස්ථානයේ තිබී අවර්ණ රසායනික දියර සහිත…
