Author: LANKA24X7

‍අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම සිද්ධිය සැකකරුවකු වශයෙන් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

Read More

ටී56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් සමඟ පුද්ගලයෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වෙත ලැබුණ තොරතුරක් මත ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදි ඔහු සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 02ක් සහ පතරොම් 45ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකකරු 64 හැවිරිදි සාදමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවය. අදාළ ගිනිඅවි උපයෝගි කර ගෙන මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකිරීමට ද සැකකරු විසින් සූදානමින් සිට ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී…

Read More

පොලීසිය විසින් ආරම්භ කර ඇති රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම මෙහි මූලික අරමුණු වූ අතර ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස සිට මෙම මෙහෙයුම් ආරම්භ කෙරිණි. ඒ අනුව සිදුකරන ලද මුළු වැටලීම් 987 අතුරින් මෙම සැකකරුවන් පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 513ක්ද, අයිස් ග්‍රෑම් 890ක්ද, ගංජා පැල 35,349ක්ද ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මත්ද්‍රව්‍ය මිලදී ගෙන වෙනත් පුද්ගලයෙකු ලබා මෙරට ගෙන්වා සිය නිවසේ සඟවා ගෙන ඇති බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය‍. සැකකරු විසින් විවිධ පුද්ගලයින් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන තිබේ. පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක්…

Read More

රිය අනතුරකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලිසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් මහතා පවසයි. ඔහු පවසන්නේ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර ගන්නා බවය. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රීයේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුවු අතර එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය. කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

Read More

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ. සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ (14) සිදුවූ වෙඩිතැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා සහ පුතා වන බවට ද කරුණු අනාවරණය කර ගෙන ඇත. එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන අතර පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර…

Read More

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද(15) කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පාසල් 147ක් හෙට දිනයේ දී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය. පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිළ ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්…

Read More

මහනුවර – ගොහාගොඩ මාර්ගයේ නායගිය ස්ථානවල පස් සහ ගල් ඉවත් කිරිමේ රාජකාරියේ නිරත සේවකයාට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවා අද (14) අධිකරණයට වෙත ඉදිරිපත් කළ බවය. මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ (13) බහින්බස් වීමක් සිදුව ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහර දී තිබුණි. ඊට අදාළ වීඩියෝ පටයක් ද අයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබූ අතර එම වීඩියෝ පටයද සමාජ මාධ්‍ය…

Read More

බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව සමනලවැව පොලීසිය පවසයි. නිවස ආසන්නයේ ඇති ඉඩමක තිබී මෙම තුවක්කුව පත්තු වී ඇති අතර එහිදී අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සමනලවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read More